Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 35:27 - Sinhala New Revised Version

27 ජාකොබ් ද ආබ්‍රහම් සහ ඊසාක් තාවකාලික ව පදිංචි වූ ආලෝන අරඹ හෙවත් කිර්යත්-අර්බා හෙවත් හෙබ්‍රොන් නම් ස්ථානයේ ඊසාක් වෙත පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ජාකොබ් ද ආබ්‍රහම් සහ ඊසාක් තාවකාලික ව පදිංචි වූ ආලෝන අරඹ හෙවත් කිරියත්-අර්බා හෙවත් හෙබ්‍රොන් නම් ස්ථානයේ ඊසාක් වෙත පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 යාකොබ් ආබ්‍රහම් සහ ඊසාක් පොරොත්තුව සිටිය මම්රේට එනම් කිරියත්-අර්බාට තමාගේ පියවූ ඊසාක් වෙතට ආයේය. ඒ වනාහි හෙබ්‍රොන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 35:27
20 හුවමාරු යොමු  

මෙසේ ආබ්‍රම් සිය කඳවුර රැගෙන විත් හෙබ්‍රොන්හි පිහිටි මම්රේහි ආලෝන අරඹ ළඟ පදිංචි වී, සමිඳාණන් වහන්සේට එහි පූජාසනයක් ඉදි කෙළේ ය.


එහෙත් ඔවුන්ගෙන් ගැළවී පැමිණි කෙනෙක් හෙබ්‍රෙව් ජාතික ආබ්‍රම්ට සියල්ල සැළ කෙළේ ය. එකල ආබ්‍රම් පදිංචි වී සිටියේ එෂ්කොල්ගේ හා අනෙර්ගේ සහෝදරයා වූ, අමෝරිය ජාතික මම්රේගේ ආලෝන අරඹ සමීපයේ ය. මොවුහු දෙදෙන ආබ්‍රම් සමඟ මිත්‍ර ගිවිසුමක් කරගෙන සිටියහ.


නුඹ දැන් ආගන්තුක ව වසන මේ දේශය-මේ මුළු කානාන් දේශය, නුඹට ද, නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපතට ද මම සදහට ම අයිති කොට දෙමි. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”


තවද, සමිඳාණන් වහන්සේ මම්රේහි ආලෝන අරඹ ළඟ දී ආබ්‍රහම්ට දර්ශනය වූ සේක. ඔහු දවාලේ තද අවුරස්නය ඇති වේලාවේ කූඩාරමේ දොරකඩ වාඩි වී සිටියේ ය.


පසු ව ආබ්‍රහම්, කානාන් දේශයේ හෙබ්‍රොන් එනම්, මම්රේ ඉදිරියෙහි වූ මක්පේලාවෙහි ඉඩමේ තිබූ ගුහාවෙහි සිය බිරිඳ වන සාරා භූමදාන කෙළේ ය.


කානාන් දේශයේ හෙබ්‍රොන් හෙවත් කිර්යත්-අර්බාහි දී මියගියා ය. ආබ්‍රහම් ඈ ගැන හඬා වැලපුණේ ය.


මෙලෙස කියා, ඊසාක් ජාකොබ් පිටත් කොට හැරියේ ය. ඔහු මෙසොපොතේමියාවේ අරමීය ජාතික බෙතුයෙල්ගේ පුත් ලාබන් වෙත ගියේය. ලාබන්, ජාකොබ්ගේ හා ඒසව්ගේ මව වන රෙබෙකාගේ සහෝදරයා ය.


මෙසොපොතේමියාවෙහි දී තමා හිමිකරගත් එළු බැටළු රැළවල් ද, උපයාගත් සියලු සම්පත් ද, තමාගේ සතුන් ද දක්කාගෙන කානාන් දේශයේ තම පියා වන ඊසාක් වෙත යන පිණිස නික්මිණි.


ඔහුගේ පියා තවදුරටත් කතා කරමින්, “කරුණාකර, යන්න, නුඹේ සහෝදරයොත් එළු බැටළුවොත් සුව සේ සිටිත් දැ යි බලාගෙන ඇවිත් මට දන්වන්නැ”යි කී ය. මෙසේ කියා ඔහු හෙබ්‍රොන් නම් මිටියාවතින් ජෝසෙප් පිටත් කර හැරියේ ය. ජෝසෙප් ෂෙකෙම් පෙදෙසට පැමිණ, එහි තැනින් තැන යන විට,


ඉන්පසු ජාකොබ් ඔවුන්ට අණ කරමින් කතා කොට, “මම මාගේ සෙනඟට එකතු වෙන්න යමි. හිත්තීය ජාතික ඒප්‍රොන්ගේ ඉඩමෙහි ඇති ගුහාවෙහි,


ඉන්පසු දාවිත්, “මා ජුදාහි නගරයකට යන්නට දැ”යි සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. “යන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක. “මා කොයි නගරයට යන්නට දැ”යි දාවිත් ඇසුවේ ය. “හෙබ්‍රොන් නගරයට ය”යි උන් වහන්සේ වදාළ සේක.


දාවිත් හෙබ්‍රොන්හි ජුදා වංශයට රජ ව සිටි කාලය සත් අවුරුදු හය මාසයක් ය.


දාවිත් තමා සමඟ සිටි තමාගේ මිනිසුන් ඔවුන් එකිනෙකාගේ ගෙයි වැසියන් සමඟ කැඳවාගෙන ආයේ ය. ඔව්හු හෙබ්‍රොන් නගරවල වාසය කළහ.


එකල සියලු ඉශ්රායෙල් ගෝත්‍රයෝ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත අවුත්, “අපි ඔබේ ම ලේ නෑයෝ වමු.


මෙසේ ඉශ්රායෙල්හි සියලු ප්‍රජා මූලිකයෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙත පැමිණියෝ ය. දාවිත් රජු හෙබ්‍රොන්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේ ය. ඔව්හු දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කළෝ ය.


ඔහු හෙබ්‍රොන්හි ජුදෙව්වරුන් කෙරෙහි රජකම් කෙළේ සත් අවුරුදු හය මාසයකි; ජෙරුසලමේ ඔහු සියලු ඉශ්රායෙල්වරුන් ද ජුදෙව්වරුන් ද කෙරෙහි රජකම් කෙළේ තිස්තුන් අවුරුද්දකි.


සමිඳාණන් වහන්සේ තමාට අණ කළ පරිදි ජෝෂුවා ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට ජුදා ජනයා අතර කොටසක් දුන්නේ ය. එය හෙබ්‍රොන් නම් වූ කිරියත්-අර්බා ය. අර්බා අනාක්වරුන්ගේ පියා ය.


ජුදා කඳු රටේ තිබෙන හෙබ්‍රොන් නම් කිරියත්-අර්බා ද ඒ අවට තිබෙන තණ බිම් ද ඔවුන්ට දෙන ලදී. අර්බා වනාහි ආනාක්ගේ පියා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්