Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 44:19 - Sinhala New Revised Version

19 ඔවුන් පිට මළුවට එනම්, පිට මළුවේ සෙනඟ ළඟට යන කල, ඔවුන් සේවය කරන්නට අඳින තමන්ගේ වස්ත්‍ර ගලවා, ඒවා ශුද්ධස්ථානයේ කාමරවල තබා, තමන්ගේ ශුද්ධ වස්ත්‍රවලින් සෙනඟට නපුරක් නොවන ලෙස වෙන වස්ත්‍ර ඇඳගනිත් වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඔවුන් පිට මළුවට එනම්, පිට මළුවේ සෙනඟ ළඟට යන කල, ඔවුන් සේවය කරන්නට අඳින තමන්ගේ වස්ත්‍ර ගලවා, ඒවා ශුද්ධස්ථානයේ කාමරවල තබා, තමන්ගේ ශුද්ධ වස්ත්‍රවලින් සෙනඟට නපුරක් නොවන ලෙස වෙන වස්ත්‍ර ඇඳගනිත් වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 ඔවුන් පිට-මළුවට එනම් පිට-මළුවේ සෙනඟ ළඟට යන කල, ඔවුන් සේවයකරන්ට අඳින තමුන්ගේ වස්ත්‍ර ගළවා, ඒවා ශුද්ධස්ථානයේ කාමරවල තබා, තමුන්ගේ වස්ත්‍රවලින් සෙනඟ විශුද්ධ නොකරන පිණිස වෙන වස්ත්‍ර ඇඳගනිත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 44:19
13 හුවමාරු යොමු  

ඔහු ද කතා කරමින්, “මේක පූජකයන් අපරාධ පූජාව සහ පාප පූජාව තම්බන්නටත්, ආහාර පූජාව බදින්නටත් වෙන් කර ඇති ස්ථානය වේ. එසේ කරන්නේ, සෙනඟ ශුද්ධ කරන පිණිස ඒවා පිට මළුවට නොගෙන යන පිණිස ය”යි මට කීවේ ය.


එම සතාගේ මාංසයට ස්පර්ශ වන සෑම දෙයක් ම ශුද්ධ වනු ඇත. එයින් ලේ ස්වල්පයක් යම්කිසි වස්ත්‍රයක ගෑවුණොත්, ගෑවුණු වස්ත්‍රය ශුද්ධස්ථානයක සේදිය යුතු ය.


මෙසේ ඒවා ශුද්ධ වන පිණිස කැප කළ යුතු ය. ඒවා ස්පර්ශ වන සෑම දෙයක් ද ශුද්ධ වනු ඇත.


දවස් හතක් ම නුඹ පූජාසනයේ පව් දුරලීමේ වත්පිළිවෙත් කොට එය විශුද්ධ කළ යුතු යි. එවිට එය අතිශුද්ධ පූජාසනය වනු ඇත. එය ස්පර්ශ කරන සෑම කෙනෙකු ම ශුද්ධ වනු ඇත.”


“ඔහු පූජක හණ කබාය හැඳ, හණ කලිසම් ලාගෙන, හණ පටිය ඉණ වටා බැඳ, හණ මකුටයෙන් සැරසී සිටිය යුතු ය. මේවා ශුද්ධ වස්ත්‍ර වන බැවින්, ඒවා ලාගත යුත්තේ ජලස්නානය කළ පසුව ය.


“ඉන්පසු ආරොන් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වී ශුද්ධස්ථානයට යන විට, ලාගෙන සිටි හණ වස්ත්‍ර ලිහා ඒවා එහි තැබිය යුතු ය.


යමෙකු තමාගේ වස්ත්‍ර කෙළවරේ කැප කරන ලද මාංසය ගෙන යන විට ඒ වස්ත්‍ර කෙළවර රොටිවල හෝ පිදූ හොදිවල හෝ මිදියුසවල හෝ තෙල්වල හෝ වෙන‍යම් කෑමක හෝ ගෑවුණොත් ඒවා ඒ හේතුවෙන් කැප කළ ආහාර වන්නේ ද?” ඒ ප්‍රශ්නය ඇසූ විට පූජකයෝ, “නැතැ”යි පිළිතුරු දුන්හ.


තවද, නැති වූ දෙයක් සම්බ වූ පසු ඒ ගැන බොරු කීමෙන් ද බොරුවට දිවිරීමෙන් ද එවැනි කිසියම් කාරණාවකට අදාළ ව පව් කරන්නේ නම්,


ඔහු මෙලෙස පව් කළ බැවින් වරදකරුවෙක් වන්නේ ය. ඔහු උදුරාගත් දේ ද රැවටීමෙන් ගත් දේ ද ප්‍රවේසමට තබා ගැන්මට දුන් දේ ද නැති වූ පසු සොයා ගත් දේ ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්