Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 23:11 - Sinhala New Revised Version

11 “ඇගේ සහෝදරී, ඔහොලීබා මෙය දුටු නමුත්, ඔහොලාට වඩා ඇගේ කාමරාගයත්, වේශ්‍යාකමත් අතිශයෙන් නින්දිත විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 “ඇගේ සහෝදරී, ඔහොලීබා මෙය දුටු නමුත්, ඔහොලාට වඩා ඇගේ කාමරාගයත්, වේශ්‍යාකමත් අතිශයෙන් නින්දිත විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ඇගේ සහෝදරීවූ ඔහොලීබා මෙය දුටු නුමුත් ඈට වඩා ඇගේ ආලයෙන්ද ඇගේ සහෝදරීගේ වේශ්‍යාකම්වලට වඩා ඇගේ වේශ්‍යාකම්වලින්ද දුෂ්ටලෙස හැසුරුණාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 23:11
6 හුවමාරු යොමු  

මාස තුනක් පමණ ගත වූ පසු, “ඔබේ ලේලිය වන තාමාර් වේශ්‍යාකම් කළා ය” කියා ද, “ඇරත් වේශ්‍යාකමින් ඈ පිළිසිඳගෙන සිටින්නී ය” කියා ද ජුදාට දන්වන ලදින්, ඔහු ද, “ඈ පිටත ගෙනවුත් පුළුස්සා දමන්නැ”යි කීවේ ය.


ඇරත්, ඔහු ජුදා ගිරිකුළු දේවාල සාදා, ජෙරුසලමේ වැසියන් අන් දෙවිවරුන් ඇදහීමට පොළඹවා ජුදාවරුන් මුළා කරවී ය.


ජොෂියා රජු දවස සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “අර ඉශ්රායෙල් අඟන, මට ද්‍රෝහි ව කළ දේ නුඹ දුටුවෙහි ද? ඈ උස් වූ සියලු කඳු උඩටත්, සියලු අතුපතර ඇති ගස් යටටත් ගොස් එහි දී වේශ්‍යාකම් කළා ය.


වැඩිමල් තැනැත්තිගේ නම ඔහොලා ය; ඇගේ සහෝදරීගේ නම ඔහොලීබා ය. මම ඔවුන් සරණකොටගතිමි; ඔව්හු මාගෙන් දරුදැරියන් ලැබූ හ. ඔහොලා යන නමින් සමාරිය ද ඔහොලීබා නමින් ජෙරුසලම ද අදහස් කෙරේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්