Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 40:22 - Sinhala New Revised Version

22 එහි කවුළු ද එහි ශාලා ද තල් ගස් ද නැගෙනහිරට තිබුණු දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේ ය. එයට නඟින්නට පඩි සතක් විය. එහි ශාලා ද ඒවා ඉදිරිපිට තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එහි කවුළු ද එහි ශාලා ද තල් ගස් ද නැගෙනහිරට තිබුණු දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේ ය. එයට නඟින්නට පඩි සතක් විය. එහි ශාලා ද ඒවා ඉදිරිපිට තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 ඒකේ කවුළුද ඒකේ ශාලාද තල්ගස්ද නැගෙනහිරට තිබුණු දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේය; පඩි සතකින් ඒකට නැංගෝය; ඒකේ ශාලාද ඒවා ඉදිරිපිට තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 40:22
17 හුවමාරු යොමු  

එහි ශාලා පිට මළුව දෙසට තිබිණි. එහි කණුවල දෙපැත්තෙහි තල් ගස් ද ඒකට නඟින්නට පඩි අටක් ද විය.


එහි ශාලා පිට මළුව දෙසට තිබිණි. එහි කණුවලට තල් ගස් ද එයට නඟින්නට පඩි අටක් ද තිබිණි.


ශාලාවේ දිග මීටර් දහයකි. පළල මීටර් හයකි. ඊට නඟින්න පඩි දහයක් තිබිණි. කුළුණුවලට කණු එක පැත්තක එකක් ද අනික් පැත්තෙහි එකක් ද බැගින් තිබුණේ ය.


ඒ කුඩා මුර කාමරවලටත්, ඒවායේ කණුවලටත් ප්‍රවේශ ශාලාවේ ඇතුළු පැත්තේ වටේට පටු කවුළු තිබුණේ ය. කණුවල තල් ගස් කැටයම් කර තිබුණේ ය.


ඔහු නැගෙනහිර දෙසට තිබෙන දොරටුවට අවුත්, එහි පඩිවලින් නැඟී එළිපත්ත මැන්නේ ය. එය මීටර් තුනක් උස ය.


එහි ශාලා පිට මළුව දෙසට තිබිණි. එහි කණුවල දෙපැත්තෙහි තල් ගස් ද එයට නඟින්නට පඩි අටක් ද විය.


එයට නඟින්නට පඩි සතක් තිබිණි. එහි ශාලා ද ඒවා ඉදිරිපිට තිබිණි. එක පැත්තක එකක් ද අනික් පැත්තෙහි එකක් ද බැගින් එහි කණුවල තල් ගස් කැටයම් කර තිබුණේ ය.


ඉන්පසු සියලු ජාතීන්ගෙන් ද ගෝත්‍රවලින් ද ජන සමූහයාගෙන් ද භාෂාවන්ගෙන් ද කිසිවෙකුට ගණන් නොකළ හැකි තරම් ඉමහත් පිරිසක්, සුදු සළු පැළඳ, තාල පත්‍ර අතින් ගෙන, සිංහාසනය හා බැටළු පෝතකයාණන් ඉදිරියෙහි සිටිනු මම දිටිමි.


එබැවින් ක්‍රිස්තුන් වහන්සේගේ මූලික ඉගැන්වීම් පසුකර යමු. නිෂ්ඵල ක්‍රියාවලින් හැරීම ද දෙවියන් වහන්සේ කෙරේ ඇදහීම ද


ඔහු ලොකු මාලිගාවේ ඇතුළ දේවදාර ලීවලින් වසා, එහි පෙරූ රත්රන් ආලේප කොට, ඒ මතු පිට තල්ගස් ද දම්වැල් ද සාදා,


ඔහු එහි ලීස්තරවල ලෑලිවල ද එහි පනේලවල ද ඒ ඒ ඉඩ ප්‍රමාණයට කෙරුබ් රූප ද සිංහ රූප ද තල් ගස් ද කැටයම් කෙළේ ය. වටේට මාලා ද තිබිණි.


ඔහු ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කපා, ඒ කැටයම් පිට සම ලෙස රත්රන් ගෑවේ ය.


ඔලීව ලීවලින් සෑදූ ඒ දොරවල් දෙකේ ඔහු කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කැටයම් කර, රන් ආලේප කර, කෙරුබ්වරුන්ගේ රූප හා තල් ගස් පිටත් රන් ගෑවේ ය.


වටකර ඇතුළෙනුත්, පිටිනුත් මාලිගාවේ සියලු බිත්තිවල ඔහු කෙරුබ් රූප ද තාල වර්ගයේ ගස් ද පිපුණු මල් ද කොටා කැටයම් වැඩ කෙළේ ය.


ඒ කවුළු මෙන් ම වටකර මෙයටත්, මෙහි ශාලාවලටත් කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහකි. පළල මීටර් දොළහමාරකි.


එහි මුරගෙවල් ද එහි කණු ද එහි ශාලා ද ඒ මිමිවල ප්‍රකාරයට තිබුණේ ය. වටකර ම එයටත් එහි ශාලාවලටත් කවුළු තිබුණේ ය. එහි දිග මීටර් විසිපහක් ය, පළල මීටර් දොළහමාරකි;


ජනේල තට්ටු තුනක් තිබුණේ ය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්