Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 28:18 - Sinhala New Revised Version

18 නුඹේ වෙළෙඳාමේ අසාධාරණකමෙන් කළ නුඹේ අපරාධ රාශියෙන් නුඹ නුඹේ ශුද්ධස්ථාන කෙලෙසුවෙහි ය; එහෙයින් මම නුඹ ඇතුළෙන් ගින්නක් නික්මවීමි; එය නුඹ නාස්ති කෙළේ ය; නුඹ දකින සියල්ලන්ගේ ඇස් ඉදිරියෙහි පොළොව පිට නුඹ අළු කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 නුඹේ වෙළෙඳාමේ අසාධාරණකමෙන් කළ නුඹේ අපරාධ රාශියෙන් නුඹ නුඹේ ශුද්ධස්ථාන කෙලෙසුවෙහි ය; එහෙයින් මම නුඹ ඇතුළෙන් ගින්නක් නික්මවීමි; එය නුඹ නාස්ති කෙළේ ය; නුඹ දකින සියල්ලන්ගේ ඇස් ඉදිරියෙහි පොළොව පිට නුඹ අළු කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 නුඹේ වෙළඳාමේ අධර්මිෂ්ඨකමෙන් කළ නුඹේ අපරාධ රාශියෙන් නුඹ නුඹේ ශුද්ධස්ථාන කෙලහුවෙහිය; එහෙයින් මම නුඹ ඇතුළෙන් ගින්නක් නික්මවීමි, එය නුඹ නාස්තිකෙළේය, නුඹ දකින සියල්ලන්ගේ ඇස් ඉදිරියෙහි පොළොව පිට නුඹ අලුකෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 28:18
17 හුවමාරු යොමු  

මා ක්‍රියා කරන්න යන දවසේ දී නුඹලා දුෂ්ටයන් පාගාදමන්නහු ය. ඔව්හු නුඹලාගේ පාද යට ධූලි මෙන් වන්නෝ ය.


එබැවින්, මාරක රෝග ද ශෝකය ද සාගතය ද යන ඇගේ පීඩා එක දවසේ ම ඈට පැමිණෙන්නේ ය. ඈ සහමුලින් ම ගින්නෙන් දවනු ලබන්නී ය. මන්ද, ඈ විනිශ්චය කළ දෙවි ස්වාමීන් වහන්සේ බලසම්පන්න ය.”


නුඹේ වෙළෙඳාම වැඩි වීම හේතුකොටගෙන අදමිටුකමින් නුඹේ සිත පිරී නුඹ පව් කෙළෙහි ය. එබැවින් නුඹ කෙලෙසූ දෙයක් මෙන් දෙවියන් වහන්සේගේ කන්දෙන් මම නුඹ නෙරපාදැමුවෙමි; නුඹ ආරක්ෂක කෙරුබ්වරයා ද ගිනි අඟුරු අතරෙන් පන්නාදැමුවෙහි ය.


“මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි තීර්ගේ අධිපතියාට කියන්න. නුඹ දෙවි කෙනෙකු නොව, මනුෂ්‍යයෙකු වන නමුත්, නුඹේ සිත උඩඟු වී, මම දෙවි කෙනෙක්මි. මුහුද මැද මම දෙවි කෙනෙකුගේ ආසනයේ වැඩහිඳිමි යි කියමින්, නුඹ දෙවිඳුන්ට සමාන ය යි සිතන්නෙහි ය.


තවද උන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර විනාශයට තීන්දු කරමින් ගිනිබත් කොට අනාගතයේ දී අභක්තිකයන් ලෙස හැසිරෙන්නන්ට අනතුරු හැඟවීමක් කළ සේක.


යමෙක් මුළු ලෝකය ම ලබාගත්තත්, සිය ජීවිතය නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක් ද?


ඒ නිසා මම ජුදා පිට ගිනි එවා ජෙරුසලමේ බලකොටු දවා අළු කර දමමි.”


මම මෝවබ් දේශය පිට ගින්නක් එවා කෙරියොත්හි බලකොටු දවා අළු කර දමමි. හේවායන්ගේ ගෝරනාඩුව හා හොරණෑවල බෙරිහන්දීමත් සමඟ යුද්ධ ඝෝෂාව මැද මෝවබ් වැසියන් විනාශ වනු ඇත.


රබ්බාහි පවුරුවලට මම ගිනි දල්වමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි. යුද්ධ දවසේ දී ගෝරනාඩු ඇති වේ; චණ්ඩ මාරුතයක් සේ යුද්ධය වේගයෙන් පැතිර යනු ඇත.


නැවත එයින් ස්වල්පයක් රැගෙන, ඒවා ගින්න මැදට හෙළා, ඒවා ගින්නෙන් දවාලන්න. එයින් මුළු ඉශ්රායෙල් ජාතියට විරුද්ධ ව ගින්නක් නික්මෙන්නේ ය.”


එසේ නැත්නම්, අබිමෙලෙක්ගෙන් ගිනි නික්ම ෂෙකෙම් වැසියන් ද මිල්ලෝ වංශය ද දවා දමා වා! ෂෙකෙම් වැසියන්ගෙන් ද මිල්ලෝ වංශයෙන් ද ගිනි නික්ම අබිමෙලෙක් දවා දමා වා!”


කටුඇඹිල්ල ගස පිළිතුරු දෙමින්, ‘ඔබ සැබෑවට ම ඔබ කෙරෙහි රජෙකු කොට මා පත්කරගන්නහු නම්, අවුත් මාගේ සෙවණෙහි රැකවරණය ලබා සිටින්න. එසේ නොකළොත්, කටුඇඹිල්ල ගසෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවාලන්නේ යැ’යි වෘක්ෂයන්ට කීවේ ය.


නුඹ මවනු ලැබූ දා පටන් නුඹ තුළ අධර්මිෂ්ඨකම හෙළි වනතුරු නුඹේ හැසිරීමෙන් නුඹ නිදොස් ව සිටියෙහි ය.


එහෙත්, සමිඳාණන් වහන්සේ එහි ඇති සියලු දේ පැහැරගෙන එහි ඇති වස්තුව මුහුදට හෙළා දමන සේක. එය ගින්නෙන් විනාශ වන්නේ ය.


එසේ ය, එතුමාණෝ පොළෝ වැසි සියලු දෙන ගින්නෙන් ද කඩුවෙන් ද විනිශ්චය කරන සේක. මරණු ලබන්නෝ බොහෝ වෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්