Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 9:20 - Sinhala New Revised Version

20 මොර්දෙකයි ද මේ සිද්ධීන් වාර්තාගත කර අහෂ්වේරොෂ් රජුගේ සියලු ම රටවල ළඟ හා දුර සිටි සියලු ජුදෙව්වරුන්ට ලියුම් යවමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 මොර්දෙකයිද මේ දේවල් ලියා අහෂ්වේරොෂ් රජුගේ සියලුම රටවල ළඟ හා දුර සිටි සියලු යුදෙව්වරුන්ට ලියුම් යවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 9:20
16 හුවමාරු යොමු  

එකල සිවාන් මාසය වන තුන් වන මාසයේ විසිතුන් වන දා රජුගේ ලේකම්වරු ගෙන්වනු ලැබූ හ. මොර්දෙකයි අණ කළ සියල්ල ලෙස ජුදෙව්වරුන්ට ද රටවල් එකසිය විසිහතක් වූ ඉන්දියාවේ සිට එතියෝපියාව දක්වා තිබෙන රටවල දිශාධිපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද පළාත්වල අධිපතීන්ට ද ඒ ඒ රටේ අකුරුවලින් සහ ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් ද ජුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන් ද ලියා යවන ලදී.


එවිට පළමු වන මාසයේ දහතුන් වන දා රජුගේ ලේකම්වරුන් කැඳවන ලදුව හාමාන් අණ කළ සියල්ල ලෙස රජුගේ දිශාධිපතීන්ට ද, සියලු රටවල ආණ්ඩුකාරයන්ට ද, ඒ ඒ සෙනඟගේ අධිපතීන්ට ද, ඒ ඒ රටේ අකුරුවලින්, ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් රාජාඥාවක් ලියවා රාජ මුද්‍රාවෙන් යවනු ලැබී ය. අහෂ්වේරොෂ් රජුගේ නමින් එය ලියා රාජ මුද්‍රාව තබන ලදී.


හැම පුරුෂයෙකු ම තමාගේ ගෙදර ප්‍රධානියා විය යුතු ය කියා තමාගේ සෙනඟගේ භාෂාවෙන් ද එක එක රටේ අකුරුවලින් ද ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් ද ප්‍රකාශ කරන හැටියට ලියුම් ලියා යැවී ය.


ඉන්දියාවේ පටන් එතියෝපියාව දක්වා රටවල් එකසිය විසිහතක රජකම් කළ අහෂ්වේරොෂ්ගේ දවස්වල දී සිදු වූ සිදුවීම් මෙහි විස්තර කර ඇත. ඒ කාලයේ දී ඔහු සූසා නම් අගනුවර සිංහාසනාරූඪ ව සිටියේ ය.


එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, “මෙය සිහි වන පිණිස, “මම අමලෙක්වරුන් ගැන මතකයක් නැති වන සේ මිහි පිටින් ඔවුන් සම්පූර්ණයෙන් ම මකාදමමි’යි පොතක ලියා, එය ජෝෂුවාට ඇසෙන පරිදි කියන්නැ”යි වදාළ සේක.


එතුමන්ගේ මෙහෙකරු වන ඉශ්රායෙල් වංශයෙනි, එතුමන් විසින් තෝරාගනු ලැබූ තැනැත්තන් වන ජාකොබ් දරුවෙනි,


කුඩා නුවරවල වාසය කරන පිටිසර ජුදෙව්වරුන් අදාර් මාසයේ දහහතර වන දවස ප්‍රීතිමත්, ආනන්දජනක, එකිනෙකාට කෑම හා තෑගි යවන මංගල්‍ය දවසක් කරගෙන තිබෙන්නේ ඒ නිසා ය.


වසරක් පාසා වසරක් අදාර් මාසයේ දහහතර වන දාත් පහළොස් වන දාත් උත්සව දිනයක් ලෙස පවත්වන්නට නියම කෙළේ ය.


එබැවින් පූර් යන නාමය අනුව ඒ දවස්වලට පූරීම් යන නම තබන ලදී. එබැවින්, මේ හසුනේ ලියා තිබුණ දේ නිසා ද තමන් දුටු දේ නිසා ද තමන්ට සිද්ධ වූ දේ නිසා ද


ජුදෙව්වරු නියමිත විධියටත්, නියම කාලයටත් වසරක් පාසා වසරක් නොවරදවා ඒ දවස් දෙක උත්සව දවස් ලෙස පැවැත්වීමේ වගකීම තමන් උදෙසා ද මතු පරම්පරාවන් උදෙසා ද තමන්ට එකතු වන අය උදෙසා ද භාරගන්නට තීරණය කරගත්හ.


අබිහයිල්ගේ දුව වූ එස්තර් රැජින මොර්දෙකයි නම් ජුදෙව් ජාතිකයා සමඟ පූරීම් උත්සවය සම්බන්ධයෙන් ලියා දුන් පූර්ණ බලය මෙම දෙ වන ලියුමෙන් ස්ථීර කළා ය.


අල්ලාගෙන යනු ලැබූ සෙසු නායකයන්ට ද පූජකයන්ට ද දිවැසිවරුන්ට ද නෙබුකද්නෙශර් විසින් ජෙරුසලමෙන් බබිලෝනියට හිරකරුවන් වශයෙන් ගෙනයනු ලැබූ සෙනඟට ද දිවැසිවර ජෙරමියා විසින් ලියා යවන ලද හසුන මෙය වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්