Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 45:22 - Sinhala New Revised Version

22 ඔවුන් එක් එක්කෙනාට අලුත් ඇඳුම් කට්ටලයක් බැගින් දුන්නේ ය. එහෙත්, ඔහු බෙන්ජමින්ට රිදී කාසි තුන් සියයක් ද, අලුත් ඇඳුම් කට්ටල පහක් ද දුනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ඔවුන් එක් එක්කෙනාට අලුත් ඇඳුම් කට්ටලයක් බැගින් දුන්නේ ය. එහෙත්, ඔහු බෙන්ජමින්ට රිදී කාසි තුන් සියයක් ද, අලුත් ඇඳුම් කට්ටල පහක් ද දුනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 ඔහු ඔවුන් එකිනෙකාට ඇඳුම් කුට්ටමක් බැගින් දුන්නේය; නුමුත් බෙන්යමින්ට රිදී තුන්සියයක් සහ ඇඳුම් කුට්ටම් පහක් දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 45:22
7 හුවමාරු යොමු  

පසුව ජෝසෙප් තම මේසයෙන් ඔවුන් එකිනෙකාට ආහාර යැව්වේ ය. එහෙත්, බෙන්ජමින්ගේ කොටස අනික් අයගේ කොටස් මෙන් පස් ගුණයක් විය. ඔව්හු ද ඔහු සමඟ බීම පානය කොට ප්‍රීති ප්‍රමෝද වූ හ.


සිරියාවේ රජ ද, “ඉතින් ඔබ එහි යන්න; මම ඉශ්රායෙල් රජුට ලියුමක් හරින්නෙමි”යි කී ය. ඔහු ද රිදී කාසි තිස්දාහකුත්, රන් කාසි හයදාහකුත්, ඇඳුම් කුට්ටම් දසයකුත් රැගෙන පිටත් ව ගියේ ය.


සම්සොන් කතා කොට, “මම දැන් ඔබ හැමට ප්‍රහේලිකාවක් කියමි. මංගල්‍ය දවස් සත ඇතුළත දී ඔබ එය විසඳා මට කීවොත්, මම ඔබ හැමට සිහින් සළු තිහක් ද ඇඳුම් කට්ටල තිහක් ද දෙන්නෙමි.


එවිට ඔවුන් එකිනෙකාට සුදු සළුවක් දෙන ලද්දේ ය. ඔවුන් මෙන් ම මරනු ලැබීමට සිටි ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන්ගේ ද සහෝදරයන්ගේ ද ගණන සම්පූර්ණ වන තුරු තව ටික කලක් නවතින්නැ යි ඔවුන්ට කියන ලද්දේ ය.


එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරේ පැමිණියේ ය. ඔහු අෂ්කෙලොන්ට ගොස්, එහි මිනිසුන් තිස්දෙනෙකු මරා, ඔවුන්ගෙන් කොල්ලකාගෙන ප්‍රහේලිකාව තෝරා දුන් අයට ඇඳුම් කට්ටල දුන්නේ ය. ඔහු ඉමහත් කෝපයෙන් ඇවිළී තමාගේ පියාගේ ගෙදරට ගියේ ය.


තවද, ඔහු තමාගේ පියාට මිසරයේ ඉතා අගනා දේ පටවන ලද කොටළුවන් දසදෙනෙකු ද, මාර්ගයේ දී ඔහුට උවමනා ධාන්‍ය ආහාර සහ මස් මාංස පටවන ලද කොටළු දෙනුන් දසදෙනෙකු ද යැවී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්