Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 36:34 - Sinhala New Revised Version

34 ජෝබාබ් මළ පසු ඔහු වෙනුවට තේමානිවරුන්ගේ දේශයේ හුෂාම් රජකම් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 ජෝබාබ් මළ පසු ඔහු වෙනුවට තේමානිවරුන්ගේ දේශයේ හුෂාම් රජකම් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 යෝබාබ් මළේය, ඔහු වෙනුවට තේමානිවරුන්ගේ දේශයේ හුෂාම් රජකම්කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 36:34
8 හුවමාරු යොමු  

ඒදොම් ගැන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම්හි නැණනුවණ තවත් නැද් ද? දැනුමැතිකම් දීමේ ශක්තිය නැණවතුන්ට තවත් නැද් ද? ප්‍රඥාව ඔවුන්ගෙන් පහ ව ගොස් ඇද් ද?


ජෝබ්ට මිතුරෝ තුන්දෙනෙක් වූ හ. තේමාන් නුවර එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමා නුවර ශෝපර් ද ජෝබ්ට පැමිණි දරුණු විපත්ති ගැන දැන ගත්හ. ඔහු දැක, ශෝකය ප්‍රකාශ කොට ඔහු සනසනු වස්, සිය ගම්රටවලින් ඔහු වෙත යාමට ඔව්හු නියම කරගත්හ.


ඒසව්ගේ පෙළපතේ අධිපතීහු නම් ඔහුගේ කුලුඳුල් පුත් එලිපස්ගේ පුත්‍රයෝ ය. මොවුහු නම් අධිපතීන් වන තේමාන්, ඕමාර්, ශෙපෝ, කෙනස්,


එලිපස්ගේ පුත්‍රයන් වන තේමාන්, ඕමාර්, ශෙපෝ, ගයිතාම් සහ කෙනස් ය.


බෙලා මළ පසු, ඔහු වෙනුවට බොශ්රායේ ගෙරාගේ පුත්‍ර ජෝබාබ් රජකම් කෙළේ ය.


හුෂාම් මළ පසු, ඔහු වෙනුවට මෝවබ් දේශයේ මිදියන්වරුන් පරාජය කළ බෙදද්ගේ පුත් හදද් රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම අවිත් ය.


ජෝබාබ් මළ පසු තේමානිවරුන්ගේ රටේ හුෂාම් ඔහු වෙනුවට රජකම් කෙළේ ය.


දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මම ඒදොම්ට විරුද්ධ ව මාගේ අත දිගු කොට, ඒ රටේ මනුෂ්‍යයන් ද මෘගයන් ද වනසාදමා, තේමාන් පටන් දෙදාන් දක්වා එය පාළුකරයක් කරන්නෙමි; ඔවුන් කඩුවෙන් මැරුම් කනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්