Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 34:30 - Sinhala New Revised Version

30 එවිට ජාකොබ් සිමියොන්ට සහ ලෙවීට කතා කොට, “මේ දේශයේ වැසියන් වන කානානිවරුන් සහ පෙරිස්සිවරුන් අතර, මා දුගඳක් මෙන් පිළිකුලට ලක් කිරීමෙන් නුඹලා මට ලොකු අවැඩක් කර තිබේ. මට ඇත්තේ ගණනින් සුළු පිරිසකි. එබැවින් ඔවුන් මට විරුද්ධ ව එක පෙරමුණක් ගෙන, මා මරාදමනු ඇත. මෙසේ මාගේ මුළු පවුලත් මමත් විනාශ වී යන්නෙමු”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 එවිට ජාකොබ් සිමියොන්ට සහ ලෙවීට කතා කොට, “මේ දේශයේ වැසියන් වන කානානිවරුන් සහ පෙරිස්සිවරුන් අතර, මා දුගඳක් මෙන් පිළිකුලට ලක් කිරීමෙන් නුඹලා මට ලොකු අවැඩක් කර තිබේ. මට ඇත්තේ ගණනින් සුළු පිරිසකි. එබැවින් ඔවුන් මට විරුද්ධ ව එක පෙරමුණක් ගෙන, මා මරාදමනු ඇත. මෙසේ මාගේ මුළු පවුලත් මමත් විනාශ වී යන්නෙමු”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 එවිට යාකොබ් සිමියොන්ටත් ලෙවීටත් කථාකොට: දේශයේ වැසියන්වූ කානානිවරුන් සහ පෙරිස්සිවරුන් විසින් මා නුරුස්සනු ලබන්ට සැලැස්වීමෙන් නුඹලා මා හිරිහැරයට පත්කළහුය. ගණනින් ස්වල්පවූ මට විරුද්ධව ඔවුන් රැස්ව මට පහරදෙනවා ඇත; මා හා මාගේ පවුල විනාශවන්නේයයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 34:30
33 හුවමාරු යොමු  

ඔව්හු ගණනින් ස්වල්ප දෙනෙකු වී, ඉතා ස්වල්ප දෙනෙකු වී එහි ආගන්තුකයන් වී සිටියෝ ය.


සාවුල් පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පහර දුන් බවත්, පිලිස්තිවරුන් ඉශ්රායෙල්වරුන් පිළිකුල් කළ බවත් සියලු ඉශ්රායෙල්වරුන්ට සැළ විය. සෙනඟ ද ගිල්ගාල්හි සිටි සාවුල් වෙත රැස් වූවෝ ය.


ජෝෂුවා කතා කොට, “ඔබ අප පිට මේ විපත්තිය පැමිණෙව්වේ මන් ද? සමිඳාණන් වහන්සේ අද ඔබ පිට විපත්තිය පමුණුවන සේකැ”යි කීවේ ය. එවිට සියලු ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගැසූ හ. ඔව්හු ඔවුන්ට ගල් ගසා ගින්නෙන් පුළුස්සාදැමුවෝ ය.


“සමිඳාණන් වහන්සේ ඔබ වෙත බැල්ම හෙළා, ඔබට දඬුවම් කරන සේක් වා! මන්ද ඔබ, පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරියෙහි අප පිළිකුලක් කොට මරාදමනු පිණිස ඔබ ඔවුන්ගේ අත්වලට කඩුවක් දුන්නහු ය”යි ඔව්හු කීවෝ ය.


තවද, දාවිත් තමන්ගේ සතුරෙකු වී සිටින බව දුටු හානුන් රජ ද අම්මොන්වරු ද උතුරු මෙසොපොතේමියාවෙනුත් මයකා සහ ශෝබායෙහි සිරියන්වරුන්ගෙනුත් රථ සහ අසරුවන් කුලියට ගන්න රිදී කිලෝග්‍රෑම් තිස්හතරදහසක් යැවූ හ.


නුඹලා ගණනින් ස්වල්ප දෙනෙකු වී, ඉතා ස්වල්ප දෙනෙකු වී එහි විදේශීන් වී සිටින්නහු ය”යි වදාළ සේක.


ආකීෂ් දාවිත් කෙරෙහි විශ්වාසය තබා, “ඔහු තමාගේ ම සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ පිළිකුල මුළුමනින් ම තමා පිට පමුණුවාගෙන ඇති බැවින් ඔහු සෑම කල්හි ම මාගේ මෙහෙකරුවා වනු ඇතැ”යි සිතාගත්තේ ය.


එහෙයින් ආබ්‍රම්ගේ ගොපලුන් හා ලොත්ගේ ගොපලුන් අතර ආරාවුල් හට ගැනිණි. එකල කානානිවරු ද පෙරිස්සිවරු ද එම දේශයෙහි වාසය කළෝ ය.


ධන ලෝභී මිනිසා සිය පවුලට කරදර ගෙන දෙයි; අල්ලස් නුරුස්සන මිනිසා දිගායු වළඳයි.


සිය පවුල අවුල් කරන්නාට හුළං බොන්න වෙයි; මෝඩයා පැණවතා හට වහලෙකු වනු ඇත.


කාරුණික මිනිසා තමාගේ ම මිතුරා ය; ක්‍රෑර මිනිසා තමාගේ ම සතුරා ය.


එතුමන්ගේ මෙහෙකරු වන ඉශ්රායෙල් වංශයෙනි, එතුමන් විසින් තෝරාගනු ලැබූ තැනැත්තන් වන ජාකොබ් දරුවෙනි,


කර්මීගේ පුත්‍රයා නම්: කැප වූ දේ ගැන අපරාධයක් කර ඉශ්රායෙල් කැළඹුවා වූ ආකාර් ය.


ඔහු උත්තර දෙමින්, “මා නොව ඔබ සහ ඔබේ පියාගේ වංශය සමිඳාණන් වහන්සේගේ ආඥා අත්හැර, බාල් දේවතාවා පසුපස ගිය කාරණය නිසා ඔබ හැම ඉශ්රායෙල් ජනයා කැළඹුවහු ය.


තවද, අම්මොන්වරු තමන් දාවිත් රජුට සතුරු වූ බව දැක, පණිවුඩකාරයන් යවා, බෙත්-රෙහොබ්හි සිරියන්වරුන්ගෙනුත්, ශෝබාහි සිරියන්වරුන්ගෙනුත් පාබළ සෙනඟ විසිදහසක් ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජු ද ටෝබ්හි මිනිසුන් දොළො‍ස්දහසක් ද කුලියට ගත්හ.


දාවිත්ගේ සිතෙහි මෙවැනි කල්පනාවක් ඇති විය: “යම් දවසක සාවුල් අතින් මට මරණය පැමිණෙන්නේ ය. පිලිස්තිවරුන්ගේ දේශයට ගැළවී යාම මිස වෙන හොඳ විධියක් මට නැත. එවිට සාවුල් මුළු ඉශ්රායෙල් දේශය පුරා තවදුරටත් මා සොයා යෑමෙන් මත්තට වළකිනු ඇත. මෙසේ ඔහුගේ අතින් ගැළවී යෑමට මට පුළුවන් වන්නේ ය.”


සාමුවෙල් පිළිතුරු දෙමින්, “මා එසේ කරන්නේ කොහොම ද? එය සාවුල්ට සැළ වුණොත් ඔහු මා මරනු ඇතැ”යි කී ය. සමිඳාණන් වහන්සේ ද පිළිතුරු දෙමින්, “නුඹ වැස්සියක ගෙන ‘සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස ආවෙමි’යි කියන්න.


“සමිඳාණන් වහන්සේ ඔබට ප්‍රේම කෙළේත්, ඔබ තෝරාගත්තේත්, අන් සෙනඟකට වඩා ඔබ ගණනින් බහුල වූ නිසා නොවේ. ඔබ වනාහි සියලු සෙනඟ අතරෙන් ඉතා ම කුඩා ජනතාවකි.


මිහි පිට සිටින සතෙකුට හෝ අහස් කුස පියාඹන පක්ෂියෙකුට හෝ සමාන රූපයක් වත්,


මිසරයේ දී ජෝසෙප්ට දාව උපන් පුත්‍රයන්ගේ ගණන දෙදෙනෙකි. මිසරයට පැමිණි ජාකොබ්ගේ පවුලට අයත් සියල්ලෝ හැත්තෑදෙනෙක් වූ හ.


මිසර වාසීන් ඔබ දුටු විට, ‘මේ ආබ්‍රම්ගේ බිරිඳ ය’යි කියා ඔබ ගැනීමට මා මරාදමා ඔබ බේරනු ඇත. එබැවින්, කරුණාකර, ‘මම ඔහුගේ සහෝදරී ය’යි ඔවුන්ට කියන්න.


මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.


එවිට දේශයේ අධිපති වූ, හිවීය ජාතික හාමොර්ගේ පුත්, ෂෙකෙම් ඈ දැක, ඈ පැහැරගෙන ගොස් ඈ සමඟ සැතපී, ඈ දූෂණය කෙළේ ය.


ඔවුන්ගේ වස්තුව ද ගත්තෝ ය. ඔවුන්ගේ සියලු ම කුඩා දරුවන් ද භාර්යාවන් ද අල්ලාගෙන, ඔවුන්ගේ ගෙවල තිබූ සියල්ල ද කොල්ලකෑ හ.


එවිට ඔව්හු උත්තර දෙමින්, “ඔහු අපේ සහෝදරිය වෙසඟනක ලෙස සැලකීම හරි දැ”යි ඇසූ හ.


ජාකොබ්ගේ පුත්‍රයන්ගේ භාර්යාවන් හැර, ඔහුට දාව උපන්, ඔහු සමඟ මිසරයට ගිය අයගේ මුළු ගණන හැටහයදෙනෙකි.


සමිඳාණන් වහන්සේ සෙසු ජාතීන් අතරෙහි ඔබ හැම විසුරුවා දමන සේක. උන් වහන්සේ ඔබ ගෙන යන විජාතීන් අතරෙහි ඔබ ගණනින් ඉතා ස්වල්ප දෙනෙකු වශයෙන් ඉතිරි වන්නාහු ය.


ආබ්‍රම්, ඒ දේශය ඔස්සේ ගමන් කර ෂෙකෙම් නගරයේ ශුද්ධ භූමිය වන මොරේහි ආලෝන අරඹ දක්වා පැමිණියේ ය. එකල ඒ රටේ කානානිවරු සිටියෝ ය.


අහිතොපෙල් අබ්සලොම්ට පිළිතුරු දෙමින්, “ඔබේ පියාණන්ගේ ගෙදර ප්‍රවේසම් කරන පිණිස සිටුවා ගිය ඔහුගේ උපභාර්යාවන් වෙත පිවිසෙන්න; එවිට සියලු ඉශ්රායෙල්වරු ඔබේ පියාණන්ට ඔබ පිළිකුලක් ව සිටින බව අසන්නෝ ය. එකල්හි ඔබ සමඟ සිටින සියල්ලෝ ශක්තිසම්පන්න වන්නෝ ය”යි කී ය.


හදද් කළ අනතුර හැර සලමොන්ගේ මුළු කාලයේ දී ම ඔහු ඉශ්රායෙල්වරුන්ට සතුරෙකු ව සිට, ඉශ්රායෙල්වරුන් පිළිකුල් කොට ඒදොම් රටේ රජකම් කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්