Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 23:34 - Sinhala New Revised Version

34 නුඹ ඒවා අවසන් පොද දක්වා උරා බී හිස් කරනු ඇත. ඒ බඳුන කැබලිවලට කඩා ඒ කැබලිවලින් නුඹේ පියයුරු ඉරාගෙන ඇත. කුමක් නිසා ද, එය වදාළේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 නුඹ ඒවා අවසන් පොද දක්වා උරා බී හිස් කරනු ඇත. ඒ බඳුන කැබලිවලට කඩා ඒ කැබලිවලින් නුඹේ පියයුරු ඉරාගෙන ඇත. කුමක් නිසා ද, එය වදාළේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 නුඹ ඒවා බී උරා, ඒකේ කැබිලිති හපා, නුඹේ තන උදුරාදමන්නෙහිය. මක්නිසාද මම ඒක කීයෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 23:34
7 හුවමාරු යොමු  

සමිඳුන් අතෙහි කුසලානකි; කෝපයෙන් පැසුණු මිදි රසින් එය පිරී ඇත. එතුමාණෝ එයින් බිඳක් වත්කරන සේක. මිහි පිට දුදනෝ එහි අන්තිම බිඳ දක්වා ම බොන්නෝ ය.


එම්බා ජෙරුසලම පිබිදෙන්න. පිබිදෙන්න. නැඟිට සිටින්න. සමිඳුන් සිය උදහසින් නුඹලාට බොන්න දුන් කෝපය නමැති කුසලානේ අඩියට ම උරා බීමෙන් නුඹ වැනෙන්න වූයෙහි ය.


ඇගේ ආත්ම වර්ණනාවේ හා සැප ජීවිකාවේ ප්‍රමාණයට, ඈට ශෝකය ද වද වේදනා ද දෙන්න. මන්ද, ‘මම රැජිනක් ව වැජඹෙමි, මම වැන්දඹුවක් නොවෙමි, ශෝකය කිසි දිනක නොවිඳිමි’යි ඈ තමාට ම කියා ගන්නී ය.


ඈ මිසරයේ දී පටන්ගත් ඇගේ වේශ්‍යාකම අත්හැරියේ නැත; කුමක්නිසා ද, ඇගේ යෞවන වියෙහි දී ඔව්හු ඇය සමඟ සේවනයෙහි යෙදුණාහ. මොවුහු ද ඇගේ කුමරි වියෙහි තනපුඩු පිරිමැද ඔවුන්ගේ කාමාශාවට තෘප්තිය ඇගෙන් ලබාගත්තෝ ය.


ඔවුන්ගේ යොවුන් වියේ දී ම ඔව්හු මිසරයේ දී වේශ්‍යාකම් කළහ. ඔවුන්ගේ පියයුරු එහි දී මිරිකනු ලැබී ය; එහි දී ඔවුන්ගේ කුමරි වියෙහි තනපුඩු පිරිමදිනු ලැබී ය.


මම සදහට ම ජාකොබ්ගේ දෙවිඳුන් පසසන්නෙමි; එතුමන් හට සදහට ම ගී ගයන්නෙමි.


නුඹට විරුද්ධ ව ක්‍රියා කරන දවස්වල දී නුඹට ධෛර්යය ද අත ඔසවන්න ශක්තිය ද ඇති වේ ද? සමිඳාණන් වහන්සේ වන මම ඒ දේ කීමි. එලෙස ම කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්