Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 42:18 - Sinhala New Revised Version

18 තුන් වන දින ජෝසෙප් ඔවුන්ට කතා කොට, “මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇත්තෙක්මි. එබැවින් නුඹලා පණ බේරාගන්න කැමැති නම් මෙසේ කරන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 තුන් වන දින ජෝසෙප් ඔවුන්ට කතා කොට, “මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇත්තෙක්මි. එබැවින් නුඹලා පණ බේරාගන්න කැමැති නම් මෙසේ කරන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 තුන්වෙනි දින යෝසෙප් ඔවුන්ට කථාකොට: නුඹලා ජීවත්වෙන පිණිස මෙසේ කරන්න; මක්නිසාද මම දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 42:18
12 හුවමාරු යොමු  

දැඩි ලෙස ඔවුන් පාලනය නොකළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට නුඹලා ගරුබිය පෑ යුතු ය.


එහෙත්, මට පෙර සිටි පුරෝගාමි දිශාධිපතිවරු සෙනඟට බරක් වී, කෑමත් මුද්‍රික පානයත් හැර රිදී කාසි හතළිහකුත් අය කරගත්තෝ ය. ඒ පමණක් නොව, ඔවුන්ගේ සේවකයෝ පවා සෙනඟට හිරිහැර කළෝ ය. එහෙත්, මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි නිසා එසේ නොකෙළෙමි.


“එක් නුවරක දෙවියන්ට බිය නැති, මිනිසුන්ට ගරු නොකරන විනිශ්චයකාරයෙක් වී ය.


ආබ්‍රහම් උත්තර දෙමින්, “ඇත්තෙන් ම දෙවියන් වහන්සේට බිය ඇති කෙනෙකු මෙහි නොසිටින බැවින් මාගේ භාර්යාව ලබාගැනීමට ඔවුන් මා මරාදමනු ඇතැ යි මම සිතුවෙමි.


ඔහු කලක් ඒ ඉල්ලීම නොසලකා හැරියේ ය. පසුව ඔහු තමාට ම මෙ‍සේ කියාගත්තේ ය, ‘මා දෙවියන් වහන්සේට ගරුබිය නොපෑවත්, මනුෂ්‍යයන්ට ගරු සරු නොකළත්,


මම තවදුරටත් කතා කරමින්, “ඔබ කරන දේ හොඳ නැත. අපේ සතුරන් වන අන්‍ය ජාතීන්ගේ අපහාසයට අප ලක් නොවන පිණිස, අපේ දෙවියන් වහන්සේට ගරුබිය ඇති ව හැසිරිය යුතු නොවේ ද?


මේ නිවස කෙරෙහි ඔහුට මෙන් ම මට ද පාලන බලය ඇත. ඔබ ඔහුගේ භාර්යාව නිසා ඔබ හැරෙන්නට, අන් සියල්ල ම මට බාර දී ඇත. එසේ නම් මම මෙ වැනි මහා දුෂ්ට ක්‍රියාවක් කොට, දෙවියන් වහන්සේට විරුද්ධ ව කෙසේ පව් කරම් දැ”යි ඇසී ය.


නුඹලා අවංක අය නම්, සොහොයුරන් වන නුඹලාගෙන් කෙනෙකු, මේ සිරගෙයි සිර අඩස්සියේ තබා අනෙක් අය නුඹලාගේ පවුල්වල ඇති සාගතය සඳහා ධාන්‍ය රැගෙන යන්න.


තවද, ඔබ මුළු සෙනඟ අතුරින් දේව භය ඇති, සත්‍යවාදී, අල්ලස් නොගන්නා දක්ෂ මිනිසුන් තෝරා ඔවුන් අතර සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් ඔවුන් පත් කරන්න.


යටගිය දවස ජෝබ් නම් මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි වාසය කෙළේ ය. ඔහු වනාහි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටි කෙනෙකි.


එහෙත්, වින්නඹුවෝ දේව භය ඇති අය වූ නිසා මිසරයේ රජතුමා අණ කළ පරිදි ඉටු නොකොට, පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ හැරියා හ.


එබැවින් නුඹලා එකිනෙකාට වංචා නොකළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්