Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 46:3 - Sinhala New Revised Version

3 එවිට උන් වහන්සේ කතා කරමින්, “මම වනාහි දෙවියන් වහන්සේ වෙමි; නුඹේ පියාගේ දෙවියන් වහන්සේ වෙමි. මිසරයට යෑමට බිය නොවන්න. මන්ද, මම එහි දී නුඹේ පෙළපතින් මහත් ජාතියක් ඇති කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 එවිට උන් වහන්සේ කතා කරමින්, “මම වනාහි දෙවියන් වහන්සේ වෙමි; නුඹේ පියාගේ දෙවියන් වහන්සේ වෙමි. මිසරයට යෑමට බිය නොවන්න. මන්ද, මම එහි දී නුඹේ පෙළපතින් මහත් ජාතියක් ඇති කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 එවිට උන්වහන්සේ: මම දෙවියන්වහන්සේය, නුඹේ පියාගේ දෙවියන්වහන්සේය. මිසරයට යන්ට භයනොවව; කුමක්හෙයින්ද මම එහිදී නුඹ මහත් ජාතියක් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 46:3
24 හුවමාරු යොමු  

“ඉන්පසු ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරිපිට මෙසේ කිව යුතු ය: ‘මාගේ ආදි පියා තැනින් තැන සංචාරය කළ අරමීය ජාතිකයෙකි. ඔහු කුඩා පිරිසක් කැටුව මිසරයට ගොස්, එහි කලකට පදිංචි වී මහත් බලසම්පන්න, ගණනින් විශාල ජාතියක් විය.


මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.


‘පාවුලු බිය නොවන්න; ඔබ අධිරාජයා ඉදිරියෙහි සිටින්නට ම ඕනෑ ය. මෙන්න, ඔබ සමඟ නැවෙන් යන සියල්ලන්ගේ ද ආරක්ෂාව දෙවියන් වහන්සේ ඔබට දුන් සේකැ’යි කී ය.


බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.


තවදුරටත් දෙවියන් වහන්සේ ඔහු අමතමින්, “මම සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ සමෘද්ධ වී, වර්ධනය වන්න. නුඹෙන් ජාතියක් හා ජාතීන් සමුදායක් බිහි වන්නෝ ය. නුඹට දාව රජවරු පවා උපදින්නෝ ය.


“දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීමේ කාලය ළංවෙත් ම, අපේ ජනයා මිසරයෙහි වැඩී වර්ධනය වූ හ.


ඔබේ පියවරුන් මිසර දේශයට යන විට සිටියේ හැත්තෑදෙනෙකි. එහෙත්, දැන් නම් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අහසේ තරු මෙන් ගණනින් ඔබ වැඩි වර්ධනය කර ඇත.”


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැම වැඩි වර්ධනය කළ සේක. පුදුමයකි! අද දින ඔබ හැම ගණනින් අහසේ තරු හා සමාන ය.


ඉශ්රායෙල් හෙවත් ජාකොබ් මිසර දේශයෙහි ගෝෂෙන් නම් පෙදෙසෙහි වාසය කෙළේ ය. ඔවුන්ට එහි ගම්බිම් අයිති විය. ඔව්හු සඵල ව බොහෝ සෙයින් වැඩි වර්ධනය වූ හ.


මම බොහෝ සෙයින් ඔබට ආශීර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකා මෙන් ද වෙරළේ වැලි මෙන් ද බහුල වන සේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝ ය.


මොහුගේ පෙළපත මහත් බලසම්පන්න ජාතියක් වන්නේ ය. මිහි පිට සියලු ජාතීන්, මා ආබ්‍රහම්ට ආශීර්වාද කළ ලෙස ඔවුන්ටත් ආශීර්වාද කරන මෙන් මගෙන් අයැදිනු ඇත.


සමිඳාණන් වහන්සේ ද ඔහුට කතා කොට, “මෙය සැබැවින් ම දැනගන්න; නුඹෙන් පැවතෙන පෙළපත විදේශීය රටක විදේශික ව සිටිනු ඇත. එහි දී ඔව්හු වහල් සේවය කරමින් අවුරුදු හාරසියයක් තිස්සේ තාඩන පීඩන විඳින්නාහ.


කලකට පසු සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, පණිවුඩයක් දෙමින්, “ආබ්‍රම්, බිය නොවන්න; නුඹ රක්නා පලිහ මම ය; නුඹේ වාසනාව අතිවිසල් ය”යි වදාළ සේක.


එවිට ෂාපාන්ගේ පුත් වන අහිකාම්ගේ පුත් ගෙදලියා ඔවුන්ටත්, ඔවුන්ගේ සෙනඟටත් දිවුරුම් දෙමින් කතා කොට, “බබිලෝනිවරුන්ට සේවය කරන්නට බිය නොවන්න. දේශයෙහි වසමින් බබිලෝනියේ රජුට සේවය කරන්න. එවිට ඔබට ශුභසිද්ධ වන්නේ ය.


ආබ්‍රම් අවුරුදු අනූනවයක් ආයු වැළඳූ පසු සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී: “මම වනාහි සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ දිවි ඇති තාක් මට කීකරු වී, නිදොස් ව සිටින්න,


සියලු නපුරෙන් මා මුදාලූ ඒ දූතවරයාණෝ, මේ දරුවන්ට ආශීර්වාද කරන සේක් වා! මාගේ නම ද මා පියවරුන් වූ ආබ්‍රහම්ගේ හා ඊසාක්ගේ නම ද ඔවුන් සමඟ නොමැකී පවතී වා! ඔව්හු මිහි මත සඵල විපුල මහ ජනතාවක් වෙත් වා!”


එහෙත්, ඔහුගේ පියා එය ප්‍රතික්ෂේප කරමින්, “මම එය දනිමි, මා පුත, මම එය දනිමි, ඔහු ද ජනතාවක් වන්නේ ය. ඔහු ද බලවතෙක් වන්නේ ය. එහෙත් සැබැවින් ම ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා බලවත් වන්නේ ය, ඔහුගේ පෙළපත විශාල සෙනඟක් වන්නේ ය”යි කී ය.


මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින්, “බිය නොවන්න, ස්ථිර ව සිටින්න, සමිඳාණන් වහන්සේ අද ඔබ ගළවාලන පිණිස උන් වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහු ය. අද ඔබ දකින මිසර වාසීන් මින්පසු ඔබ කවදා වත් නොදකින්නහු ය.


එහෙත් පීඩා විඳින්න, විඳින්න ඔව්හු වඩ වඩා වැඩි වී, වර්ධනය වූ හ. මිසර දේශ වාසීහු ද ඉශ්රායෙල් සෙනඟට බිය වී,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්