Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 29:8 - Sinhala New Revised Version

8 එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, මම නුඹට විරුද්ධ ව කඩුවක් පමුණුවා, නුඹෙන් මනුෂ්‍යයන් ද මෘගයන් ද වනසා දමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, මම නුඹට විරුද්ධ ව කඩුවක් පමුණුවා, නුඹෙන් මනුෂ්‍යයන් ද මෘගයන් ද වනසා දමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 එබැවින්, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම නුඹට විරුද්ධව කඩුවක් පමුණුවා, නුඹෙන් මනුෂ්‍යයන්ද මෘගයන්ද සිඳදමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 29:8
11 හුවමාරු යොමු  

“නොහොත් මා යුද්ධ කඩුවක් ඒ දේශයට විරුද්ධ ව පමුණුවා, ‘කඩුව, දේශය මුළුල්ලෙහි යව’ කියා එතැනින් මනුෂ්‍යයන් සහ මෘගයන් සිඳදමන විට,


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතින් මිසරයේ ජනයා නැති කරවන්නෙමි.


යුද්ධයක් මිසරයට පැමිණෙන්නේ ය. මිසරයෙහි මිනිසුන් ම මැරුම් කා වැටෙන විට ද එහි සමූහයා අල්ලාගන්න විට ද එහි අත්තිවාරම් පෙරළාදමන විට ද එතියෝපියාවේ භීතියක් හටගන්නේ ය.”


දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මම ඒදොම්ට විරුද්ධ ව මාගේ අත දිගු කොට, ඒ රටේ මනුෂ්‍යයන් ද මෘගයන් ද වනසාදමා, තේමාන් පටන් දෙදාන් දක්වා එය පාළුකරයක් කරන්නෙමි; ඔවුන් කඩුවෙන් මැරුම් කනු ඇත.


මනුෂ්‍යයෙකු වත්, මෘගයෙකු වත් නැති ව එය පාළුවක් වී බබිලෝනිවරුන්ගේ අතට පාවා දී තිබේ යයි නුඹලා කියන මේ දේශයෙහි යළිත් කෙත් මිලේට ගනු ලබන්නේ ය.


ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මේ ස්ථානය පිට මාගේ කෝපය හා උදහස වගුරුවන්නෙමි. මිනිසුන් පිට මෙන් ම, මෘගයන්, කෙතේ ගස් සහ භූමියේ පල කෙරෙහි ද මම එය වගුරුවමි. මාගේ කෝපය නොනිවෙන ගින්නක් වැනි ය.


එදින රාත්‍රියේ මම මිසර දේශය මැදින් ගොස්, එහි මිනිසුන්ගේ හා මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දෙමි. තවද, මිසරයේ දෙවිදේවතාවුන් සියල්ලන්ට දඬුවම් පමුණුවමි. මම සමිඳාණන් වහන්සේ ය.


එබැවින් උන් වහන්සේ, “මා විසින් මවන ලද මිනිසා මම මිහි පිටින් වනසාලමි; ඔහු සමඟ ගවමහිෂයන් ද උරගයන් ද අහසේ පක්ෂීන් ද වනසාලමි; ඔවුන් මැවීම ගැන මම තැවෙමි”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්