Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 47:13 - Sinhala New Revised Version

13 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් ගෝත්‍ර දොළොසට නුඹලා දේශය බෙදා දිය යුතු මේ සීමා අනුව ය. ජෝසෙප්ට කොටස් දෙකක් ලැබෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් ගෝත්‍ර දොළොසට නුඹලා දේශය බෙදා දිය යුතු මේ සීමා අනුව ය. ජෝසෙප්ට කොටස් දෙකක් ලැබෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් ගෝත්‍ර දොළසට නුඹලා දේශය බෙදා දිය යුතු මේ සීමාවේ හැටියටය–යෝසෙප්ට කොටස් දෙකක් ලැබෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 47:13
12 හුවමාරු යොමු  

ඒ කාලයේ දී ජුදා වංශය ඉශ්රායෙල් වංශය සමඟ එක් වී උතුරු දේශයේ සිට මා විසින් නුඹලාගේ පියවරුන්ට උරුම කර දෙන ලද දේශයට එක් ව එනු ඇත.”


තවද, මා නුඹ වෙත මිසරයට එන්නට පෙර, නුඹට දාව මිසර දේශයේ දී බිහි වුණ නුඹේ පුත්තු දෙදෙන මාගේ වන්නෝ ය. රූබන් සහ සිමියොන් මෙන් ම එප්‍රායිම් සහ මනස්සේ මාගේ වන්නෝ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්හි හැම ගෝත්‍රයකම මා දෙවියන් වහන්සේ ද ඔවුන් මාගේ සෙනඟ ද වන කාලය පැමිණෙන්නේ ය.


ඉශ්රායෙල්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ මොවුහු ය. ඔහු කුලුඳුලා ව සිටි නමුත්, තම පියාගේ උපභාර්යාවන් සමඟ සේවනයෙහි යෙදුණු නිසා, ඔහුගේ කුලුඳුල්කම ඉශ්රායෙල්ගේ පුත් ජෝසෙප්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය; කුලුඳුල්කමේ හැටියට පෙළපත ගණන් නොගන්නා ලද්දේ ය.


ධාන්‍ය හා කුසුම්හි ආසිරි ද පුරාතන කඳුවල ආසිරි ද සදාතන හෙල්වල හොඳ හොඳ දේ ද ජෝසෙප්ගේ හිස මත පතිත වේ වා! තම සොහොයුරන් අතර කැප කරන දේ ද ඔහුගේ හිස් මුදුන්හි පතිත වේ වා!


“ඉශ්රායෙල් ගෝත්‍රවලට උරුමයක් පිණිස නුඹලා පස ඇට දමා බෙදිය යුතු දේශය එය වේ. ඔවුන්ගේ කොටස් ඒවා ය.” මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:


මනස්සේ සහ එප්‍රායිම් යන ජෝසෙප්ගේ පුත්‍රයෝ මෙසේ තමන්ගේ උරුමය ලැබූ හ.


ජෝසෙප්ගේ කුලුඳුලා වූ මනස්සේගේ ගෝත්‍රයට ලැබුණු කොටස මේ ය. මනස්සේගේ කුලුඳුලා වූ ගිලියද්ගේ පිය වූ මාකීර් යුද්ධ භටයෙකු බැවින් ඔහුට ගිලියද් ද බාෂාන් ද ලැබුණේ ය.


“ගෝත්‍රවල නාම මේවා ය: උතුරෙන් පටන්ගෙන හමාත්ට පැමිණෙන හෙත්ලොන්හි මාර්ගය ද උතුරෙහි හමාත් ඉදිරිපිට දමස්කයේ සීමාවේ පිහිටි හශර්-ඒනාන් දක්වා නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර දක්වා ද දාන්ට එක කොටසක් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්