Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 32:15 - Sinhala New Revised Version

15 මා මිසර දේශය නිර්ජන කර, එහි ඇති සියලු දේශ නැති කර, එහි සියලු වැසියන්ට මා පහර දෙන කල ද මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මා මිසර දේශය නිර්ජන කර, එහි ඇති සියලු දේශ නැති කර, එහි සියලු වැසියන්ට මා පහර දෙන කල ද මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 මා විසින් මිසර දේශය පාළුකර, නාස්තියක් කොට, දේශය ඒකේ පූර්ණකමෙන් හිස්වෙන්ට සලස්වන කලද එහි සියලු වැසියන්ට මා පහරදෙන කලද මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 32:15
13 හුවමාරු යොමු  

පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳුන් සන්තක වෙති.


සමිඳාණෝ යුක්තිය ඉටු කොට ප්‍රකාශ වූ සේක. කුදිටු දනෝ තමන් හෙළන උපා දැලේ පැටලී සිටිති.


මෙසේ මා පාරාවෝ ද ඔහුගේ යුද්ධ රථ ද අසරුවන් ද ජයගෙන කීර්තිය ලැබූ පසු මා සමිඳාණන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝ ය.”


මම පාරාවෝගේ සිත දැඩි කරමි. ඔහු ඔවුන් ලුහුබැඳ එනු ඇත. එහෙත්, පාරාවෝ සහ ඔහුගේ සියලු හමුදාවන් පරාජය කිරීමෙන් මම ගෞරවය සලසා ගනිමි. මෙයින් මා සමිඳාණන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝ ය”යි වදාළ සේක. ඉශ්රායෙල් ජනතාව එලෙස ම කළහ.


මිසරයට විරුද්ධ ව මාගේ හස්තය දිගු කොට ඔවුන් අතුරින් ඉශ්රායෙල් ජනයා පිටත ගෙනෙන විට මා සමිඳාණන් වහන්සේ බව මිසර දේශ වාසීහු දැන ගන්නෝ ය.”


පාළු වී තිබෙන රටවලට වඩා මම මිසර දේශය පාළු කරන්නෙමි. එහි නගර නටබුන් ගොඩක් මෙන් තිබෙන නගරවලට වඩා සතළිස් අවුරුද්දක් එය පාළු දේශයක් ව තිබෙනු ඇත. මම මිසරවරුන් ජාතීන් අතරට පලවා හැර දේශවල ඔවුන් විසුරුවන්නෙමි.


මෙසේ මම මිසරයට දඬුවම් පමුණුවන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”


මම මිසරවරුන් ජාතීන් අතරට එළවා, ඔවුන් දේශවල විසුරුවන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.’ “


නුඹේ ජලය පෑදෙන්නටත්, නුඹේ ගංගා තෙල් මෙන් ගලා යන්නටත් සලස්වන්නෙමි.


මරුමුවට පත් වූ අය නුඹලා අවට වැටී සිටින විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්