Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 2:15 - Sinhala New Revised Version

15 මොර්දෙකයි දුව වශයෙන් හදාගත්, ඔහුගේ බාප්පා වන අබිහයිල්ගේ දූ වූ එස්තර්ට රජු ළඟට යාමට වාරය පැමිණි විට, රජුගේ නපුංසකයා වන, ස්ත්‍රීන්ගේ රැකවලා වූ හෙගයි නියම කළ දේ හැර ඈ වෙන කිසිවක් නොඉල්ලුවා ය. එස්තර් දුටු සියල්ලෝ ඈට ප්‍රිය වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 මොර්දෙකයි විසින් දුවකොට හදාගත්තාවූ, තමාගේ බාප්පා වන අබිහයිල්ගේ දූවූ එස්තර්ට රජු ළඟට යාමට වාරය පැමුණුණ විට රජුගේ නපුංසකයාවූ, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයි නියමකළ දේ හැර ඈ වෙන කිසිවක් නොඉල්ලුවාය. එස්තර් දුටු සියල්ලෝ ඈට ප්‍රියවුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 2:15
10 හුවමාරු යොමු  

මාගේ පරෙවි දෙනට, මාගේ නිර්මල තැනැත්තියට සම වූ අන් කෙනෙක් නැත. ඈ ඇගේ මවගේ එක ම දැරිය ය; ඈ බිහි කළ මවගේ ප්‍රියතම තැනැත්තී ය. වනිතාවෝ ඈ දැක ‘ඈ වාසනාවන්තී ය’යි කී හ. එසේ ය, බිසෝවරු ද උපභාර්යාවෝ ද ඇය දැක ඇය වර්ණනා කළහ.


එබඳු රූපසම්පන්න සියලු කන්‍යාවන් සූසා අගනුවර ඇති අන්තඃපුරයට ගෙනෙනු ලබන පිණිස රාජ්‍යයේ සියලු ප්‍රදේශවල නිලධාරීන්ට රජු විසින් නියම කරනු ලැබේවා. ස්ත්‍රීන් භාර ව සිටින්නා ද රජවරුන්ගේ නපුංසකයා ද වන හෙගයිගේ රැකවරණයට ඔවුන් භාර කරනු මැනව. ඒ කාන්තාවන්ට ඔවුන්ගේ රූපලාවණ්‍යය සඳහා අවශ්‍ය දේ සපයා දෙනු මැනව.


සියලු දුක්වලින් ඔහු මුදා, මිසරයේ රජ වූ පාරාවෝ ඉදිරියෙහි වරප්‍රසාදයත් ප්‍රඥාවත් ඔහුට දුන් සේක. පාරාවෝ තෙමේ මිසරයට ද තමාගේ මුළු රජ ගෙදරට ද, පාලකයා ලෙස ඔහු පත් කෙළේ ය.


අබිහයිල්ගේ දුව වූ එස්තර් රැජින මොර්දෙකයි නම් ජුදෙව් ජාතිකයා සමඟ පූරීම් උත්සවය සම්බන්ධයෙන් ලියා දුන් පූර්ණ බලය මෙම දෙ වන ලියුමෙන් ස්ථීර කළා ය.


මම පවුරක් මෙන් සිටිමි. මාගේ පියයුරු එහි කොත් කුළුණු ය. ඒ නිසා මා පෙම්වතා අබිමුව ලත් දෙයින් තුටු වී සාමයෙන් සිටිමි.


ඈ සවස ගොස් පසු දා උදේ රජුගේ නපුංසකයා වන, උපභාර්යාවන්ගේ රැකවලා වූ ෂයෂ්ගාස්ගේ රැකවරණයට භාර වන පිණිස දෙ වන අන්තඃපුරයට යන්නී ය. රජ ඈට ප්‍රිය වී නම්, ඇගේ නම කියා ඈට අඬගැසුවොත් මිස ඈ රජු ළඟට තවත් පැමිණියේ නැත.


මෙසේ එස්තර් තොමෝ අහෂ්වේරොෂ් රජුගේ රජකම් කිරීමේ සත් වන අවුරුද්දේ තේබෙත් නම් දස වන මාසයේ දී රජ මැදුරට රජු වෙත ගෙනයනු ලැබුවා ය.


ඒ දවසේ දී අහෂ්වේරොෂ් රජ ජුදෙව්වරුන්ගේ සතුරා වූ හාමාන්ගේ ගේදොර එස්තර් රැජිනට දුන්නේ ය. තවද, මොර්දෙකයි රජතුමා ඉදිරිපිටට පැමිණියේ ය. මන්ද, එස්තර් හා මොර්දෙකයි අතර ඇති නෑකම රජුට දන්වා තිබිණි.


දේව ගරුබිය ප්‍රඥාවේ පාසලකි; යටහත්පහත්කම ගරු බුහුමන් ලැබීමට මඟකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්