Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 39:3 - Sinhala New Revised Version

3 ඔහුගේ ස්වාමියා ද සමිඳාණන් වහන්සේ ජෝසෙප් සමඟ වැඩසිටි බවත්, ඔහු කළ සියල්ල සාර්ථක වීමට උන් වහන්සේ සැලැසූ බවත් දිටී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔහුගේ ස්වාමියා ද සමිඳාණන් වහන්සේ ජෝසෙප් සමඟ වැඩසිටි බවත්, ඔහු කළ සියල්ල සාර්ථක වීමට උන් වහන්සේ සැලැසූ බවත් දිටී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඔහුගේ ස්වාමියා ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටින බවත් ඔහු කළ සියල්ල ඔහුගේ අතේ දියුණුවෙන්ට සලස්වන බවත් දුටුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 39:3
28 හුවමාරු යොමු  

ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය; ඔහු කරන සැම දේ සරු සාර වේ.


ලාබන් ඔහුට උත්තර දෙමින්, “ඔබ මට කරුණාව දක්වන්නෙහි නම් මට සවන් දෙන්න. මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ නිසා මට ආශීර්වාද කළ බව මම නිමිති බැලීමෙන් දැනගතිමි.


එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.”


දේව ගරුබිය පිළිබඳ ව තමාට පහදා දුන් ශෙකරියාගේ දවස්වල දී ඔහු දෙවියන් වහන්සේ සෙවුවේ ය. ඔහු සමිඳාණන් වහන්සේ සෙවූ තාක් කල් දෙවියන් වහන්සේ ඔහු සමෘද්ධිමත් කළ සේක.


සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටි නිසා ඔහු කළ හැම දේ සාර්ථක විය.


ඒ කාලයෙහි අබිමෙලෙක් තමාගේ සෙන්පති පීකොල් සමඟ විත්, ආබ්‍රහම්ට කතා කොට, “ඔබ කරන සියල්ලෙහි දී දෙවියන් වහන්සේ ඔබ සමඟ ය.


ඔව්හු ද, “සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වන බව අපට ඒකාන්තයෙන් ම පැහැදිලි ය. එබැවින්, ‘දැන් ඉතින් ඔබ හා අප අතර දිවුරුමක් තිබිය යුතු ය. ඔබ සමඟ අපි, ගිවිසුමක් කරගනිමු’යි කියා අපි කතා කරගත්තෙමු.


බලන්න, ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරු යයි බොරුවට කියා ගන්නා වූ සාතන්ගේ හවුලේ අයට පැමිණ ඔබේ පා ඉදිරියෙහි වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ බව දැනගන්නටත් සලසන්නෙමි.


සෑම සතියක ම පළමු වන දා ඔබෙන් එකිනෙකා උපයා ගත් මුදලින් කොටසක් ඉතිරි කරගෙන තමා ළඟ වෙන් කර තබාගනී වා. එවිට මා ආ කල සම්මාදමක් කිරීමට උවමනා නැත.


ඒ දවස්වල දී විදේශීහු දසදෙනෙක් ජුදෙව්වෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින බව අපි අසා ඇති බැවින් ඔබ සමඟ යන්න අපි කැමැත්තෙමු යි කියන්නෝ ය.”


එවිට මම ඔවුන්ට පිළිතුරු දෙමින්, “ස්වර්ගයේ දෙවියන් වහන්සේ ම අපේ කාර්යය සාර්ථක කරනු ඇත. එබැවින් උන් වහන්සේගේ සේවකයන් වන අපි ගොඩනැඟීමේ වැඩ පටන්ගනිමු. එහෙත්, ඔබට ජෙරුසලමෙහි කිසි කොටසක් වත්, අයිතිවාසිකමක් වත්, සිහිවීමේ ලකුණක් වත් නැතැ”යි කීවෙමි.


සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ඉශ්රායෙල්වරුන්ට අණ කරවූ පණත් හා විනිශ්චයයන් පිළිපදින්නට වග බලාගත්තොත් ඔබ සඵල වන්නෙහි ය. ශක්තිමත් ව, ස්ථිර ව සිටින්න. බිය නොවන්න; තැති නොගන්න.


සමිඳාණන් වහන්සේ දාවිත් සමඟ සිටින බවත්, මුළු ඉශ්රායෙල් ජනයා ඔහුට ප්‍රිය බවත් සාවුල්ට හැඟී ගියේ ය.


තවද, ජෝසෙප්ගේ පාලනයට පවරා දුන් කිසිවක් ගැන සිරගෙයි පාලකයාට ප්‍රශ්නයක් නො වී ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩසිට, ඔහු කළ සියල්ල ම සාර්ථක කිරීමට සැලැසූ නිසා ය.


මා පැමිණෙන්න පෙර ඔබ සතු ස්වල්ප දේ, දැන් ඉමහත් ලෙස බහුල වී ඇත. මා පැමිණි පසු සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කළ සේක. දැන් ඉතින් මාගේ පවුලේ අභිවෘද්ධිය තකා මම යමක් සපයන්නේ කවරදා දැ”යි ඇසී ය.


එම රාත්‍රියහි ම සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී මෙසේ වදාළ සේක; “නුඹ පිය ආබ්‍රහම්ගේ දෙවිඳාණෝ මම ය. බිය නොවන්න. නුඹ සමඟ ද මම සිටිමි; නුඹට ආසිරි දෙමි. මාගේ දාසයා වන ආබ්‍රහම් නිසා, නුඹේ පෙළපත මම වැඩි වර්ධනය කරමි.”


දෙවියන් වහන්සේ ද ඒ දරුවා සමඟ වූ සේක. ඔහු වැඩී, පාළුකරයේ පදිංචි වී දුනුවායෙක් විය.


සමිඳාණන් වහන්සේ ජෝසෙප් සමඟ වැඩසිටියෙන් ඔහුගේ හැම කටයුත්තක් ම සාර්ථක විය. ඔහු මිසර ජාතික තම ස්වාමියාගේ නිවසෙහි වාසය කෙළේ ය.


සමිඳාණන් වහන්සේ ද ඔහු සමඟ සිටි සේක. ඔහු ගිය තැන සමෘද්ධ විය. ඔහු අසිරියාවේ රජුට විරුද්ධ ව කැරලි ගසා, ඔහුට සේවය නොකොට සිටියේ ය.


එබැවින් ඔබ මට හෝ මාගේ දරු මුණුබුරන්ට හෝ වංචා නොකරන බවටත්, මා ඔබට දැක්වූ කරුණාව ලෙස මටත්, ඔබ විදේශී ව වසන මේ දේශයටත්, කරුණාව දක්වන බවටත් දෙවියන් වහන්සේගේ නාමයෙන් දැන් මෙහි දිවුරන්නැ”යි කීවේ ය.


එහෙත්, සමිඳාණන් වහන්සේ ජෝසෙප් සමඟ වැඩසිට, ඔහුට කරුණාව පෙන්වා, සිරගෙදර පාලකයාගේ ප්‍රසාදය ද ඔහුට ලබා දුන් සේක.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ කළ සියල්ලෙහි දී ඔබට ආශීර්වාද කළ සේක. මේ මහා පාළුකරය මැදින් ඔබ ගිය ගමන උන් වහන්සේ දන්නා සේක. මේ අවුරුදු හතළිහ ම උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටිය බැවින් ඔබට කිසි ම අග හිඟයක් නො වී ය.


ශක්තිමත් ව, ධෛර්යවත් ව සිටීමට ද බිය නොවීමට ද නොකැළඹීමට ද මා නුඹට අණ කළා නොවේ ද? මන්ද, නුඹ යන සෑම තැනක ම නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹ සමඟ වැඩසිටින සේක.”


සාමුවෙල් වැඩුණේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු කී හැම දෙයක් ම එකක් වත් නෑර ඉෂ්ට කළ සේක.


එලෙයාසර්ගේ පුත් පිනෙහාස් පළමු ව ඔවුන් කෙරෙහි අධිපතියා ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටි සේක.


දාවිත්ගේ පුත් සලමොන් සිය රජකමෙහි ස්ථිර විය. ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතා උසස් කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්