Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 27:40 - Sinhala New Revised Version

40 කඩුවෙන් නුඹ ජීවත් වන්නෙහි ය. සොහොයුරු හට මෙහෙ කරන්නෙහි ය. එහෙත් නුඹ ඔහු යටත් කළ විට ඔහුගේ වියගස නුඹේ කරින් ගසාදමනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 කඩුවෙන් නුඹ ජීවත් වන්නෙහි ය. සොහොයුරු හට මෙහෙ කරන්නෙහි ය. එහෙත් නුඹ ඔහු යටත් කළ විට ඔහුගේ වියගස නුඹේ කරින් ගසාදමනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

40 නුඹේ කඩුව කරණකොටගෙන ජීවත්වන්නෙහිය, නුඹේ සහෝදරයාට මෙහෙකරන්නෙහිය; තවද නුඹ නිදහසට පැමුණුණාම ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන් ගසා දමන්නෙහියයි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 27:40
17 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ ඈට කතා කොට මෙසේ වදාළ සේක: “ජාතීන් දෙකක් ඔබ කුස තුළ ඇත; දෙවර්ගයක සෙනඟක් ඔබ කුසෙන් බෙදී නික්මෙති. එක සෙනඟක් අනිකට වඩා බලවත් වෙති; වැඩිමලා බාලයාට මෙහෙ කරනු ඇත.”


මෙසේ ඒදොම්වරු අද දක්වා ජුදාවරුන්ගේ පාලනයෙන් ඉවත් වී සිටිති. තවද, ලිබ්නාවරුත් එම කාලයේ දී කැරලි ගසා ඔහුගේ පාලනයෙන් ඉවත් වූ හ. මෙසේ වූයේ, ඔහු තමාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත් හැරිය නිසා ය.


ඔහු ඒදොම්හි හැම තැන ම මුරකාර හමුදා තැබුවේ ය. සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූ හ. දාවිත් ගිය ගිය තැන්හි සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.


මෝවබ් පෙදෙස මාගේ පා දෝවන බඳුන වන්නේ ය; මාගේ පාවහන් ඒදොම් දේශයට වීසි කොට එය අයිති කරගන්නෙමි; පිලිස්තිය යටත් කොට ජය ඝෝෂා නඟන්නෙමි.”


ඔහුගේ කාලයේ දී ඒදොම්වරු කැරලි ගසා ජුදාවරුන් යටතෙන් අහක් ව තමන්ට රජෙකු පත්කර ගත්තෝ ය.


කුමක් නිසා ද ඒදොම්වරු නැවත අවුත් ජුදාවරුන්ට පහර දී සමහරුන් අල්ලාගෙන ගියෝ ය.


ඔබ හිස උදුම්වාගෙන ඒදොම්වරුන්ට පහර දුන් බව සැබෑ ය. ඔබේ සිත ද උඩඟු වී තිබේ. ඒ ගෞරවය ඔබට සෑහේ. දැන් ඉතින් ගෙදර නවතින්න. ඔබ ද ඔබ සමඟ ජුදාවරුන් ද වැටෙන ලෙස ඔබ අන්තරායට මැදි වන්නේ මන්දැ”යි ජුදාහි රජු වන අමශියාට කියා යැවී ය.


ඔහු ‘ලුණු’ මිටියාවතේ දී ඒදොම්වරුන් දසදහසක් මරා, යුද්ධ කොට සේලා අල්ලාගෙන, අද දක්වා තිබෙන හැටියට ඊට ජොක්තෙයෙල් යන නම තැබී ය.


දූතයෝ ජාකොබ් වෙත ආපසු විත්, “අපි ඔබ සොහොයුරු වන ඒසව් වෙත ගියෙමු, ඔහු ද ඔබ හමු වීමට එන්නේ ය. ඇරත් ඔහු සමඟ හාරසියයක පිරිසක් සිටිති”යි කී හ.


“මම මිහි පිට සාමය දෙන පිණිස ආවෙමි යි නොසිතන්න; සාමය නොව කඩුවක් දෙන පිණිස ආවෙමි.


ජනයෝ නුඹට මෙහෙකරත් වා! ජාතීහු නුඹට හිස නමත් වා! සොහොයුරන්ගේ අධිපති නුඹ වේ වා! නුඹේ මවගේ පුත්තු නුඹට හිස නමත් වා! නුඹට සාප කරන්නාට සාප වේ වා! නුඹට ආසිරි දෙන්නාට ආසිරි ලැබේ වා!”


එකල ඒසව් කතා කොට, “මා සොහොයුර, මට උවමනා තරම් ඇත. ඔබට අයිති දේ ඔබ ම තබා ගන්නැ”යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්