Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 42:11 - Sinhala New Revised Version

11 අපි සියල්ලෝ ම එක මිනිසෙකුගේ පුත්‍රයෝ වෙමු. අපි අවංක මිනිස්සු ය. ඔබේ දාසයෝ ඔත්තුකාරයෝ නොවෙති”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 අපි සියල්ලෝ ම එක මිනිසෙකුගේ පුත්‍රයෝ වෙමු. අපි අවංක මිනිස්සු ය. ඔබේ දාසයෝ ඔත්තුකාරයෝ නොවෙති”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 අපි සියල්ලෝම එක මනුෂ්‍යයෙකුගේ පුත්‍රයෝය; අපි අවංක මනුෂ්‍යයෝය, ඔබගේ මෙහෙකරුවෝ ඔත්තුකාරයෝ නොවෙතියි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 42:11
8 හුවමාරු යොමු  

එවිට ජෝසෙප් නැවතත් ඔවුන්ට කතා කරමින්, “එසේ නොවේ, නුඹලා ආවේ රටේ දුබල තැන් බලාගන්නට පමණ ය”යි කී ය.


නුඹලාගෙන් කෙනෙකු පිටත් කර හරින්න, ඔහු නුඹලාගේ සහෝදරයා කැඳවාගෙන ආ යුතු ය. තවද, නුඹලා අවංක අය ය යි කියන කීම පරීක්ෂා කර බලන තුරු නුඹලා හිරබාරයේ තබනු ලබන්නහු ය. එසේ නොවී නම්, නුඹලා ඔත්තුකාරයෝ ය කියා පාරාවෝගේ නාමයෙන් මම දිවුරා කියමි”යි පැවසී ය.


නුඹලා අවංක අය නම්, සොහොයුරන් වන නුඹලාගෙන් කෙනෙකු, මේ සිරගෙයි සිර අඩස්සියේ තබා අනෙක් අය නුඹලාගේ පවුල්වල ඇති සාගතය සඳහා ධාන්‍ය රැගෙන යන්න.


අපි ද ඔහු අමතා, අප අවංක අය බවත්, ඔත්තුකාරයන් නොවන බවත් කීවෙමු.


ඔව්හු ද පිළිතුරු දෙමින්, “ ‘නුඹලාගේ පියා තව ම ජීවත් ව සිටිනවා ද? නුඹලාට තව සහෝදරයෙක් ඉන්නවා ද?’ කියා මිනිසා අප ගැනත්, අපේ පවුල ගැනත් දිගට ම අසන විට අපි ද ඒ ප්‍රශ්න අනුව උත්තර දුනිමු. ‘නුඹලාගේ සහෝදරයා ගෙන ආ යුතු’යි කියන්න යන බව අප දන්නේ කෙසේ දැ”යි ඇසූ හ.


තමාගේ ම අධිකාරී බලයෙන් අදහස් පවසන තැනැත්තේ තමාගේ ම ගෞරවය සොයන්නෙකි. එහෙත්, තමන් එවා වදාළ තැනැන් වහන්සේගේ ගෞරවය සොයන්නා අවංක තැනැත්තෙකි. වංක බවක් ඔහු තුළ නැත.


එසේ නොව, දුක් පීඩා ද අගහිඟකම් ද විපත්ති ද මහත් ඉවසීමකින් විඳදරා, අපි දෙවියන් වහන්සේගේ සේවකයන් වශයෙන් ඔබට ඒත්තුගන්වමු. අපි බොහෝ දේ විඳදරාගත්තෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්