Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 35:29 - Sinhala New Revised Version

29 ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී මියගොස් තම මුතුන්මිත්තන් හා එක්විය. ඔහුගේ පුත්‍රයන් වූ ඒසව් සහ ජාකොබ් ඔහු භූමදාන කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී මියගොස් තම මුතුන්මිත්තන් හා එක්විය. ඔහුගේ පුත්‍රයන් වූ ඒසව් සහ ජාකොබ් ඔහු භූමදාන කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 ඊසාක්ද මහලුව දවස් සම්පූර්ණව ප්‍රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය. ඔහුගේ පුත්‍රයෝවූ ඒසව්ද යාකොබ්ද ඔහු තැන්පත්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 35:29
13 හුවමාරු යොමු  

නුඹ යහතින් දවස් යවා, ඉන්පසු දිගායු සම්පත් වළඳා භූමදාන කරනු ලබන්නෙහි ය.


ඉෂ්මායෙල් අවුරුදු එකසිය තිස්හතක් ආයු වළඳා, අවසන් හුස්ම හෙළා මියගිය පසු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරන ලදී.


තම පියා ජාකොබ්ට දුන් ආශීර්වාදය නිසා ඒසව් ජාකොබ්ට වෛර බැන්දේ ය. “මාගේ පියාණන් ගැන වැලපෙන දවස් දැන් ආසන්න ය. එවිට මම මාගේ සොහොයුරු ජාකොබ් මරන්නෙමි”යි ඔහු තමාට ම කියාගත්තේ ය.


භූමියෙන් වූ නුඹ, යළි භූමියට යන තෙක්, ඩහදිය මහන්සියෙන් අහර උපයන්නෙහි ය. දුවිල්ලෙන් වූ නුඹ දූවිල්ලට ම යන්නෙහි ය.”


ඔහුගේ පුත්තු හා දූවරු සියල්ලෝ ම ඔහු සනසන්නට නැඟිට ආහ. එහෙත් ඔහු සනසනු ලැබීමට අකමැති ව, “මම වැලපෙමින් ම මාගේ පුතු වෙත මිනීවළට යන්නෙමි”යි කී ය. මෙලෙස ඔහුගේ පියා ඔහු නිසා හඬා වැලපුණේ ය.


මාගේ පියවරුන් මෙන් මා මරණයට පත් වූ විට ඔබ මිසරයෙන් මා ගෙන ගොස් ඔවුන්ගේ සොහොන් භූමියෙහි මා භූමදාන කරන්නැ”යි කී ය. “ඔබ කී පරිදි ම මම ඉටු කරමි”යි ජෝසෙප් පිළිතුරු දුනි.


ආබ්‍රහම් සහ ඔහුගේ බිරිඳ වන සාරා භූමදාන කරන ලද්දේ එහි ය. ඊසාක් සහ ඔහුගේ බිරිඳ වන රෙබෙකා භූමදාන කරන ලද්දේත් එහි ය. මා, ලෙයා භූමදාන කෙළේත් එහි ය.


මෙසේ ජාකොබ් තම පුතුන්ට උපදෙස් දී නිම කළ කල්හි, ඔහු තම පාද යහනට ගෙන, අවසන් හුස්ම හෙළා තම සෙනඟට එක් විය.


නියම කන්නයේ පැසුණු ගොයම් මිටියක් මෙන් ඔබ දිගායු වළඳා මිය යනු ඇත;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්