Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 11:22 - Sinhala New Revised Version

22 එකල කෙරුබ්වරු තමන්ගේ පියාපත් එසෙවුවෝ ය. රෝදත් ඔවුන් එක් ව ම තිබුණේ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජස ඔවුන්ට ඉහළින් තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එකල කෙරුබ්වරු තමන්ගේ පියාපත් එසෙවුවෝ ය. රෝදත් ඔවුන් එක් ව ම තිබුණේ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජස ඔවුන්ට ඉහළින් තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 එකල කෙරුබ්වරු තමුන්ගේ පියාපත් එසෙවුවෝය, රෝදත් ඔවුන් එක්වම තිබුණේය; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස ඔවුන්ට උඩින් තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 11:22
6 හුවමාරු යොමු  

කෙරුබ්වරු ඉදිරියට යමින් සිය පියාපත් විදහා පා මා බලා සිටිය දී පොළොවෙන් ඉහළට නැංඟෝ ය. රෝදත් ඔවුන් සමඟ ම නැංඟේ ය. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ නැගෙනහිර දොරකඩ සිටියෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජස ද ඔවුන්ට උඩින් තිබුණේ ය.


හාත්පසින් තිබුණු දීප්තියේ පෙනීම වර්ෂා දවසක වලාකුළේ තිබෙන දේදුන්නක පෙනීම මෙන් විය. මේ වනාහි සමිඳාණන් වහන්සේගේ තේජාන්විත ස්වරූපයේ පෙනීම ය. එය දුටු කල මම මුණින්තළා වී වැටුණෙමි. එවිට කතා කරන කෙනෙකුගේ හඬ මට ඇසිණි.


එවිට ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ තේජෝ මහිමය එය නැවතී තිබුණු ස්ථානය වන කෙරුබ්වරුන් කෙරෙන් නැඟී දේව මාලිගාවේ එළිපත්ත ළඟට ගොස් ලිපි උපකරණ මල්ල ඇති ව, හණ වස්ත්‍රයක් හැඳගත් මිනිසාට මොරගැසී ය.


එවිට සමිඳාණන් වහන්සේගේ තේජස කෙරුබ්වරුන් කෙරෙන් නැඟී එළිපත්ත මතුයෙහි නැවතුණේ ය. මාලිගාව වලාකුළෙන් පිරුණේ ය. මළුව ද සමිඳාණන් වහන්සේගේ තේජසේ දීප්තියෙන් පිරුණේ ය.


එවිට ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජාලංකාරය නැගෙනහිර දිශාවෙන් පැමිණෙනු දිටිමි. උන් වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන් විය. පොළොව ද උන් වහන්සේගේ තේජාලංකාරයෙන් බැබළුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්