Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 48:18 - Sinhala New Revised Version

18 පියාට කතා කොට, “පියාණෙනි, මෙසේ නොවේ. කුලුඳුලා මොහු ය, ඔබේ දකුණත මොහුගේ හිස මත තබන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 පියාට කතා කොට, “පියාණෙනි, මෙසේ නොවේ. කුලුඳුලා මොහු ය, ඔබේ දකුණත මොහුගේ හිස මත තබන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 තවද යෝසෙප්: මාගේ පියාණෙනි, එසේ නොවේවා. මොහු කුලුඳුලාය; ඔබගේ දකුණත මොහුගේ හිස පිට තැබුවමැනවැයි තම පියාට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 48:18
11 හුවමාරු යොමු  

එහෙත්, ලොත් ඔවුන්ට උත්තර දෙමින්, “ස්වාමීනි, එසේ නො වේ වා!


පසුව ඈ, ගෙදර තිබුණු දෙටු පුත් ඒසව්ගේ අගනා වස්ත්‍ර රැගෙන, තම බාල පුත් ජාකොබ්ට හඳවා,


ලාබන් ද උත්තර දෙමින්, “වැඩිමලාට කලින් බාලයා සරණ පාවා දීම අපේ රටේ සිරිත නොවේ.


ජෝසෙප්ගේ සහෝදරයෝ ද ඔහුට මූණ ලා, වැඩිමලා පටන් බාලයා දක්වා වයස් අනුව පිළිවෙළට වාඩි කරවන ලදහ. ඔව්හු විස්මිත වී එකිනෙකා දෙස බැලූ හ.


සිය පියා ඔහුගේ දකුණත එප්‍රායිම්ගේ හිස මත තැබූ බව ජෝසෙප් දුටු විට ඔහු කලබල වී, එය එප්‍රායිම්ගේ හිසින් ඉවතට ගෙන මනස්සේගේ හිස මතට ගෙන එන්න තම පියාගේ අත අල්ලාගෙන,


එහෙත්, ඔහුගේ පියා එය ප්‍රතික්ෂේප කරමින්, “මම එය දනිමි, මා පුත, මම එය දනිමි, ඔහු ද ජනතාවක් වන්නේ ය. ඔහු ද බලවතෙක් වන්නේ ය. එහෙත් සැබැවින් ම ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා බලවත් වන්නේ ය, ඔහුගේ පෙළපත විශාල සෙනඟක් වන්නේ ය”යි කී ය.


රූබන්, ඔබ මාගේ කුලුඳුලා ය, ඔබ මාගේ බල විකුම ය, මාගේ පුරුෂ ශක්තියේ නාඹුල් පලය ඔබ ය. ඔබ උදාරත්වයෙන් අගතැන්පත් වේ. බල මහිමෙන් මුදුන්මල්කඩ වේ.


ඊට ඉඩ නොදෙනු ඇත. දැන් ඉතින් නුඹලා පිරිමි පක්ෂය ගොස් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. නුඹලාට උවමනා කෙළේ එය නොවේ ද” කියා තමා වෙතින් ඔවුන් පන්නාදැමී ය.


එහෙත්, නුවණ ඇති අය, ‘එසේ කළ නොහැක; අප දෙගොල්ලන්ට ම සෑහෙන තරම් තෙල් මෙහි නැත; එබැවින් වෙළෙඳුන් වෙත ගොස් ඔබ ම මිල දී තෙල් ගන්නැ’යි පිළිතුරු දුන්හ.


එහෙත් පේදුරු, “ස්වාමීනි, එසේ නොවේ වා; මන්ද, අකැප, අපවිත්‍ර දෙයක් කිසි කලෙකත් මම නොකෑවෙමි”යි කී ය.


මම ද, ‘ස්වාමීනි, එය නම් කළ නොහැක; අකැප, අපවිත්‍ර දෙයක් කිසි කලෙකත් මා කටට ගෙන නැතැ’යි කීවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්