Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 47:19 - Sinhala New Revised Version

19 අප ද අපේ ගම්බිම් ද ඔබ බලාගෙන සිටිද්දී විනාශ වී යා යුතු ද? ආහාර සැපයීමේ හිලව්වට අප ද අපේ ගම්බිම් ද මිලයට ගන්න. එවිට අපි ද, අපගේ ගම්බිම් සමඟ පාරාවෝට වහල්ලු වන්නෙමු. අප නොමැරී ජීවත් වෙන පිණිසත්, ඉඩකඩම් පුරන් වී නොයන පිණිසත් අපට බිත්තර වී දෙන්නැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 අප ද අපේ ගම්බිම් ද ඔබ බලාගෙන සිටිද්දී විනාශ වී යා යුතු ද? ආහාර සැපයීමේ හිලව්වට අප ද අපේ ගම්බිම් ද මිලයට ගන්න. එවිට අපි ද, අපගේ ගම්බිම් සමඟ පාරාවෝට වහල්ලු වන්නෙමු. අප නොමැරී ජීවත් වෙන පිණිසත්, ඉඩකඩම් පුරන් වී නොයන පිණිසත් අපට බිත්තර වී දෙන්නැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 අප සහ අපේ ගම්බිම් කුමක් නිසා ඔබගේ ඇස් ඉදිරියෙහි නාස්තිවී යන්නේද? අපද අපේ ගම්බිම්ද ගෙන ආහාර දුන මැනවි; අපේ ගම්බිම් ඇතුළුව අපි ඵාරාවෝට දාසයෝ වන්නෙමු. අප නොනැසී ජීවත්වන පිණිසද භූමිය පාළු නොවන පිණිසද අපට බීජ දුනමැනවයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 47:19
11 හුවමාරු යොමු  

සාතන් ද උත්තර දෙමින්, “ඇඟ බේරාගෙන, පණ රැක ගැනුම පිණිස මිනිහෙකු නොදෙන දෙයක් ඇද් ද?


පාළුකරයේ මිනීමරුවන් සැරිසරන බැවින් කෑම සෙවීමේ දී අපි අන්තරාවට මූණ පාමු.


සෑහෙන පමණ කෑම ලබන පිණිස, මිසරයටත්, අසිරියාවටත් අපි සිඟමින් ගියෙමු.


ඇගේ මුළු සෙනඟ කෑම සොයමින් සුසුම්ලති. පණ රැකගන්න පිණිස ඔව්හු ආහාර වෙනුවට තමන්ගේ වටිනා දේ දුන්නෝ ය. සමිඳුනි, මා නීච වී සිටින බව බලා මා සැලකුව මැනව.


යමෙකු මුළු ලෝකය ම ලබාගත්තත්, සිය දිවි නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක් ද? නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකි ද?


මිසරයේ හා කානාන් දේශයේ මුදල් ඉවර වූ විට මිසර වාසි සියල්ලෝ ම ජෝසෙප් වෙත අවුත්, “අපට ආහාර දෙන්න, නැත්නම් ඔබ බලාගෙන සිටිද්දී ම අප මැරෙනු ඇත. අපේ මුදල් ඉවර ය”යි කී හ.


ඒ අවුරුද්ද අවසාන වූ විට, දෙ වන අවුරුද්දේ දී ඔව්හු වෙත අවුත්, ඔහුට කතා කොට, “ස්වාමීනි, ඔබෙන් කරුණු සැඟවීමට නම් බැරි ය; අපේ මුදල් ඉවර ය; අපේ ගව පට්ටි ද ස්වාමීන් සතු ය. අපගේ ශරීර හා ගම්බිම් ඇරෙන්න වෙන කිසිවක් ස්වාමීන් ඉදිරියෙහි අපට නැත.


මෙසේ ජෝසෙප්, මිසරයේ ඉඩකඩම් සියල්ල ම පාරාවෝ සඳහා මිලට ගති. මන්ද, සාගතය ඔවුන් කෙරෙහි දරුණු වූ බැවින්, සෑම මිසර වැසියෙකු ම තම ඉඩකඩම් විකුණුවෙන් මුළු රට ම පාරාවෝ සතු විය.


මිසර දේශයේ ඇතිවෙන්නට යන සාගත අවුරුදු හත වළක්වාලීම සඳහා ඒ ආහාර රටේ ගබඩා කොට තැබුවහොත් සාගතයෙන් රට විනාශ නොවනු ඇතැ”යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්