Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 49:6 - Sinhala New Revised Version

6 එම්බා, මා අධ්‍යාත්මය, ඔබ ඔවුන්ගේ කුමන්ත්‍රණවලට නොබැඳේ වා! එම්බා, මාගේ කීර්ති නාමය, ඔවුන්ගේ සමාගම්වලට එකතු නො වේ වා! ඒ මන්ද, ඔව්හූ කිපී මිනිසුන් මැරූ හ. හිතුමතේ ගොනුන්ගේ සතර ගාතය සිඳදැමූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එම්බා, මා අධ්‍යාත්මය, ඔබ ඔවුන්ගේ කුමන්ත්‍රණවලට නොබැඳේ වා! එම්බා, මාගේ කීර්ති නාමය, ඔවුන්ගේ සමාගම්වලට එකතු නො වේ වා! ඒ මන්ද, ඔව්හූ කිපී මිනිසුන් මැරූ හ. හිතුමතේ ගොනුන්ගේ සතර ගාතය සිඳදැමූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 එම්බා මාගේ ආත්මය, ඔවුන්ගේ මන්ත්‍රණයට ඇතුල්නොවන්න; මාගේ මහිමය ඔවුන්ගේ සමාගමට එකතුනොවන්න; කුමක්හෙයින්ද ඔවුන්ගේ කෝපයෙන් ඔව්හු මනුෂ්‍යයෙකු මැරුවෝය, ඔවුන්ගේ හිතුවක්කාරකමෙන් ගොනෙකුගේ කුදි කැපුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 49:6
29 හුවමාරු යොමු  

එවිට ජාකොබ් සිමියොන්ට සහ ලෙවීට කතා කොට, “මේ දේශයේ වැසියන් වන කානානිවරුන් සහ පෙරිස්සිවරුන් අතර, මා දුගඳක් මෙන් පිළිකුලට ලක් කිරීමෙන් නුඹලා මට ලොකු අවැඩක් කර තිබේ. මට ඇත්තේ ගණනින් සුළු පිරිසකි. එබැවින් ඔවුන් මට විරුද්ධ ව එක පෙරමුණක් ගෙන, මා මරාදමනු ඇත. මෙසේ මාගේ මුළු පවුලත් මමත් විනාශ වී යන්නෙමු”යි කී ය.


පවිටුන් හා සමඟ මා විනාශ නොකළ මැනව; මිනීමරුවන් සමඟ මා පහ නොකළ මැනව.


එබැවින් මසිත උදන් අනයි; මහද ප්‍රීතියෙන් පිනා යන්නේ ය; මා ගත සුරැකි ව ඇත්තේ ය.


නොඇදහිලිවතුන් සමඟ නොගැළපෙන සම්බන්ධකම්වලින් නොබැඳෙන්න. යුක්තියත් අයුක්තියත් අතර ඇති සම්බන්ධකම කුමක් ද? එළියත් අඳුරත් අතර ඇති එකමුතුකම කුමක් ද?


‘අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්තු සම්භාරයක් මෙ‍හි රැස් කොට තිබේ. විවේක සුවයෙන් කා බී ප්‍රීති වන්නැ’යි මට ම කියාගනිමි.


විනෝදකාමීන්ගේ සමාගමෙහි හිඳගෙන මම ප්‍රීති නොවීමි. මට විරුද්ධ ව අත එසෙවූ බැවින් ඔවුන්ගෙන් වෙන් වී මම කෝපයෙන් පිරී සිටියෙමි.


අනේ! මාගේ දරුණු වේදනාව, මාගේ දරුණු වේදනාව. ඒ වේදනාවෙන් මම ඇඹරෙන්නෙමි. අහෝ මාගේ පපුව! මාගේ පපුව තදින් ගැහෙයි. මට නිශ්ශබ්ද ව සිටින්නට බැරි ය. මන්ද, හොරණෑ හඬත්, රණ හඬත් මට ඇසුණේ ය.


දුෂ්ටයන්ගේ උපායවලින් මා රැකගත මැනව; කලහකාරී සෙනඟගෙන් මා ආරක්ෂා කළ මැනව.


මාගේ හදවත, අවදි වන්න! එම්බා! කුඩා වීණාව, මහා වීණාව, පිබිදෙන්න! එවිට මම උදාහිරු අවදි කරන්නෙමි.


දැහැමියන්ගේ අදහස් යුක්ති සහගත ය; දුෂ්ටයන්ගේ කුමන්ත්‍රණ වංචනික ය.


“අප සමඟ එන්න, අපි මඟ රැක සිට කෙනෙකු මරාදමමු; සැඟවී සිට, වරදක් නොකළ නිදොස් අයෙකුට පහර දෙමු.


දෙවිඳුනි, ඔබ දුෂ්ටයන් මරන සේක් නම්, මම කොපමණ කැමැත්තෙම් ද? දුදනෝ මාගෙන් අහක් ව යන්නෝ නම්, මම කොපමණ ආසා වෙම් ද?


මාගේ සිත, සමිඳුන් පසසන්න; හද පත්ලෙන් ම එතුමන්ගේ ශුද්ධ නම පසසන්න.


ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට යළිත් මෙ මම් පැසසුම් දෙමි.


ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි.


ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි.


දැන් ඉතින් මම නිහඬ ව නොසිටිමි. ඔබට ගී පසස් ගයන්නෙමි. මාගේ දෙවි සමිඳුනි, සදහට ම ඔබ හට ගී ගයන්නෙමි.


සිය අසල්වැසියන් සමඟ සාමදානයෙන් කතා කළත්, හිත යට නපුරු චේතනා ඇති දුෂ්ටයන් ද නොපණත්කම් කරන්නන් ද සමඟ මා පහ නොකළ මැනව.


දෙවිඳුනි, ඔවුන් නසා වනසා ලුව මැනව; ඔවුන්ගේ කූට උපායවලට ඔවුන් ම අසු කළ මැනව; ඔවුන්ගේ බොහෝ අපරාධ නිසා ඔවුන් දුරින් දුරු කළ මැනව. මන්ද, ඔව්හු ඔබට එරෙහි ව කැරලි ගැසුවෝ ය.


දුදනන් උපදෙස් අනුව නොයන, පව්කරුවන්ගේ මඟ නොයන, දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන,


කීෂොන් ගංගාව, ඒ පැරණි ගංගාව ඔවුන් ගසාගෙන ගියා ය. සවි ශක්තියෙන් මම ඉදිරිය ම බලා ගමන් කරමි.


‘තම අසල්වැසියා රහසින් මරා දමන්නාට සාප වේවා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.


ජෝෂුවා, සමිඳාණන් වහන්සේ තමාට වදාළ ලෙස ඔවුන්ට කර, ඔවුන්ගේ අශ්වයන්ගේ කුදි කපා ඔවුන්ගේ රථ ගින්නෙන් පුළුස්සාදැමුවේ ය.


අසරුවන් එක්දහස් හත්සියයක් ද පාබළ සෙනඟ විසිදහසක් ද ඔහුගෙන් අල්ලාගෙන, එයින් රථ සියයකට අසුන් ඉතිරි කරගෙන අනික් සියලු අශ්වයන්ගේ කුදිකපා අබලන් කෙළේ ය.


රථ දහසක් ද අසරුවන් සත්දහසක් ද පා බළ සෙනඟ විසිදහසක් ද ඔහුගෙන් අල්ලාගෙන, රථ-අශ්වයන් සියයක් ඉතුරු කරගෙන, අනික් සියලු අශ්වයන්ගේ කුදි කපා අබලම් කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්