Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 6:4 - Sinhala New Revised Version

4 රජතුමා කතා කරමින්, “රාජාංගණයේ සිටින්නේ කවරෙක් දැ”යි ඇසී ය. ඒ අවස්ථාවේ දී හාමාන් තමා සෑදූ එල්ලුම්ගහේ මොර්දෙකයි එල්ලා දමන්න රජුට කියන පිණිස මැදුරේ පිටත රාජාංගණයට පැමිණ සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 රජද: මිදුලේ ඉන්නේ කවුදැයි ඇසීය. හාමාන් වනාහි තමා විසින් මොර්දෙකයි සෑදූ එල්ලුම්ගහේ ඔහු එල්ලාදමන්ට රජුට කථාකරන පිණිස රජගෙදර පිටත මිදුලට ඇවිත් සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 6:4
12 හුවමාරු යොමු  

එකල ඔහුගේ බිරිඳ වන සෙරෙෂ් ද ඔහුගේ සියලු මිත්‍රයෝ ද ඔහුට කතා කොට, “මීටර් විසිදෙකක් උස එල්ලුම් ගහක් සාදවා, මොර්දෙකයි එහි එල්ලා දමන පිණිස හෙට උදේ රජුට කතා කර, ඉන්පසු රජු සමඟ මංගල භෝජනයට ප්‍රීතියෙන් යන්නැ”යි කීවෝ ය. ඒ කීමට හාමාන් ප්‍රසන්න ව එල්ලුම් ගහ ඉදි කරවී ය.


“කැඳවනු නොලැබ ඇතුළු මළුවේ රජු වෙත පැමිණෙන ස්ත්‍රී-පුරුෂ කවරෙක් හෝ වේවා නීතිය අනුව මරණයට පත් කළ යුතු බව රජුගේ සියලු සේවකයෝ ද රජුගේ සියලු ප්‍රදේශවල සෙනඟ ද දනිති. ඒ නීතිය බල නොපාන්නේ, යමෙකු දෙසට රජු රන් ජයකොන්තය දිගු කළොත් ඒ අයට පමණකි. එහෙත්, රජු වෙත පැමිණෙන්නට කැඳවීමක් දැනට තිස් දවසකින් මට ලැබී නැත.”


සගලොව සිහසුන් අරා වැඩ සිටින උත්තමයාණෝ සිනාසෙන සේක.


තුන් වන දා එස්තර් රාජ වස්ත්‍ර පැළඳගෙන රජ මැදුර ඉදිරිපිට වූ රජුගේ ශාලාවේ ඇතුළු මිදුලට ගොස් සිටියා ය. රජතුමා රජ මැදුරේ දොරටුවට මුහුණ දී සිහසුන් අරා හුන්නේ ය.


ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.


දුබික් දුරු කොට දිවි රක්නා පිණිස ද එතුමාණෝ දිවැසින් බලන සේක.


කපටින් ඔවුන්ගේ ම උපාවලින් අසුකරගන්න සේක; ශූරයින්ගේ කුමන්ත්‍රණ සැණෙකින් බිඳ දමන සේක.


නපුංසකයන්ගෙන් එක් කෙනෙකු වන හර්බෝනා රජු ඉදිරියෙහි කතා කොට, “එපමණක් නොව, රජුගේ ජීවිතය බේරාගත් මොර්දෙකයි එල්ලීමට හාමාන් මීටර් විසිදෙකක් උස එල්ලුම් ගහක් ඔහුගේ ගෙදර ම ඉදි කරවා තිබේ ය”යි කී ය. “මොහු එසේ එල්ලා දමන්නැ”යි රජතුමා කීවේ ය.


“මේ ගැන මොර්දෙකයිට මොන ගරු සම්මානයක් කරන ලද්දේ දැ”යි රජු ඇසී ය. “ඔහුට කිසි දෙයක් කෙළේ නැතැ”යි රජුට සේවය කරන මෙහෙකරුවෝ කී හ.


“හාමාන් මිදුලේ සිටින්නේ ය”යි රජුගේ මෙහෙකරුවෝ ඔහුට කී හ. “ඔහු ඇතුළට ඒවා”යි රජතුමා කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්