Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 36:33 - Sinhala New Revised Version

33 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලාගේ සියලු අපරාධවලින් මා නුඹලා පිරිසිදු කරන දවසේ දී මම නගරවල මිනිසුන් ජනාකීර්ණ කරන්නෙමි. නටබුන් නගර ද ගොඩනඟනු ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලාගේ සියලු අපරාධවලින් මා නුඹලා පිරිසිදු කරන දවසේ දී මම නගරවල මිනිසුන් ජනාකීර්ණ කරන්නෙමි. නටබුන් නගර ද ගොඩනඟනු ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ සියලු අපරාධවලින් මා විසින් නුඹලා පිරිසිදුකරන දවසේදී මම නුවරවල මිනිසුන් වාසයකරවන්නෙමි, පාළු ඉඩම්ද ගොඩනගනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 36:33
11 හුවමාරු යොමු  

මම නුඹලා පිට මනුෂ්‍යයන් එනම්, මුළු ඉශ්රායෙල් වංශය ම වැඩි වර්ධනය කරන්නෙමි. නගර ජනාකීර්ණ වනු ඇත. පාළු තැන් ද ගොඩනඟනු ලැබේ.


නුඹලාගේ බොහෝ කලක සිට පැවත එන නටබුන් ව තිබුණු තැන් ගොඩනඟනු ලබන්නේ ය. පැරණි අත්තිවාරම් පිට ගොඩනැඟිලි නැවත ඉදි කරනු ලබන්නේ ය. කැඩුම්බිඳුම් සෑදූ, වාසය පිණිස නටබුන් නැවත අලුත්වැඩියා කළ අය වශයෙන් නුඹලා හඳුන්වනු ලබන්නහු ය.”


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “එය සෙනඟ වත්, මෘගයන් වත් වාසය නොකරන කාන්තාරයක් වන්නේ යයි සෙනඟ කියති. ජුදාවේ නගර ද ජෙරුසලමේ වීදි ද හිස් බව සැබෑ ය; එහි සෙනඟ වත්, මෘගයෝ වත් නැත. එහෙත්, මේ තැන්වල යළිත්,


මනුෂ්‍යයෙකු වත්, මෘගයෙකු වත් නැති ව එය පාළුවක් වී බබිලෝනිවරුන්ගේ අතට පාවා දී තිබේ යයි නුඹලා කියන මේ දේශයෙහි යළිත් කෙත් මිලේට ගනු ලබන්නේ ය.


මාගේ කෙලෙස් මලින් මා මුළුමනින් සෝදාලුව මැනව; මාගේ පාප මලින් මා පිවිතුරු කළ මැනව.


ඔව්හු පැරණි නටබුන් ගොඩනඟති; නැති නාස්ති වූ තැන් අලුත්වැඩියා කරති; පරම්පරා ගණනාවක් තුළ නටබුන් ව පාළු ව තිබුණ නගර ප්‍රතිසංස්කරණය කරති.


ඔවුන් මට විරුද්ධ ව කළ ඔවුන්ගේ සියලු පාපයෙන් මම ඔවුන් පිරිසිදු කරන්නෙමි; මට විරුද්ධ ව පව් කිරීමෙන් ද මට විරුද්ධ ව ද්‍රෝහිකම් කිරීමෙන් ද කළ ඔවුන්ගේ සියලු ම අයුතුකම් ඔවුන්ට කමා කරන්නෙමි.


මඟ යන සියල්ලන්ගේ ඇස් හමුයෙහි පාළුවක් ව තිබුණ දේශය අස්වද්දනු ලබන්නී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්