Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 9:2 - Sinhala New Revised Version

2 තමන්ට අනතුරු කරන්නට උපා යෙදූ අයට පහර දෙන පිණිස අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල ජුදෙව්වරු තම තමන්ගේ නගරවල රැස් වූ හ. සියලු ජනයා ඔවුන් කෙරෙහි බියපත් ව සිටි බැවින් ඔවුන්ට විරුද්ධ ව සිටින්නට කිසිවෙකුට නුපුළුවන් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 යුදෙව්වරු තමුන්ට අනතුරු කරන්ට උපා යෙදූ අය පිට අත්හෙළන පිණිස අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල තමුන්ගේ නුවරවල රැස්වුණෝය. ඔවුන්ට විරුද්ධව සිටින්ට කිසිවෙකුට නුපුළුවන්විය; මක්නිසාද ඔවුන් නිසා භයක් සියලු ජනයන් පිට පැමුණුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 9:2
12 හුවමාරු යොමු  

රජුගේ අණ හා නියෝගය ප්‍රකාශ කරන ලද සියලු නගරවලත්, ප්‍රදේශවලත් ජුදෙව්වරුන්ට ප්‍රීති සන්තෝෂය ද මංගල්‍ය ලීලාවක් ද නිවාඩු දවසක් ද විය. ජුදෙව්වරුන් නිසා භීතියට පත් ව සිටි දේශයේ ජනයන්ගෙන් බොහෝ දෙනෙක්, ‘තුමූ ජුදෙව්වෝ ය’යි කියාගත්හ.


මේ ලියුම්වලින් රජතුමා සෑම නගරයක ම සිටි ජුදෙව්වරුන්ට සිය දිවි රැකගැනීම පිණිස සංවිධාන වීමටත්, ඔවුන්ට පහර දෙන්නට තැත් කළ කිනම් ජාතියක හෝ ප්‍රදේශයක හෝ සන්නද්ධ සේවාවන් ඔවුන්ගේ බාලයන් ද ස්ත්‍රීන් ද ඇතුළු සියලු දෙනා සමූලඝාතනය කරන්නත්, මරන්නත්, විනාශ කරන්නත්, ඔවුන්ගේ දේපළ පැහැර ගන්නත් අවසර දෙන ලදී.


දවස පුරා මම ඔබේ දැහැමි ක්‍රියා ගැන කතා කරන්නෙමි. මන්ද, මාගේ විනාශය සොයන්නන් ලජ්ජාවටත්, වියවුලටත් පත් කර ඇත.


මට පහර දෙන්නෝ පරාජය වී වැනසෙත් වා! මට හානි කරන්නට සොයන්නෝ ලජ්ජාවටත්, අපකීර්තියටත් පැමිණෙත් වා!


ජාතීනි, බියෙන් ඇලළී යන්න; පොළොවේ දුර බැහැර ප්‍රදේශවල ජනයෙනි, සවන් දෙන්න; සටනට සැරසෙන්න; එහෙත්, භයපත් වන්න. එසේ ය, සැරසෙන්න. එහෙත්, භයපත් වන්න.


එහෙත්, ඔව්හු කොල්ලයට අත නොපෙවුවෝ ය.


ඉශ්රායෙල්වරුන් සමඟ සටනට එළඹීමට ඔවුන්ගේ සිත් දැඩි කිරීම සමිඳාණන් වහන්සේ ම අදහස් කළ දෙයකි. මෙසේ කෙළේ, ඔවුන් කිසි දයාවක් නොලබා සහමුලින් ම විනාශකර දමනු ලබන පිණිස ය. මේ වනාහි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ දේ ය.


ඔවුන්ට මෙසේ කීවා ය: “සමිඳාණන් වහන්සේ මේ දේශය ඔබට දී තිබෙන බව ද ඔබ නිසා අප අතර භීතිය පැතිරී ගොස් තිබෙන බව ද සියලු දේශ වාසීන් ඔබේ පැමිණීම හේතුකොටගෙන මහත් සේ තැතිගෙන සිටින බව ද මම දනිමි.


“එහෙත් හෙෂ්බොන්හි රජ වූ සීහොන් අපට දේශය මැදින් යන්නට අවසර නුදුන්නේ ය. එසේ නුදුන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු ඔබේ බලයට පාවා දෙනු පිණිස, උන් වහන්සේ ඔහුගේ සිත දැඩි ලෙස මුරණ්ඩු කළ නිසා විය හැක.


“මම නුඹලාට පෙරටුව භීතිය හට ගන්වා, නුඹලාට මුණගැසෙන සියලු සෙනඟ වියවුල් කරවන්නෙමි, නුඹලාගේ සියලු සතුරන් නුඹලාට පිටුපා දුවන්නට සලසමි.


ඔව්හු යන්න ගියෝ ය. එහෙත් ඔවුන් අවට තිබූ නගරවල වැසියන් බියෙන් තැතිගත් බැවින් කිසිවෙක් ජාකොබ්ගේ පුත්‍රයන් ලුහුබැඳ නොගියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්