Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 26:10 - Sinhala New Revised Version

10 ඔහුගේ අශ්වයන්ගේ වැඩිකම් නිසා උන්ගේ දූවිල්ලට නුඹ වැසී යනු ඇත. කපොල්ලක් හාරා ඇති නුවරකට මිනිසුන් ඇතුළුවන්නාක් මෙන් ඔහු නුඹේ දොරටුවලින් ඇතුළු වන කල, අසරුවන්ගේත්, ගැල්වලත්, රථවලත් ශබ්දයට පවුරු සෙලවෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඔහුගේ අශ්වයන්ගේ වැඩිකම් නිසා උන්ගේ දූවිල්ලට නුඹ වැසී යනු ඇත. කපොල්ලක් හාරා ඇති නුවරකට මිනිසුන් ඇතුළුවන්නාක් මෙන් ඔහු නුඹේ දොරටුවලින් ඇතුළු වන කල, අසරුවන්ගේත්, ගැල්වලත්, රථවලත් ශබ්දයට පවුරු සෙලවෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ඔහුගේ අශ්වයන්ගේ වැඩිකම නිසා උන්ගේ දූවිල්ලට නුඹ වැසීයනවා ඇත. කපල්ලක් කර තිබෙන නුවරකට මිනිසුන් ඇතුල්වෙන්නාක්මෙන් ඔහු නුඹේ දොරටුවලින් ඇතුල්වෙන කල, අසරුවන්ගෙත් ගැල්වලත් රථවලත් ශබ්දයට පවුරු සෙලවෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 26:10
11 හුවමාරු යොමු  

නුඹේ නාවිකයන්ගේ කෑගැසීමේ ශබ්දයට අසබඩ පළාත් සෙලවෙන්නේ ය.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ තීර්ට මෙසේ වදාරන සේක. “නුඹේ වැටීමේ ශබ්දයටත්, නුඹ තුළෙහි තුවාළවූවන්ගේ කෙඳිරිගෑමටත්, මිනිසුන් මරාදමනු ලබන අන්දමටත් මුහුදුබඩ වාසීහු භීතියෙන් කම්පා නොවන්නෝ ද?


“අශ්වයන්ගේ කුර ගැටීමේ ශබ්දයත්, රථවල සට සට යන ශබ්දයත්, රෝදවල ගිගුරුම් ශබ්දයත් ඔවුන්ට ඇසෙන්නේ ය. තමන්ගේ අත් දුබල වී ඇති බැවින් පියවරු තමන්ගේ දරුවන් දෙස ආපසු හැරී නොබලන්නෝ ය.


කුමක් නිසා ද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. “මෙන්න, මම රාජාතිරාජ වන බබිලෝනියේ රජ වන නෙබුකද්නෙශර් අසුන් සහ රථ ද අසරුවන් සහ සමූහයන් ද බොහෝ සෙනඟ ද ඇති ව උතුරෙන් තීර්ට විරුද්ධ ව පමුණුවන්නෙමි.


“බලන්න, සතුරා වලාකුළු මෙන් ද ඔහුගේ රථ සුළි සුළඟක් මෙන් ද නැඟී එන්නේ ය. ඔහුගේ අශ්වයෝ රාජාලින්ට වඩා ශීඝ්‍ර ය. අහෝ, අපට වන විපතක මහත! අපි විනාශයි!


එසේ පූජකවරු හොරණෑ පිම්බෝ ය; සෙනඟ ඔල්වර හඬ නැඟුවෝ ය: සෙනඟ හොරණෑ ශබ්දය අසා, මහා හඬකින් ඔල්වර හඬ පැවැත්වූවෝ ය. පවුර ඇද වැටිණි; සෙනඟ ද එකිනෙකා කෙළින් ම ඉදිරියට ගොස් නුවර අල්ලාගත්තෝ ය.


තවද, ඔවුන් බැටළු අං හොරණෑවෙන් බොහෝ වේලාවක් ශබ්ද පවත්වන විට, ඒ හොරණෑ ශබ්දය නුඹලාට ඇසුණු කල, සකල ජනයා මහත් ඔල්වර හඬක් නඟත් වා! එවිට නුවර පවුර ඇද වැටෙන්නේ ය. සෙනඟ ද එකිනෙකා කෙළින් ම නුවර ඉදිරියට යන්නෝ යැ”යි වදාළ සේක.


ජෙරුසලම අල්ලාගනු ලැබූ පසු, බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහු එනම්, නේර්ගල්-ෂරෙශෙර් ද සම්ගර්-නෙබෝ ද සර්සෙකිම් ද රබ්-සාරිස් ද තවත් නේර්ගල්-ෂරෙශෙර් නමැත්තෙක් ද රබ්-මග් ද බබිලෝනියේ රජුගේ අනික් සියලු අධිපතීහු ද අවුත් මැද දොරටුවේ හිඳගත්තෝ ය.


ඔවුන් නුඹට විරුද්ධ ව උතුරු දේශයෙන් ආයුධ සහ රථ ද ගැල් ද ජන සමූහයක් ද ඇති ව අවුත්, පලිහ සහ කුඩා පලිහ ද යුද හිස් වැසුම් ද ඇති ව නුඹට විරුද්ධ ව හාත්පසින් සිටිනු ඇත. ඔවුන්ගේ නීති අනුව නුඹ විනිශ්චය කරන පිණිස මම ඔවුන්ට නුඹ භාර දෙන්නෙමි.


නුඹේ පවුරුවලට විරුද්ධ ව තමාගේ යුද්ධ යන්ත්‍ර තබා, තමාගේ පොරෝවලින් නුඹේ කොත් කඩාදමනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්