Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 33:9 - Sinhala New Revised Version

9 එසේ වී නමුත් තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස නුඹ ඒ ගැන දුෂ්ටයාට අවවාද කළ කල්හි ඔහු තමාගේ මාර්ගයෙන් නොහැරුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා නසිනු ඇත. එසේ වූවොත්, නුඹේ ප්‍රාණය නුඹ ගළවාගනු ඇත.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එසේ වී නමුත් තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස නුඹ ඒ ගැන දුෂ්ටයාට අවවාද කළ කල්හි ඔහු තමාගේ මාර්ගයෙන් නොහැරුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා නසිනු ඇත. එසේ වූවොත්, නුඹේ ප්‍රාණය නුඹ ගළවාගනු ඇත.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 එසේවී නුමුත් තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස නුඹ ඒ ගැන දුෂ්ටයාට අවවාදකළ කල්හි ඔහු තමාගේ මාර්ගයෙන් නොහැරුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා නසිනවා ඇත, නුඹ නුඹේ ප්‍රාණය ගළවාගත්තෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 33:9
24 හුවමාරු යොමු  

එහෙත්, නුඹ දුෂ්ටයාට අවවාද කළ විට, ඔහු සිය පාපය හා දුෂ්ට මාර්ගය අත් නොහරින්නේ නම්, ඔහු සිය පාපය නිසා නසිනු ඇත. එහෙත්, නුඹ නුඹේ ජීවය රැකගනු ඇත.


එහෙයින් ඔබ අතරෙන් කිසිවෙකු විනාශයට පත් වුවහොත්, ඒ ගැන මා වගකිවයුත්තකු නොවන බව තරයේ ප්‍රකාශ කරමි.


එහෙත්, ධර්මිෂ්ඨයා පව් නොකරන ලෙස නුඹ ඔහුට අවවාද කළ විට, ඔහු පව් නොකර සිටියොත්, අවවාද පිළිගත් බැවින් ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය. නුඹ ද නුඹේ පණ ගළවා ගන්නෙහි ය.”


යහ මඟ හැර යන අයට තද දඬුවම් ඇත; අවවාදය නුරුස්සන අය නසිනු ඇත.


එසේ නම් කතා කරන තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන්නට වග බලා ගන්න. මන්ද, මිහි පිට අනුශාසනා කළ තැනැන් වහන්සේ එපා කළ විට, ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අනුශාසනා කරන තැනැන් වහන්සේ කෙරෙන් අහක් ව ගියොත් අපි කෙසේ ගැළවෙමු ද?


එසේ නම්, පළමුවෙන් සමිඳාණන් වහන්සේ මඟින් ප්‍රකාශ කරන ලද, එය ඇසූවන් විසින් අපට සහතික කර දෙන ලද, මේ සා උදාර ගැළවීමක් අප නොසලකා සිටියොත්, අපි කෙසේ ගැළවෙමු ද?


සහෝදරවරුනි, අලසයන්ට අවවාද දෙන්න; බියසුල්ලන් දිරිගන්වන්න; දුබලයන්ට සහයවන්න. මේ සියල්ලන් ගැන ඉවසිලිවන්ත ව සිටින මෙන් අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු.


එබැවින්, දිවැසිවරුන් කියා ඇති කාරණා ඔබ ගැන සත්‍ය නොවන පිණිස පරෙස්සම් වන්න. එනම්:


ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු යයි මා කීවේ එබැවිනි. මම උන් වහන්සේ ම යයි ඔබ පිළිගත්තොත් මිස ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු ය”යි වදාළ සේක.


සිය ස්වාමියාගේ අදහස දැනගෙනත්, ඒ අදහස පරිදි කටයුතු සංවිධානය නොකළාවූ ද ක්‍රියා නොකළාවූ ද දාසයා බොහෝ පහර ලබන්නේ ය.


බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත; එයින් ඔහුට හිටිහැටියේ විනාශය පැමිණෙයි.


එවිට පාවුලු ද බාර්ණබස් ද එඩිතර ව කතා කරමින් මෙසේ කී හ: “දෙවියන් වහන්සේගේ වචනය පළමුකොට ඔබට ප්‍රකාශ කළ යුතු ව තිබිණි. එහෙත් ඔබ එය ප්‍රතික්ෂේප කොට, සදාතන ජීවනයට ඔබ නුසුදුස්සන් බව ඔබ ම නිශ්චය කර ගන්නා හෙයින්, මෙන්න, අපි විජාතීන් වෙතට හැරෙමු.


‘හෙළා දකින්නෙනි, බලන්න, පුදුම වන්න, පුදුම වී වැනසෙන්න; මන්ද, ඔබගේ දවස්වල දී එක් ක්‍රියාවක් කරමි. ඒ ක්‍රියාව ගැන යමෙක් ඔබට පැවසුවත් ඔබ එය කිසිසේත් විශ්වාස නොකරන්නහු ය,’ “ යනු යි.


ඔහු සතුරු සේනා එනු දැක හොරණෑව පිඹ, ඒ ගැන සෙනඟට දන්වනු ඇත.


හොරණෑ ශබ්දය අසා එය නොසලකා සිටින යම් කෙනෙකු කඩුවෙන් මරනු ලැබුවොත්, ඔහුගේ මරණයට ඔහු ම වගකිව යුතු වේ.


එහෙත්, මුර සෙබළා සතුරු සේනා පැමිණෙනු දැක සෙනඟට දන්වන ලෙස හොරණෑව නොපිඹ සිටියොත්, අනතුර නොදත් සෙනඟ අතරෙන් පවිටු ව සිටින ඕනෑ ම කෙනෙකු සතුරන් අතින් මරණයට ගොදුරු වුවහොත් ඒ මරණයට මුර සෙබළා වගකිවයුත්තා වශයෙන් මම සලකමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්