Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 37:5 - Sinhala New Revised Version

5 ජෝසෙප් සිහිනයක් දැක, තම සොහොයුරන්ට එය කීවේ ය. ඒ නිසා ඔව්හු ඔහුට වඩ වඩාත් වෛර කරන්නට වන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ජෝසෙප් සිහිනයක් දැක, තම සොහොයුරන්ට එය කීවේ ය. ඒ නිසා ඔව්හු ඔහුට වඩ වඩාත් වෛර කරන්නට වන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 යෝසෙප් ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කීවේය. ඔව්හු ඔහු කෙරෙහි වඩ වඩා වෛර වූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 37:5
20 හුවමාරු යොමු  

එදින රාත්‍රියේ දෙවියන් වහන්සේ ස්වප්නයකින් අබිමෙලෙක්ට දර්ශනය වී, “නුඹ ගත් ස්ත්‍රිය විවාහක ස්ත්‍රියක වන හෙයින් නුඹ මැරෙන්නෙහි ය”යි වදාළ සේක.


එවිට ඔහු සිහිනයක් දිටී ය. පුදුමයකි! පොළොවෙහි තබන ලද ඉණිමඟකි. එහි මුදුන අහස දක්වා විය. මෙන්න, දෙවියන් වහන්සේගේ දූතයෝ එහි නඟිමින් ද බසිමින් ද සිටියෝ ය.


“තවද සතුන් ගැබ්ගන්න කාලයේ දී මම සිහිනෙන්, නෙත් යොමා බැලූ විට මෙවැන්නක් දිටිමි: එනම්, දෙනුන් සමඟ පට්ටි ගසන බැටළුවෝ සියල්ලෝ ම වයිරම් වැටුණු, පුල්ලි සහ තිත් ඇත්තෝ වූ හ.


එවිට දෙවියන් වහන්සේගේ දූතයා සිහිනෙන් මට කතා කරමින්, ‘ජාකොබ්’ කියා මා ඇමතුවෙන්, මම ද, ‘මම මෙහි ය’ කියා පිළිතුරු දුනිමි.


ඔවුන්ගේ පියා, ඔවුන් සියල්ලන්ට ම වඩා ජෝසෙප්ට ප්‍රේම කරන බව දැක ඔහුගේ සහෝදරයෝ ඔහුට වෛර කළහ. එබැවින් ඔහු සමඟ මිත්‍ර ලීලාවෙන් කතා කිරීමට ඔවුන්ට නොහැකි විය.


ඔහු ද ඔවුන්ට කතා කොට, “කරුණාකර, මා දුටු සිහිනයට ඇහුම්කන් දෙන්න.


එවිට ඔහුගේ සහෝදරයෝ, “ඇත්තට ම ඔබ අප කෙරෙහි රජකම් කරන්නට යන්නෙහි ද? සැබැවින් ම ඔබ අප කෙරෙහි අධිපති බලය පාන්න යන්නෙහි දැ”යි ඇසූ හ. එබැවින් ඔව්හු මේ සිහින නිසාත්, ඔහුගේ කියුම් නිසාත් ඔහුට තව තවත් වෛර කළහ.


එකල සිරගත ව සිටි මිසර රජුගේ කුසලාන පිරිනමන්නා හා පූප සාදන්නා යන දෙදෙනා ම තම තමන්ට ම අදාළ වූ තේරුම් ඇති සිහිනයක් බැගින්, එක ම රාත්‍රියේ දී දුටහ.


අවුරුදු දෙකකට පසු පාරාවෝ සිහිනෙන් තමා නයිල් ගංගාව අසල සිටිනු දිටී ය.


ඔවුන් ගැන දුටු සිහින ද ඔහුට මතක් වී, ඔවුන්ට කතා කොට, “නුඹලා ඔත්තුකාරයෝ ය; නුඹලා පැමිණියේ රටේ දුබල තැන් බැලීමට ය”යි කීවේ ය.


දුනුවායෝ ඔහු කුපිත කළහ, ඔහුට විද පහර දුන්හ.


ගිබියොන්හි දී සමිඳාණන් වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සලමොන්ට දර්ශනය වූ සේක. තවද, දෙවියන් වහන්සේ කතා කොට, “මා නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැ”යි වදාළ සේක.


හිමි තුමන්ගේ රහස් සැලැස්ම එතුමාණන් කෙරේ ගරුබිය දක්වන අයට පෙන්වා ඇත; එතුමාණන් ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වා ඇත.


නෙබුකද්නෙශර් රජකම් කරන දෙ වන අවුරුද්දේ දී ඔහු ස්වප්න දුටුවේ ය. එයින් ඔහුගේ සිත බොහෝ සේ කැළඹුණේ ය; නිදාගන්න වත් ඔහුට නොහැකි විය.


එසේ සිටිය දී මා තැති ගැන්වූ ස්වප්නයක් දුටුවෙමි. මා යහනේ සිටිය දී මට ඇති වූ සිතිවිලි හා හිසට නැඟුණු දර්ශන මා බිය ගැන්වී ය.


“ඉන්පසු, සකල මනුෂ්‍යයන් කෙරෙහි මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරමි. එවිට, නුඹලාගේ දූ පුත්තු දිවැස් වැකි කියති. මහල්ලෝ ස්වප්න දකිති; තරුණයෝ දර්ශන දකිති.


මේ රහස් එළිදරව් නොකර සිය සේවක දිවැසිවරුන් හට, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ සැබැවින් ම කිසිවක් නොකරන සේක.


එවිට උන් වහන්සේ කතා කොට, “මා වදනට සවන් දෙන්න; දිවැසිවරු ඔබ අතර සිටිත් නම්, සමිඳුන් ඔවුන්ට ප්‍රකාශ වනුයේ දර්ශනවලිනි; ඔවුන්ට කතා කරනුයේ සිහිනවලිනි:


මම ඔවුන්ට ඔබගේ දහම දුනිමි. මා ලෝකයට අයිති නොවන සේ ම, ඔවුන් ද ලෝකයට අයිති නොවන බැවින්, ලෝකයා ඔවුන්ට ද්වේෂ කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්