Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 39:2 - Sinhala New Revised Version

2 මම නුඹ අන් දෙසකට හරවා, නුඹ ඉදිරියට ගෙන ගොස් උතුරේ දුරස්ථානවලින් නුඹ ගෙනවුත් ඉශ්රායෙල් කඳු පිටට නුඹ පමුණුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 මම නුඹ අන් දෙසකට හරවා, නුඹ ඉදිරියට ගෙන ගොස් උතුරේ දුරස්ථානවලින් නුඹ ගෙනවුත් ඉශ්රායෙල් කඳු පිටට නුඹ පමුණුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 මම නුඹ හරවා, නුඹ ඇද, උතුරේ දුරස්ථානවලින් නුඹ ගෙනැවිත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 39:2
8 හුවමාරු යොමු  

ඈත උතුරේ නුඹලාගේ වාසස්ථාන අත්හැරදමා නුඹ සහ නුඹ සමඟ බොහෝ ජාතීන් සියල්ලක් ම අසුන් පිට නැඟී මහා සමූහයක් ව, බලවත් සේනාවක් ව එනු ඇත.


මට විරුද්ධ ව තිබෙන නුඹේ කැරලිකාරකම නිසා ද නුඹේ අහංකාර වචන මාගේ කන්වල වැකුණ නිසා ද නුඹේ නාසයේ කොක්කක් අමුණා, කටේ කටකලියාවක් දමා නුඹ පැමිණි මාර්ගයේ ම නුඹ ගෙන යන්නෙමි.”


මා නැසීමට සොයන්නෝ ලජ්ජා වී, වියවුල් වෙත්වා. මාගේ විනාශයට ආශා වූවෝ පසු බැස අපකීර්තියට පැමිණෙත් වා!


“නියමිත අවසාන කාලයේ දී, මිසරයේ රජ ඔහුට විරුද්ධ ව පැමිණෙන්නේ ය. එහෙත්, සිරියාවේ රජු සුළි සුළඟක් සේ රථවාහන ද අසරුවන් ද බොහෝ නැව් ද සමඟ ඔහුට විරුද්ධ ව සටනට එළඹෙන්නේ ය. ඔහු ගලා යන ජලගැල්මක් සේ රටවල් උඩින් කඩා බිඳගෙන යන්නේ ය.


සුළඟට ගසාගෙන යන දුමක් මෙන් එතුමාණෝ ඔවුන් පහකරන සේක; ගිනි ළඟ දිය වන ඉටි මෙන් දෙවිඳුන් අබිමුව දුදනෝ වැනසී යෙත් වා!


“එහි උතුරු දිශාවේ සියලු උත්තමයෝ ද සියලු සීදොන්වරු ද සිටිති. ඔව්හු මැරුම්කෑ අය සමඟ බැස ගියෝ ය. ඔව්හු තමන්ගේ බලවන්තකමෙන් ඉපදවූ භීතිය ගැන ලජ්ජා වී, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉඳ, වළ පල්ලට යන්නන් සමඟ තමන්ගේ නින්දාව දරති.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාළ සේක: “තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොග් රජුට විරුද්ධ ව දිවැස් වැකි පවසමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. ‘බලන්න, රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන ගොග් රජු වන නුඹට මම විරුද්ධ ව සිටිමි.


නුඹේ දුන්න නුඹේ වමතින් ගසාදමා, නුඹේ ඊගස් නුඹේ දකුණතින් වැටෙන්නට සලස්වන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්