Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 30:15 - Sinhala New Revised Version

15 මම මිසරයේ සවිමත් බලකොටුව වන ශීන් පිට මාගේ කෝපය වගුරුවා තීබ්ස් නගරයෙහි සමූහයා කඩුවෙන් වනසාදමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මම මිසරයේ සවිමත් බලකොටුව වන ශීන් පිට මාගේ කෝපය වගුරුවා තීබ්ස් නගරයෙහි සමූහයා කඩුවෙන් වනසාදමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 මම මිසරයේ බල කොටුව වන ශීන් පිටට මාගේ කෝපය වගුරුවා නෝයේ සමූහයා සිඳදමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 30:15
6 හුවමාරු යොමු  

දුදනන් මත ගිනි පුපුරු වස්වන සේක; ගෙන්දගම් දවා පුළුස්සන සුළඟ ද ඔවුන් හිස පිටට එවන සේක.


මුළු ඉශ්රායෙල් ජනතාව ඒලීම් නම් ස්ථානයෙන් ගමන් ඇරඹුවහු ය. ඔව්හු මිසර දේශයෙන් පිටත් වූ පසු දෙ වන මාසයේ පසළොස් වන දින ඒලීම් සහ සීනයි අතරෙහි වූ සීන් නම් පාළුකරයට පැමිණියෝ ය.


මම පෙත්‍රාස් පාළු කොට ශොවන්හි ගින්නක් අවුළුවා, තීබ්ස් නගරයට දඬුවම් කරන්නෙමි.


ගින්නක් ද මිසරයෙහි දල්වන්නෙමි. ශීන් මහ වේදනා විඳින්නටත්, පවුරු හෙළාදමා තීබ්ස් බිඳදමනු ලබන්නටත්, ජලගැල්මෙන් විනාශ වී යන්නටත් සලස්වන්නෙමි.


උන් වහන්සේගේ කෝපයට මුහුණ පෑ හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ ඇවිලෙන උදහසේ දී නොනැසී සිටිය හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ කෝපාග්නිය දැල්වෙන විට පර්වත පවා ධූලි මෙන් උන් වහන්සේ ඉදිරියෙහි ඇද හැළෙන්නේ ය.


“ඔබ ගොස් දෙවියන් වහන්සේගේ උදහස නමැති පාත්‍ර සත පොළොව පිට වගුරුවන්නැ”යි දේව දූතයන් සත් දෙනාට කියන මහ හඬක් දේව මාලිගාවෙන් මට ඇසිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්