Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 25:25 - Sinhala New Revised Version

25 පළමුවැන්නා උපන්නේ ය. ඔහු රතු පාට ය, ඔහුගේ ඇඟ පුරා ම ලෝම වැස්මක් මෙන් විය. එබැවින් ඔහුට ඒසව් යන නම දෙන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 පළමුවැන්නා උපන්නේ ය. ඔහු රතු පාට ය, ඔහුගේ ඇඟ පුරා ම ලෝම වැස්මක් මෙන් විය. එබැවින් ඔහුට ඒසව් යන නම දෙන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 ප්‍රථමයා රතුව සහමුලින්ම රෝම වස්ත්‍රයක් මෙන් රෝමවලින් වැසී බිහිවිය; ඔහුට ඒසව් යන නාමය තැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 25:25
10 හුවමාරු යොමු  

එහෙත්, ජාකොබ් තම මව වන රෙබෙකාට කතා කොට, “මාගේ සහෝදර ඒසව් ඇඟ පුරා මයිල් ඇති මිනිසෙකි. එහෙත්, මම සිනිඳු හමක් ඇති කෙනෙක්මි.


සිය සොහොයුරුගේ අත් දෙක මෙන් ඔහුගේ අත් ලොම්වලින් වැසී තිබුණ බැවින්, ඔහු තම පුතා හැඳින නොගත්තේ ය. එබැවින් ඔහු ආශීර්වාද කරන්නට අරඹමින්,


ඔහුගේ අත් දෙක හා බෙල්ලේ සිනිඳු හරිය එළු හම්වලින් වසා,


ඇගේ ප්‍රසූත කාලය සම්පූර්ණ වූ විට, මෙන්න, ඇගේ කුසෙහි නිඹුල් දරුවෝ සිටියහ.


ඊසාක් මහලු වයසට පැමිණ, ඔහුගේ ඇස් ද නොපෙනෙන තරමට අඳුරු වී තිබිණි. ඔහු තම දෙටු පුත් ඒසව් කැඳවා, “පුතා” කියා ඇමතී ය. ඔහු ද, “ඇයි තාත්තේ” කියා උත්තර දුනි.


ඊසාක්ට ජාකොබ් ද ඒසව් ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරය උරුමයක් කොට දුනිමි. ජාකොබ් ද ඔහුගේ පුත්‍රයෝ ද මිසරයට ගියෝ ය.


ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේ ය. ඊසාක්ගේ පුත්‍රයෝ නම්: ඒසව් සහ ඉශ්රායෙල් ය.


මෝසෙස් කාදෙෂ්හි සිට ඒදොම්හි රජතුමන් වෙත දූතයන් යවමින් මෙසේ සැළ කෙළේ ය: “ඔබේ සගයන් වන ඉශ්රායෙල්වරුන් මෙසේ දන්වනු ඇත. අපට මූණපාන්නට වූ දුක් කරදර සියල්ල ම ඔබ දන්නෙහි ය.


තුන් වන පරම්පරාවේ දී ඔවුන්ට ලැබෙන දරුවන් හට සමිඳාණන් වහන්සේගේ සභාවට යා හැකි ය.”


“මම නුඹලාට ප්‍රේම කෙළෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. “එහෙත්, ඔබ වහන්සේ අපට කෙසේ ප්‍රේම කළ සේක් දැ”යි නුඹලා අසන්නහු ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒසව් හා ජාකොබ් සහෝදරයෝ නොවෙත් ද? එහෙත්, මම ජාකොබ්ට ප්‍රේම කෙළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්