Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 50:11 - Sinhala New Revised Version

11 එම දේශයේ වැසියන් වූ කානානිවරු අතාද් කමතේ පැවැත්වූ අවමංගල කෘත්‍යය දැක, “මෙය මිසර වැසියන්ගේ ප්‍රසිද්ධ අවමංගල පිළිවෙතක් ය” කියා ජොර්දානෙන් එතෙර වූ එම ස්ථානයට ආබෙල්-මිශ්‍රායිම් යන නාමය තැබුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එම දේශයේ වැසියන් වූ කානානිවරු අතාද් කමතේ පැවැත්වූ අවමංගල කෘත්‍යය දැක, “මෙය මිසර වැසියන්ගේ ප්‍රසිද්ධ අවමංගල පිළිවෙතක් ය” කියා ජොර්දානෙන් එතෙර වූ එම ස්ථානයට ආබෙල්-මිශ්‍රායිම් යන නාමය තැබුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 දේශවාසීවූ කානානිවරු ආතාද්ගේ පාවරේ සිදුවූ වැලපීම දැක: මේක මිසරවරුන්ට බරපතළ වැලපීමකැයි කීවෝය. එබැවින් යොර්දානෙන් එගොඩ තිබෙන ඒ ස්ථානයට ආබෙල්-මිශ්‍රයිම් යන නාමය තබන ලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 50:11
10 හුවමාරු යොමු  

ආබ්‍රහම් උත්තර දෙමින්, “මාගේ පුතා නම් නැවත එහි නොගෙන යෑමට තරයේ සිතට ගන්න.


ඒ නගරවලට පවුරු සහිත නගර ද පිටිසර ගම් ද ඇතුළත් ය. ඔවුන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තැබූ බෙත්-ෂෙමෙෂ්හි ජෝෂුවාගේ කෙතෙහි විශාල ගල, මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂියක් වශයෙන් අද දක්වා ම තිබේ.


මේ කඳු දෙක, ජොර්දාන් ගඟින් එතෙර, බටහිරට පිහිටි කානානිවරුන් වසන මිටියාවතෙහි ගිල්ගාල් නගරය අසල මොරේගේ ආලෝන අරඹ ළඟ පිහිටා තිබේ.


පිස්ගා කඳු ශිඛරයට නැඟ, පෙර අපර දෙදිග ද උතුර හා දකුණ ද හිස ඔසවා බලා මැනවින් නරඹන්න. ජොර්දාන් ගඟින් ඔබ එතෙර නොවනු ඇත.


එබැවින් ජොර්දාන් ගඟින් එගොඩ වී, එතෙර ඇති සරුසාර රට ද දැකුම්කලු කඳුකරය ද ලෙබනොන් දේශය ද දැකගැනීමට මට කරුණාකර අවසර දෙනු මැනව’යි ඉල්ලීමි.


ඔව්හු ජොර්දානෙන් එගොඩ අතාද් නම් ස්ථානයේ කමතට පැමිණ, එහි මහත් සංවේගයකින් තදින් වැලපුණාහ. ජෝසෙප් ද දවස් හතක් අවමංගල වත්පිළිවෙත් ඉටු කෙළේ ය.


එවිට ජාකොබ් සිමියොන්ට සහ ලෙවීට කතා කොට, “මේ දේශයේ වැසියන් වන කානානිවරුන් සහ පෙරිස්සිවරුන් අතර, මා දුගඳක් මෙන් පිළිකුලට ලක් කිරීමෙන් නුඹලා මට ලොකු අවැඩක් කර තිබේ. මට ඇත්තේ ගණනින් සුළු පිරිසකි. එබැවින් ඔවුන් මට විරුද්ධ ව එක පෙරමුණක් ගෙන, මා මරාදමනු ඇත. මෙසේ මාගේ මුළු පවුලත් මමත් විනාශ වී යන්නෙමු”යි කී ය.


එහෙයින් ආබ්‍රම්ගේ ගොපලුන් හා ලොත්ගේ ගොපලුන් අතර ආරාවුල් හට ගැනිණි. එකල කානානිවරු ද පෙරිස්සිවරු ද එම දේශයෙහි වාසය කළෝ ය.


තවද, ජාකොබ්ගේ පුත්‍රයෝ ඔහුගේ අණ පරිදි සියල්ල ඉටු කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්