Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 23:15 - Sinhala New Revised Version

15 ඔවුන්ගේ ඉඟටිවල ඉඟපටි බැඳ, අලංකාරවත් තලප්පා ඔවුන්ගේ හිස්වල දවටා තිබුණේ ය. ඔව්හු සියල්ලෝ ම පෙනීමේ හැටියට බබිලෝනියේ උපන් වංශාධිපති බබිලෝනිවරු වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඔවුන්ගේ ඉඟටිවල ඉඟපටි බැඳ, අලංකාරවත් තලප්පා ඔවුන්ගේ හිස්වල දවටා තිබුණේ ය. ඔව්හු සියල්ලෝ ම පෙනීමේ හැටියට බබිලෝනියේ උපන් වංශාධිපති බබිලෝනිවරු වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 ඔවුන්ගේ ඉඟටිවල ඉඟපටි බැඳ, පාට ඇති දිග රෙදි ඔවුන්ගේ හිස්වල දමා තිබුණේය. ඔවුන් සියල්ලෝම තමුන් උපන් දේශයවූ කල්දියාවේ බබිලෝනිවරුන්ගේ ස්වරූපයේ හැටියට පෙනීමෙන් වංශාධිපතියෝව සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 23:15
7 හුවමාරු යොමු  

අබ්සලොම් මෙන් රූප ශෝභාව ගැන ප්‍රශංසා කටයුතු කෙනෙක් මුළු ඉශ්රායෙල්හි නො‍සිටියේ ය. පතුල පටන් හිස් මුදුන දක්වා ඔහුට කිසි කැළලක් නො‍ වී ය.


නුඹේ නිල සළුව ඔහුට හඳවා, නුඹේ පටිය ඔහුගේ ඉඟටියේ බැඳ නුඹේ ආධිපත්‍යය මම ඔහුට පවරා දෙමි. ඔහු ජෙරුසලමේ සෙනඟටත්, ජුදාවේ වංශයටත් පියකු මෙන් වනු ඇත.


“ඈ මිනිසුන්ගේ රූප එනම්, ස්වරූප, තද රතු පාටින් බිත්තිවල සිතියම් කර තිබෙනු දුටු විට ඔහොලීබා ඇගේ වේශ්‍යාකමෙහි කිඳා බැස සිටියා ය.


ඈ ඔවුන් දුටු වහා ම කාමරාගයෙන් පිරී, ඔවුන් වෙත බබිලෝනියට පණිවුඩකාරයන් යැව්වා ය.


ඔබ හැමට පහර දෙන හේවායෝ රතු පලිහ දරති; රතු ඇඳුම් හැඳ සිටිති. ඔව්හු ආක්‍රමණය කිරීමට සූදානම් ය. පැන පැන යන අශ්වයන් ඇද යන රථ ගිනි දැල් මෙන් විහිදෙයි. අසරුවෝ සටනට එළඹෙනු බලා සිටිති.


එවිට ගිඩියොන් ශෙබාට හා ශල්මුන්නාට කතා කොට, “ඔබ තාබෝර්හි මැරූ අය කොයි ආකාර මිනිස්සු දැ”යි ඇසුවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “ඒ අය ඔබ වාගේ ය. එකිනෙකා පෙනීමෙන් රාජ කුමාරයන්ට සමාන ය”යි කීවෝ ය.


ජොනතන් තමාගේ සළුව ගලවා ඒ සමඟ ඔහුගේ කඩුවත්, දුන්නත්, ඉඟපටියත් ඇතුළු ව තමාගේ යුද්ධ ඇඳුම ද දාවිත්ට දුන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්