Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 17:16 - Sinhala New Revised Version

16 “මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ‘ඔහු රජකමට පත් කළ රජුගේ දිවුරුම් ඔහු සුළු කොට ඔහුගේ ගිවිසුම කඩ කළ නිසා, ඔහු ඒ රජු වාසය කරන බබිලෝනියේ දී ම ඒ රජු ළඟ ම නසින්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 “මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ‘ඔහු රජකමට පත් කළ රජුගේ දිවුරුම් ඔහු සුළු කොට ඔහුගේ ගිවිසුම කඩ කළ නිසා, ඔහු ඒ රජු වාසය කරන බබිලෝනියේ දී ම ඒ රජු ළඟ ම නසින්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 මා ජීවමාන බව සැබෑවා සේම ඔහු රජකමට පත්කළ රජුගේ දිවුරුම ඔහු සුළුකොට ඔහුගේ ගිවිසුම කඩකළ නිසා, ඔහු ඒ රජුගේ ස්ථානයවූ බබිලෝනිය ඇතුළේදී ඒ රජු ළඟම නසින්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 17:16
25 හුවමාරු යොමු  

ගිබියොන්වරු ඉශ්රායෙල් ජාතිකයන් නොව, අමෝරිවරුන්ගෙන් ඉතිරි ව සිටි කොට්ඨාශයකි. ඉශ්රායෙල් සෙනඟ ඔවුන් නො‍මරන්නට දිවුරුම් දී තිබුණු නමුත්, සාවුල් ඉශ්රායෙල් සෙනඟටත්, ජුදා සෙනඟටත් ඇති තමාගේ උද්‍යෝගය නිසා ඔවුන් මරන්නට සෙව්වේ ය.


බබිලෝනියේ රජ ද ඔහුගේ බාප්පා වන මත්තනියා ඔහු වෙනුවට රජකමට පත් කොට ඔහුගේ නම ශෙදෙකියා යයි වෙනස් කෙළේ ය.


මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමන තරමට උන් වහන්සේගේ උදහස නිසා ජෙරුසලමටත්, ජුදාටත් මෙසේ සිද්ධ විය.


ඔහු දුදනන් පිළිකුල් කරන්නේ ය. සමිඳුන්ට ගරු කරන අයට ඔහු ගරුසරු පා, වාසි අවාසි නොතකා, සිය පොරොන්දු ඉටු කරයි.


“නුඹ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට මම දඬුවම් කරමි.”


ඔබ ඔවුන්ට යන්න අවසර නුදුන්නොත් මෙන්න, මම ඔබේ මුළු රටට ම මැඩි වසංගතයකින් පහර දෙමි.


මම ජුදා රජු වූ ශෙදෙකියා ද ඔහුගේ අධිපතීන් ද ඔවුන්ගේ සතුරන් අතටත්, ඔවුන්ගේ ප්‍රාණ හානි කරන්නට සොයන්නන් අතටත්, නුඹලා වෙතින් ඈත් ව ගිය බබිලෝනියේ රජුගේ සේනාව අතටත් පාවා දෙන්නෙමි.


තවද, ඔහු ශෙදෙකියාගේ ඇස් උගුලාදමා, ඔහු බබිලෝනියට ගෙන යන පිණිස විලංගු දැමවී ය.


තවද බබිලෝනියේ රජ ශෙදෙකියාගේ ඇස් උගුලා, අතට විලංගු ලා, බබිලෝනියට ගෙන ගොස්, ඔහුගේ මරණය දක්වා ඔහු හිර ගෙයි දමා තැබී ය.


මාගේ දැල ඔහු පිට හෙළන්නෙමි. ඔහු මාගේ මලපතට අසු වන්නේ ය. මම කල්දිවරුන්ගේ දේශය වන බබිලෝනියට ඔහු ගෙන යන්නෙමි. එහෙත්, ඔහු එය නොදකින්නේ ය. ඔහු එහි දී මැරෙනු ඇත.


“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ගිවිසුම කඩ කරමින්, දිවුරුම සුළු කළ නුඹේ ක්‍රියාවලට සුදුසු ලෙස මම නුඹ ගැන ක්‍රියා කරන්නෙමි.


එය අන් තැනක සිටුවා තිබෙන නමුත්, එය සශ්‍රීක වේ ද? පෙරදිග සුළඟ ඊට වදින විට එය සහමුලින් ම වියළී නොයන්නේ ද? එය වැඩෙන පාත්තිවල ම එය වියළී යන්නේ නැද් ද?’ “


“ඔහු රාජ වංශයේ කෙනෙකු ගෙන, ඔහු සමඟ ගිවිසුමක් කොට, ඔහු විශ්වාස ව සිටින බවට දිවුරුම් ගත්තේ ය. ඉක්බිති ඔහු දේශයේ ප්‍රධානීන් ගෙන ගියේ ය.


ඔවුන් කරගෙන තිබුණ ගිවිසුම් නිසා, මේ පේන කීම බොරුවකැ යි ජෙරුසලම් වැසියෝ සිතති. එහෙත්, ඔවුන් සතුරන්ට අසු වන පිණිස උන් වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිපත් කරන සේක.


ඔවුන් හිස් වචන පවසනු ඇත; බොරු පොරොන්දුවලින් ගිවිසුම් කරනු ඇත. එබැවින් නඩුහබ කෙතේ ඕවිටිවල විෂ පැළෑටි මෙන් පැතිර යයි.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම විනිශ්චය පිණිස නුඹලා ළඟට අවුත්, මන්ත්‍රකාරයන්ට ද කාමමිථ්‍යාචාරිකයන්ට ද බොරු සාක්ෂි දෙන්නන්ට ද කුලීකරුවන්ට පීඩා කරන්නන්ට ද වැන්දඹුවන්ට, අනාථයන්ට හා විදේශිකයන්ට අයුතු දේ කරන්නන්ට ද මට ගරුබිය නොදක්වන්නන්ට ද විරුද්ධ ව විගසින් සාක්ෂි දෙන්නෙමි.”


‘යම් පුරුෂයෙකු සමිඳාණන් වහන්සේට බාරයක් වුවහොත්, නැත්නම්, යම් කිසි දෙයකින් වැළකෙන හැටියට දිවුරුමක් දුන්නොත්, ඔහු තම වචනය කඩ නොකළ යුතු ය. තමා කී පරිදි සියල්ල ඉටු කළ යුතු ය.


පොරොන්දු කඩ කරන, අඥාන වූ, අනුකම්පාව නැති, දයාව නැති, අය ව සිටිති.


වේශ්‍යාකම් කරන්නන් ද, පුරුෂයන් සමඟ අනාචාරයෙහි හැසිරෙන්නන් ද, මිනිසුන් පැහැරගෙන යන්නන් ද, බොරුකාරයන් ද, බොරුවට දිවුරන්නන් ද,


අනුකම්පා රහිත, දයාවිරහිත, ඕපාදූප කියන, අසංවර, කුරිරු, හොඳ දේට අකමැති,


අප ඔවුන්ට මෙසේ කළ යුතු ය: ඔවුන්ට ජීවත් වීමට අපි ඉඩ හරිමු. එසේ නොකළොත්, අප ඔවුන්ට දුන් දිවුරුම නිසා උදහස අප පිටට පැමිණෙනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්