Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 38:29 - Sinhala New Revised Version

29 එහෙත් ඔහු අත ඇතුළට ඇදගත් විට, ඔහුගේ සහෝදරයා බිහි විය. එවිට වින්නඹු මව ද, “ඔබ කඩා බිඳගෙන ආ හැටි යස යි” කියා ඔහුට පෙරෙශ් යන නම තැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 එහෙත් ඔහු අත ඇතුළට ඇදගත් විට, ඔහුගේ සහෝදරයා බිහි විය. එවිට වින්නඹු මව ද, “ඔබ කඩා බිඳගෙන ආ හැටි යස යි” කියා ඔහුට පෙරෙශ් යන නම තැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 ඔහු තමාගේ අත ඇදගත් කල්හි ඔහුගේ සහෝදරයා බිහිවිය. ඈද: නුඹ බිඳුමක් කර ගත්තේ මක්නිසාදැයි කීවාය. එබැවින් පෙරෙශ් යන නම ඔහුට තබනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 38:29
10 හුවමාරු යොමු  

ජූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ් හා ශෙරා ද, පෙරෙශ්ට දාව හශේ‍රොන් ද, හශේ‍රොන්ට දාව ආරාම් ද,


ඔහුගේ ලේලිය වූ තාමාර් ඔහුට දාව පෙරෙශ් ද ශෙරා ද ලැබුවා ය. ජුදාට පුත්‍රයෝ පස්දෙනෙක් සිටියෝ ය.


පවුල් අනුව ජුදාගේ පරපුර නම්, ෂේලාගෙන් පැවතෙන ෂේලා පවුල ය; පෙරෙශ්ගෙන් පැවතෙන පෙරෙශ් පවුල ය; ශෙරාගෙන් පැවතෙන ශෙරා පවුල ය;


ජුදාගේ පුත්‍රයන් වන ඒර්, ඕනාන්, ෂේලා, පෙරෙශ් සහ ශෙරා ය. එහෙත්, ඒර් සහ ඕනාන් කානාන් දේශයේ දී මළහ. පෙරෙශ්ගේ පුත්‍රයන් වන හෙශ්රොන් සහ හාමුල්;


ජෙරුසලමෙහි විසූ පෙරෙශ්ගේ සියලු පුත්‍රයන් වූ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ හාරසිය හැටඅටදෙනෙක් ය.


සමිඳාණන් වහන්සේ මේ කාන්තාවගෙන් ඔබට දෙන දරුවන් කරණකොටගෙන ඔබේ පවුල ජුදාගේ ද තාමාර්ගේ ද පුත් පෙරෙශ්ගේ වංශය මෙන් වේ වා!”


ඔහු අම්මිනාදාබ්ගේ පුත්‍රයා ය, ඔහු අද්මික්ගේ පුත්‍රයා ය, ඔහු අර්නීගේ පුත්‍රයා ය, ඔහු හෙස්රෝම්ගේ පුත්‍රයා ය, ඔහු පෙරෙෂ්ගේ පුත්‍රයා ය, ඔහු ජූදාගේ පුත්‍රයා ය,


ජුදාවරුන්ගෙන් ද බෙන්ජමින්වරුන්ගෙන් ද සමහරෙක් ජෙරුසලමෙහි වාසය කළෝ ය. ජුදාවරුන් අතරෙන්, පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ මහලලේල්ගේ පුත් ෂෙපටියාගේ පුත්‍රයා වන අමරියාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන උස්සියාගේ පුත් අතායා ය.


ජුදාගේ පුත්‍රයා වන පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් බානිගේ පුත් ඉම්රිගේ පුත්‍රයා වන ඔම්රීගේ පුත් අම්මිහුද්ගේ පුත්‍රයා වන ඌතයි ය.


ඈ දරුවන් ලබන කල, එක දරුවෙක් අත පිටතට දැමී ය. වින්නඹු මව ද එය ගෙන, “මොහු පළමුවෙන් පිට වී ය”යි කියා, ඔහුගේ අතේ තද රතු නූලක් බැන්දා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්