Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 36:5 - Sinhala New Revised Version

5 ඔහොලිබාමාගෙන් ජෙවුෂ් ද, ජලාම් ද, කෝරා ද උපන්හ. කානාන් දේශයේ දී ඒසව්ට දාව උපන් ඔහුගේ පුත්‍රයෝ මොවුහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔහොලිබාමාගෙන් ජෙවුෂ් ද, ජලාම් ද, කෝරා ද උපන්හ. කානාන් දේශයේ දී ඒසව්ට දාව උපන් ඔහුගේ පුත්‍රයෝ මොවුහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ඔහොලිබාමා යෙවූෂ්ද යලාම්ද කොරාද බිහිකළාය. කානාන් දේශයේදී ඒසව්ට උපන්නාවූ පුත්‍රයෝ මොව්හුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 36:5
6 හුවමාරු යොමු  

ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී මියගොස් තම මුතුන්මිත්තන් හා එක්විය. ඔහුගේ පුත්‍රයන් වූ ඒසව් සහ ජාකොබ් ඔහු භූමදාන කළහ.


ශිබෙයොන්ගේ පුත්‍රයා වන අනාගේ දුව වූ ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම්, ඇයගෙන් ඔහුට දාව උපන් ජෙවුෂ්, ජලාම් සහ කෝරා ය.


ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම් අධිපතීන් වන ජෙවුෂ්, ජලාම් සහ කෝරා ය. මොවුහු අනාගේ දුව ද, ඒසව්ගේ භාර්යාව ද වූ ඔහොලිබාමාගෙන් පැවත ආ අධිපතියෝ ය.


ඒසව්ට දාව, ආදාගෙන් එලිපස් ද, බාසෙමත්ගෙන් රෙවුයෙල් ද,


ඒසව් තම භාර්යාවන් ද පුත්‍රයන් ද දූවරුන් ද ගෙදර වැසි සියල්ලන් ද ගවයන් ද සියලු මෘගයන් ද කානාන් දේශයේ දී තමන් උපයාගත් සියලු වස්තුව ද රැගෙන, තම සොහොයුරු වන ජාකොබ් වෙතින් අන් රටකට ගියේය.


ඒසව්ගේ පුත්‍රයෝ නම්: එලිපස්, රෙවුයෙල්, ජෙවුෂ්, ජලාම් සහ කෝරා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්