Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 23:27 - Sinhala New Revised Version

27 මෙසේ නුඹේ සල්ලාලකම ද නුඹ මිසර දේශයේ දී පටන්ගත් නුඹේ වේශ්‍යාකම ද නුඹෙන් නවත්වන්නෙමි. නුඹ ඔවුන් දෙස තවත් නොබලන්නෙහි ය. මිසරය තවත් සිහි නොකරන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 මෙසේ නුඹේ සල්ලාලකම ද නුඹ මිසර දේශයේ දී පටන්ගත් නුඹේ වේශ්‍යාකම ද නුඹෙන් නවත්වන්නෙමි. නුඹ ඔවුන් දෙස තවත් නොබලන්නෙහි ය. මිසරය තවත් සිහි නොකරන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 මෙසේ නුඹේ සල්ලාලකමද නුඹ මිසර දේශයේදී පටන්ගත් නුඹේ වේශ්‍යාකමද නුඹෙන් නවත්වන්නෙමි. නුඹ ඔවුන් දෙස නුඹේ ඇස් නොඔසවන්නෙහිය, මිසරය තවත් සිහි නොකරන්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 23:27
9 හුවමාරු යොමු  

ඔවුන් නුඹේ ගෙවල් ගිනි ලා, බොහෝ ස්ත්‍රීන් බලා සිටිය දී නුඹ කෙරෙහි විනිශ්චය ඉෂ්ට කරනු ඇත. වේශ්‍යාකම් කිරීමෙන් මම නුඹ නවත්වන්නෙමි; පෙම්වතුන්ට මුදල් දීම ද නවත්වන්නෙමි.


එහෙත්, ඈ මිසර දේශයේ දී තරුණ වියේ දී කළ වේශ්‍යාකම් සිහි කරමින් තවතවත් ඇගේ වේශ්‍යාකම් වැඩි කළා ය.


ඔවුන්ගේ යොවුන් වියේ දී ම ඔව්හු මිසරයේ දී වේශ්‍යාකම් කළහ. ඔවුන්ගේ පියයුරු එහි දී මිරිකනු ලැබී ය; එහි දී ඔවුන්ගේ කුමරි වියෙහි තනපුඩු පිරිමදිනු ලැබී ය.


ඒ කාලයේ දී දේව රූපවල නම් තවත් සිහි නොවන පරිදි මම ඒ රූප දේශයෙන් බැහැර කරන්නෙමි. බොරු දිවැසිවරුන් ද පහ කරදමා, මම රූප වන්දනාවේ ආශාව නැති කරදමන්නෙමි.


මම නුඹ විජාතීන් අතරට පන්නාදමා, නුඹ විදේශවලට විසුරුවා හැර නුඹේ අපවිත්‍රකම නුඹෙන් පහකර දමන්නෙමි.


විජාතීන්ගේ පූජාසනවල සියලු ගල් රටහුණු මෙන් අඹරාදැමූ පසු ද අෂේරා කප් කණු, දුම් පූජාසන හා හිරු දෙවි රූප තවත් ඉතුරු නොවූ පසු ද ඉශ්රායෙල්ගේ පව් කමා කරනු ලබන්නේ ය.


ඉන්පසු හිස් ලෝකඩ හැළිය රත් වී ගිනියම් වී, එහි අපවිත්‍රකම ඒ තුළ උණු වී, එහි මලකඩ නැති වී යන පිණිස ඒක ගිනි අඟුරු මත තබන්න.


පූජක පිරිස වූකලී, මිනිසෙකුට පහර දීමට සැඟවී සිටින සොර මුළක් හා සමාන ය. ෂෙකෙම්ට යන මාර්ගයෙහි ම වුව ද ඔව්හු මිනී මරති. ඔවුන්ගේ ක්‍රියා ඉතා සාහසික ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්