Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එස්තර් 2:8 - Sinhala New Revised Version

8 රජුගේ ආඥාවත්, නියෝගයත් පළ කරනු ලැබූ කල්හි, බොහෝ කාන්තාවන් හෙගයිගේ රැකවරණය යටතේ තබන්නට සූසා අගනුවරට ගෙනෙනු ලැබූ විට, එස්තර් ද රජ මාලිගාවේ ස්ත්‍රීන්ගේ රැකවලා වන හෙගයිගේ රැකවරණයට ගෙනෙන ලද්දී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 තවද රජුගේ ආඥාවත් නියෝගයත් සැලවූ කල්හි බොහෝ තරුණියන් ෂූෂන් බලකොටුවට හෙගයිගේ රැකවරණයට රැස්වෙද්දී, එස්තර්ද රජගෙට, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයිගේ රැකවරණයට, ගෙනෙනලද්දීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 2:8
3 හුවමාරු යොමු  

මොර්දෙකයි දුව වශයෙන් හදාගත්, ඔහුගේ බාප්පා වන අබිහයිල්ගේ දූ වූ එස්තර්ට රජු ළඟට යාමට වාරය පැමිණි විට, රජුගේ නපුංසකයා වන, ස්ත්‍රීන්ගේ රැකවලා වූ හෙගයි නියම කළ දේ හැර ඈ වෙන කිසිවක් නොඉල්ලුවා ය. එස්තර් දුටු සියල්ලෝ ඈට ප්‍රිය වූ හ.


එබඳු රූපසම්පන්න සියලු කන්‍යාවන් සූසා අගනුවර ඇති අන්තඃපුරයට ගෙනෙනු ලබන පිණිස රාජ්‍යයේ සියලු ප්‍රදේශවල නිලධාරීන්ට රජු විසින් නියම කරනු ලැබේවා. ස්ත්‍රීන් භාර ව සිටින්නා ද රජවරුන්ගේ නපුංසකයා ද වන හෙගයිගේ රැකවරණයට ඔවුන් භාර කරනු මැනව. ඒ කාන්තාවන්ට ඔවුන්ගේ රූපලාවණ්‍යය සඳහා අවශ්‍ය දේ සපයා දෙනු මැනව.


ඒ දර්ශනය මා දකින විට, මා ඒලාම් පළාතෙහි පිහිටි සූසා නම් අග නුවර ඇති ඌලයි නම් ගඟ ළඟ සිටින බව දුටුවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්