Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 5:3 - Sinhala New Revised Version

3 ආදම්ට වයස අවුරුදු එකසිය තිහක් (130) වූ විට තමාගේ ම සමානත්වය හා ස්වරූපය ඇති පුතෙක් ඔහුට ලැබිණි. මොහුට සෙත් යන නාමය තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ආදම්ට වයස අවුරුදු එකසිය තිහක් වූ විට තමාගේ ම සමානත්වය හා ස්වරූපය ඇති පුතෙක් ඔහුට ලැබිණි. මොහුට සෙත් යන නාමය තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ආදම් එකසිය තිස් අවුරුද්දක් ජීවත්වූ පසු තමාගේම සමානත්වයෙන් තමාගේ ස්වරූපය මෙන් පුත්‍රයෙකු උපදවා ඔහුට සෙත් යන නම තැබුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 5:3
15 හුවමාරු යොමු  

ආදම් ද යළි සිය භාර්යාව සමඟ එක් විය. ඈ පුතෙකු ලැබූ කල, “කායින් මැරූ ආබෙල් වෙනුවට දෙවියන් වහන්සේ මට පුතෙකු දුන් සේකැ”යි කීවා ය. එබැවින් ඈ ඔහුට සෙත් යන නාමය තැබුවා ය.


එකල අපිත් ඔවුන්ගේ ගණයට අයිති ව, මාංසික තෘෂ්ණාවලට වහල් ව ජීවත් වෙමින්, සිතෙත් කයෙත් ආශාවන් පිනවමින්, සෙසු අය මෙන් අපේ ගතිපැවතුම් අනුව දේව උදහසට ලක් වී සිටියෙමු.


සියලු සත්වයන්ගේ මාංසය ඒකාකාර නොවේ. මිනිසුන්ගේ මාංසය එක් ආකාරයකි. මෘගයන්ගේ මාංසය තව ආකාරයකි. පක්ෂීන්ගේ මාංසය තවත් ආකාරයකි. මත්ස්‍යයන්ගේ මාංසය වෙනත් ආකාරයකි.


එක මනුෂ්‍යයෙකු නිසා පාපයත්, පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින්, මරණය මුළු මිනිස් සංහතියට ම පොදු ව පවතී.


කයින් උපදින දේ කායික ය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මික ය;


දේව දූතයා ඈට උත්තර දෙමින්, “ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක.


පවට නැම්ම ඇතිව යි, මා මෙලොව උපන්නේ; කෙලෙස් මලින් යුතුව යි, මා මව් කුසේ පිළිසිඳුණේ.


එවන් දෙවිඳුන් අබිමුවෙහි දමිටු කෙනෙකු සිටිය හැකි ද? මෙලෝ උපන් දනන් අතර නිමල කෙනෙකු සිටිය හැකි ද?


අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්න කාට හැකි ද? කිසිවෙකුට බැරි ය!


ඔහු අර්පක්සද්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙම්ගේ පුත්‍රයා ය, ඔහු නෝවාගේ පුත්‍රයා ය, ඔහු ලාමෙ‍ක්ගේ පුත්‍රයා ය,


අපි භෞමික තැනැත්තාගේ ස්වරූපය දරන්නා සේ ම, ස්වර්ගීක තැනැත්තාගේ ස්වරූපය ද දරන්නෙමු.


ස්ත්‍රී-පුරුෂ වශයෙන් ඔවුන් මැවූ සේක. උන් වහන්සේ ඔවුන් මවන විට ඔවුන්ට ආශීර්වාද කරමින් ‘මිනිසා’ යන නාමය ඔවුන්ට තැබූ සේක.


සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු අටසියයක් (800) ජීවත් විය. ඔහුට දාව තව දරුදැරියෝ උපන්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්