Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 40:14 - Sinhala New Revised Version

14 ඉතින් ඔබට හොඳ කාලයක් ආ විට මා සිහිකර, කරුණාකර, මට ප්‍රසාදය දක්වන්න. පාරාවෝට ද මා ගැන සඳහන් කොට, මේ සිරගෙයින් මා පිටතට ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඉතින් ඔබට හොඳ කාලයක් ආ විට මා සිහිකර, කරුණාකර, මට ප්‍රසාදය දක්වන්න. පාරාවෝට ද මා ගැන සඳහන් කොට, මේ සිරගෙයින් මා පිටතට ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 ඉතින් නුඹට ශුභසිද්ධවූ කල්හි මා සිහිකොට, මට කරුණාව පෙන්වා, ඵාරාවෝට මා ගැන සඳහන්කර, මේ ගෙයින් මා නිදහස්කරවන ලෙස ඉල්ලමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 40:14
9 හුවමාරු යොමු  

ඉතින් මා ඔබට කරුණාව පෙන්වූ බැවින්, දැන් ඔබ මාගේ පියාගේ පවුලට කරුණාව පෙන්වන බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා ඒ බවට මට සහතිකයක් දෙන්න.


තවද ඔහු, “ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කළ මැනවැ”යි කී ය.


“එහෙත්, ගිලියද් ජාතික බර්ශිල්ලයිගේ පුත්‍රයන් හට කරුණාව පෙන්වා, ඔවුන්ට ඔබේ මේසයෙන් ආහාර පාන අනුභව කරන්නට අවසර දෙන්න. මන්ද, ඔබේ සහෝදර වූ අබ්සලොම්ගෙන් මා පලා ගිය විට ඔව්හු එලෙස මා ළඟට පැමිණියෝ ය.


ඔබ කැඳවීම ලැබූයේ වහලෙකු ව සිටිය දී නම්, ඒ ගැන කරදර නොවන්න. එහෙත් නිදහස ලබාගැනීමට ඉඩක් ඇත්නම් එයින් ප්‍රයෝජන ගන්න.


දාවිත් කතා කොට, “සාවුල්ගේ වංශයෙන් යමෙක් තව ඉතුරු ව සිටී ද? සිටිනවා නම්, මම ජොනතන් නිසා ඔහුට කරුණාව පෙන්වන්නෙමි”යි කීවේ ය.


මාගේ ස්වාමියා වන ඔබ නිකරුණේ ලේ වැගිරෙව්වෙහි ය කියා වත්, තමා අතින් පළිගත්තේ ය කියා වත් ඒ ගැන ඔබට සිත් වේදනාවක් වත්, ශෝකයක් වත් නොවනු ඇත. තවද, සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබට ආශීර්වාද කළ කල්හි ඔබේ මෙහෙකාරී වන මා සිහි කළ මැනව.”


තුන් දිනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර ඔබේ නිලය නැවත ඔබට දෙන්නේ ය. ඔබ, කලින් එතුමාගේ කුසලාන පිරිනමන්නා මෙන් සිටිය දී කළ පරිදි නැවත පාරාවෝ අතට කුසලාන දෙන්නෙහි ය.


එවිට රාජකීය කුසලාන පිරිනමන්නා පාරාවෝට කතා කොට, “මා අතින් වූ වරද දැන් මට මතක් වෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්