Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 8:14 - Sinhala New Revised Version

14 එකල උන් වහන්සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ උතුරට තිබෙන දොරටුවේ දොරකඩට මා ගෙනා සේක. එවිට ස්ත්‍රීන් තම්මුස් දෙවියා ගැන අඬමින් එහි ඉඳගෙන සිටිනු දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එකල උන් වහන්සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ උතුරට තිබෙන දොරටුවේ දොරකඩට මා ගෙනා සේක. එවිට ස්ත්‍රීන් තම්මුස් දෙවියා ගැන අඬමින් එහි ඉඳගෙන සිටිනු දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 එකල උන්වහන්සේ උතුරට තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරටුවේ දොරකඩට මා ගෙනාසේක; එවිට ස්ත්‍රීන් තම්මුස් ගැන අඬමින් එහි ඉඳගෙන ඉන්නවා දුටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 8:14
5 හුවමාරු යොමු  

“එහෙත්, දේශයේ සෙනඟ නියම කාලවල දී සමිඳාණන් වහන්සේ ඉදිරියට ඇතුළු වන කල, නමස්කාර කරන්න උතුරු ද්වාර මණ්ඩපයෙන් ඇතුළු වන අය දකුණු ද්වාර මණ්ඩපයෙන් පිටතට යා යුතු ය. දකුණු ද්වාර මණ්ඩපයෙන් ඇතුළු වන අය උතුරු ද්වාර මණ්ඩපයෙන් පිටතට යා යුතු ය. කවුරු නමුත්, ඇතුළු වන ද්වාර මණ්ඩපයෙන් හැරී නොගොස් ඊට ඉදිරියට ගමන් කළ යුතු ය.


එවිට ඔහු උතුරු දොරටුවේ මාර්ගයෙන් මාලිගාවේ ඉස්සරහ පැත්තට මා පැමිණෙව්වේ ය. මා බැලූ විට සමිඳාණන් වහන්සේගේ මාලිගාව සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් පිරී තිබෙන බව දැක මම මුණින්තළා වී වැටුණෙමි.


“ඔවුන් කරන තවත් මහා පිළිකුල්කම් නුඹ නැවත දකින්නෙහි ය”යි උන් වහන්සේ මට වදාළ සේක.


උන් වහන්සේ මට කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, නුඹ මෙය දුටුවෙහි ද? මීටත් වඩා තවත් පිළිකුල්කම් නැවත නුඹ දකින්නෙහි ය”යි මට වදාළ සේක.


එසේ මාගේ නියෝග ප්‍රකාර නොහැසිර, මාගේ පණත් ඉෂ්ට නොකොට, නුඹලා අවට සිටින ජාතීන්ගේ පණත් ප්‍රකාරයට ක්‍රියා කළහු ය.’ “


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්