Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 42:24 - Sinhala New Revised Version

24 ඔහු ද ඔවුන්ගෙන් ඉවතට ගොස් හැඬී ය. පසුව යළි ඔවුන් වෙත පැමිණ ඔවුන් සමඟ කතා කොට, ඔවුන් අතරෙන් සිමියොන් රැගෙන, ඔවුන් ඉදිරිපිට ම ඔහු බැන්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඔහු ද ඔවුන්ගෙන් ඉවතට ගොස් හැඬී ය. පසුව යළි ඔවුන් වෙත පැමිණ ඔවුන් සමඟ කතා කොට, ඔවුන් අතරෙන් සිමියොන් රැගෙන, ඔවුන් ඉදිරිපිට ම ඔහු බැන්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 ඔහු ඔවුන් වෙතින් අහක්ව ගොස් හැඬුවේය; නැවතත් ඔහු ඔවුන් ළඟට ඇවිත් ඔවුන් සමඟ කථාකර ඔවුන් කෙරෙන් සිමියොන් රැගෙන ඔවුන්ගේ ඇස් හමුවෙහි බැන්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 42:24
15 හුවමාරු යොමු  

තම සහෝදරයා කෙරෙහි ජෝසෙප්ගේ සිත කම්පා වී, තම නෙත් කඳුළින් පිරී ගියනේ, ඔහු වහා පිටත ගොස්, තම කාමරයට ඇතුළු වී, හඬන්නට විය.


මන්ද, අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව, හැම අයුරින් ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි.


මෙසේ එක අවයවයක් වේදනා විඳී නම් ඒ සමඟ සියලු ම අවයවයෝ වේදනා විඳිති; එලෙස ම එක අවයවයක් ගෞරව ලබයි නම්, ඒ සමඟ සියලු ම අවයවයෝ ප්‍රීති වෙති.


ප්‍රීති වන්නන් සමඟ ප්‍රීති වන්න, ශෝක වන්නන් සමඟ ශෝක වන්න.


උන් වහන්සේ අගනුවරට ළඟා වී එය දුටු විට නුවර ගැන හඬමින් මෙ‍සේ වදාළ සේක:


ඔවුන්ගේ සියලු දුක් කරදරවල දී දුක් වූ සේක. ඔවුන් ගැළෙව්වේ දේව දූතයෙකු නොව සමිඳාණෝ ම ය. එතුමාණෝ ස්වකීය ප්‍රේමයෙන් හා දයාවෙන් ඔවුන් මුදාගත් සේක. පසුගිය කාලයේ දී නොකඩවා ඔවුන් නැඟිටුවා, එතුමාණෝ ආරක්ෂා කළ සේක.


එවිට ඔහු උත්තර දෙමින්, “ඔබට ආසිරි වේ වා! බිය නොවන්න, ඔබේ දෙවියන් වහන්සේ ද, ඔබේ පියාගේ දෙවියන් වහන්සේ ද, ඔබේ ගෝණිවල ඔබට නිධානයක් දුන් සේක. ඔබේ මුදල් මට ලැබුණේ ය”යි කී ය. ඉන්පසු ඔහු සිමියොන් ඔවුන් වෙත කැඳවාගෙන ආවේ ය.


තවද, ඒ මිනිසා නුඹලාගේ අනෙක් සහෝදරයා ද බෙන්ජමින් ද ආපසු එවන ලෙස, සියලු බලැති දෙවියන් වහන්සේ ඔහු හමුවෙහි නුඹලා හට ප්‍රසාදය ලැබෙන්නට සලසන සේක් වා! මාගේ දරුවන් නැතිවෙනවා නම් ඔව්හු නැතිවෙත් වා!”යි කීවේ ය.


තුන් දිනකට පසු, ඔවුන් තවමත් තුවාළවලින් වේදනා විඳින කල්හි, ජාකොබ්ගේ පුතුන් දෙදෙනෙකු වන, සිමියොන් සහ ලෙවී යන දීනාගේ සහෝදරයෝ, තම කඩු රැගෙන, රහසින් නුවරට වැද, සියලු පිරිමින් මරාදැමූ හ.


ඔවුන් කී දේ ජෝසෙප් තේරුම් ගත් බව ඔව්හු දැන නොගත්හ. මන්ද, ඔහු ඔවුන්ට කතා කෙළේ තෝල්කයෙකු මඟින් බැවිනි.


එවිට ජෝසෙප්ට තමා ළඟ සිටි පිරිවර ඉදිරියේ තමන් සිත වාවාගත නොහැකි වී, “සියල්ලන් ම මා වෙතින් ඉවතට යන්න හරින්නැ”යි හඬනැඟුවේ ය. මෙසේ ජෝසෙප් ඔහුගේ සහෝදරයන්ට තමන් ම හඳුන්වා දෙන විට ඔහු සමඟ අන් කිසිවෙක් එහි නොසිටියේ ය.


ඔහු මහ හඬින් හැඬී ය. මිසර වාසීන්ට ද, පාරාවෝගේ රජ වාසල අයට ද එය ඇසිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්