Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 36:7 - Sinhala New Revised Version

7 එබැවින් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලා අවට සිටින ජාතීන් ම එම නින්දාව දරනු ඇත කියා දිවිරීමට මම ම මාගේ අත එසෙව්වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 එබැවින් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලා අවට සිටින ජාතීන් ම එම නින්දාව දරනු ඇත කියා දිවිරීමට මම ම මාගේ අත එසෙව්වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා අවට සිටින ජාතීන්ම තමුන්ගේ නින්දාව දරනවා ඇත කියා දිවිරීමට මමම මාගේ අත එසෙවුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 36:7
14 හුවමාරු යොමු  

අහෝ සමිඳුනි, අපේ අසල්වාසීන් ඔබට සමච්චල් කර ඇත. එය හත් ගුණයකින් ඔවුන් වෙත ම හැරෙවුව මැනව.


මම උතුරු දිශාවේ සියලු ජාතීන් ද බබිලෝනියේ රජු වන මාගේ සේවක නෙබුකද්නෙශර් ද ගෙන්වන්නෙමි. මා ඔවුන් ගෙන්වන්නේ, මේ දේශයට හා මෙහි වැසියන්ටත්, අවට ජාතීන්ටත් විරුද්ධ ව සටන් කරන පිණිස ය. මම සහමුලින් ම ඔවුන් විනාශ කරන්නෙමි. ඔව්හු නින්දාවට ද සමච්චලයට ද සදා අපවාදයට ද භාජන වන්නෝ ය.


තවද, මා ඔවුන්ට දුන් කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන සියලු දේශවලට වඩා උතුම් දේශයට ඔවුන් නොපමුණුවමි යි කාන්තාරයේ දී ඔවුන්ට විරුද්ධ ව අත ඔසවමි යි දිවුරා කීවෙමි.


ඔවුන්ට මෙසේ කියන්න: ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මා ඉශ්රායෙල් තෝරාගත් විට, ජාකොබ්ගේ වංශයට මම පොරොන්දුවක් වීමි.


නුඹට විරුද්ධ ව විජාතීන්ගේ අපහාස කතා අසන්න මම තවත් ඉඩ නොදෙන්නෙමි. ජනයන්ගේ නින්දාව නුඹ තවත් විඳින්නේ වත් නුඹ තවත් නුඹේ ජාතිය පැකිළෙන්න සලස්වන්නේ වත් නැතැ යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”


“එබැවින් ඉශ්රායෙල් රට ගැන දිවැස් වැකි කියමින්, කඳුවලටත් හෙල්වලටත් දෙණිවලටත් මිටියාවත්වලටත් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, නුඹලා ජාතීන්ගෙන් වූ නින්දාව දැරූ නිසා මාගේ කෝපාග්නියෙන් ද මාගේ උදහසින් ද මම කතා කෙළෙමි.


“එහෙත් එම්බා ඉශ්රායෙල් කඳු! නුඹලා මත ඇති ගස්වල දලු ලියලා මාගේ සෙනඟ වන ඉශ්රායෙල් උදෙසා පල දරා දෙනු ඇත; ඔවුන් ආපසු එන්න ළඟ ය.


අහසට මා අත ඔසවා දිවුරා කියමි, මා සදහට ම ජීවත් ව සිටින්නාක් මෙන්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්