Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 9:23 - Sinhala New Revised Version

23 එවිට ෂෙම් හා ජපෙත් සළුවක් ගෙන, උරහිස් මත තබා ගෙන, පස්සෙන් පස්සට ගොස්, සිය පියාගේ නග්න භාවය වසා දැමූ හ; ඔව්හු තම පියාගේ නග්න භාවය නොදකින ලෙස තමන්ගේ මුහුණු අහකට හරවා ගෙන සිටිය හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 එවිට ෂෙම් හා ජපෙත් සළුවක් ගෙන, උරහිස් මත තබා ගෙන, පස්සෙන් පස්සට ගොස්, සිය පියාගේ නග්න භාවය වසා දැමූ හ; ඔව්හු තම පියාගේ නග්න භාවය නොදකින ලෙස තමන්ගේ මුහුණු අහකට හරවා ගෙන සිටිය හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 එවිට ෂෙම් සහ යඵෙත් වස්ත්‍රයක් ගෙන තමන්ගේ දෙවුර පිට ඒක තබාගෙන පස්සෙන් පස්සට ගොස් තමන් පියාගේ නග්නභාවය වැසුවෝය; ඔවුන්ගේ මුහුණු අහකට හැරී තිබුණු බැවින් ඔව්හු තමන් පියාගේ නග්නභාවය නුදුටුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 9:23
11 හුවමාරු යොමු  

සහෝදරයෙනි, මිනිසෙකු යම් වරදක් කරද්දී අසු වුණොත් ශුද්ධාත්ම දායාදය ඇති ඔබ මෘදුකමින් ඔහු යහමඟට හරවාගත යුතු ය. ඔබ ද පරීක්ෂාවට නොවැටෙන පිණිස ප්‍රවේසම් වන්න.


“නුඹේ පියාට ද, මවට ද ගෞරව කරව. එවිට නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කාලයක් ජීවත් වන්නෙහි ය.


ප්‍රේමය පව් රාශියක් කමා කිරීමට හේතු වන බැවින්, සියලු දේට වඩා එකිනෙකා කෙරෙහි ඉමහත් ප්‍රේමයක් ඇති ව සිටින්න.


සියල්ලන්ට ගරු කරන්න; ඇදහිලිවන්ත සමාජයට ප්‍රේම කරන්න; දෙවියන් වහන්සේට ගෞරවාදර භය පිරිනමන්න; රජුට ගෞරව දක්වන්න.


දෙතුන් දෙනෙකුගේ සාක්ෂි නැත්නම්, සභාමූලිකයෙකුට විරුද්ධ ව ඉදිරිපත් කරන කිසි ම චෝදනාවකට සවන් නොදෙන්න.


යහපත් ලෙස මූලිකයන් වශයෙන් කටයුතු කරන සභාමූලිකයන්ට, එනම්, විශේෂයෙන් දේශනා කිරීමෙහිත්, ඉගැන්වීමෙහිත් වෙහෙස දරන අයට දෙගුණයක් වේතන ගෙවිය යුතු යි.


වැඩිමහල්ලෙකුට සැරෙන් කතා නොකරන්න, පියෙකුට මෙන් ඔහුට අවවාද කරන්න. තරුණයන් සහෝදරයන් මෙන් ද,


එබැවින් හැමට ම දිය යුතු දෙය දෙන්න; වරිපනම්, ගෙවිය යුත්තාට වරිපනම් ද අයබදු ගෙවිය යුත්තාට අයබදු ද දෙන්න. පිදිය යුත්තාට පුදන්න, ගරු කළ යුත්තාට ගරු කරන්න.


“වයස්ගත ඇත්තන් ඉදිරියෙහි නැඟිට සිට, මහල්ලන්ට ගරු කළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න, මම සමිඳාණන් වහන්සේ වෙමි.


කානාන්ගේ පියා වන හාම් සිය පියාගේ නග්න භාවය දුටු විට, ඔහු ගොස් පිටත සිටි තමාගේ සොහොයුරන් දෙදෙනාට එපවත් කී ය.


නෝවා ද, වෙරි මත සිඳුණු පසු පිබිද, තම බාල පුත්‍රයා තමාට කළ දේ දැන ගත් විට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්