Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 25:13 - Sinhala New Revised Version

13 පෙළපත් අනුව ඉෂ්මායෙල්ගේ පුත්‍රයන්ගේ නාමාවලිය මෙසේ ය: ඉෂ්මායෙල්ගේ කුලුඳුලා නෙබායොත් ය; ඉන්පසු කේදාර්, අද්බෙයෙල්, මිබිසාම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 පෙළපත් අනුව ඉෂ්මායෙල්ගේ පුත්‍රයන්ගේ නාමාවලිය මෙසේ ය: ඉෂ්මායෙල්ගේ කුලුඳුලා නෙබායොත් ය; ඉන්පසු කේදාර්, අද්බෙයෙල්, මිබිසාම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 තම තමන්ගේ පරම්පරා ලෙස, නම් වශයෙන් ඉෂ්මායෙල්ගේ පුත්‍රයින්ගේ නාම නම්: ඉෂ්මායෙල්ගේ කුලුඳුලාවූ නෙබායොත්ය; කේදාර්, අද්බෙයෙල්, මිබ්සාම්, මිෂ්මා, දූමා සහ මස්සාය; හදද්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 25:13
14 හුවමාරු යොමු  

කේදාර් හා නෙබායොත්හි සියලු එළු බැටළු පට්ටි පූජා කරනු සඳහා නුඹ වෙත ගෙනෙනු ලබති; උන් සමිඳුන්ගේ පූජාසනය පිට ඔප්පු කරනු ලබති. සමිඳාණෝ සිය තේජාන්විත දේව මාලිගාව අලංකාරවත් කරන සේක.


කාන්තාරය හා එහි නගර ද කේදාර්හි සිටින සෙනඟ ද සේලා නගර වැසි සියල්ලෝ ද කඳු මුදුන්වල සිට ප්‍රීති ඝෝෂා නඟත් වා!


ජෙරුසලම් වනිතාවෙනි, මා කේදාර් කූඩාරම් මෙන් කළු නමුත් රූප සම්පන්න ය; සලමොන්ගේ මාලිගාවේ තිර මෙන් ශෝභන ය.


මෙෂෙක්හි විදේශී ව සිටීම ද කේදාර්හි කූඩාරම් මැද වාසය කිරීම ද මට දුකක් ය.


සහ නෙබායෝත්ගේ සහෝදරී වූ ද, ඉෂ්මායෙල්ගේ දුව වූ ද බාසෙමත් ය.


ගිඩියොන් තවදුරටත් කතා කරමින්, “මම ඔබ හැමගෙන් ඉල්ලීමක් කරමි. ඔබ එකිනෙකා කොල්ලකෑ කුණ්ඩලාභරණ මට දෙන්නැ”යි කීවේ ය. ඔහු එසේ කීවේ, සතුරන් ඉෂ්මායෙල්වරුන් බැවින් ඔවුන්ට රන් කුණ්ඩලාභරණ තිබුණ නිසා ය.


බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් පහර දෙන ලද කේදාර් ගැනත්, හාශෝර්හි රාජ්‍යයන් ගැනත් සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹලා නැඟිට කේදාර්ට විරුද්ධ ව ඉදිරියට ගමන් කරන්න; පෙරදිග වසන ජනයා විනාශ කරදමන්න.


ඉෂ්මායෙල් ගැන කළ නුඹේ ඉල්ලීමට මම සවන් දුනිමි. මෙන්න, මම ඔහුට ද ආශීර්වාද කරමි; ඔහුට දරුසම්පත් දී, ඔහුගෙන් විශාල පෙළපතක් ඇති කරමි; ඔහුට දාව රාජ කුමාරවරු දොළොස් දෙනෙක් උපදින්නාහ. මම ඔහුගේ පෙළපත විශාල ජාතියක් බවට පත් කරමි.


ඔහු ඉෂ්මායෙල් වෙත ගොස්, තමාට සිටි භාර්යාවන්ට අමතර ව, ආබ්‍රහම් පුත් ඉෂ්මායෙල්ගේ දුව වන නෙබායොත්ගේ සහෝදරී මහලත් ද, තම භාර්යාව වශයෙන් සරණ පාවාගත්තේ ය.


බස්නාහිරින් පිහිටි සයිප්‍රසයට ගොස් බලා, නැත්නම්, නැගෙනහිරින් පිහිටි කේදාර්ට කෙනෙකු යවා, හොඳට සෝදිසි කර මෙවැන්නක් මීට පෙර වී තිබේ දැ යි කියා බලන්න.


අරාබිය සහ කේදාර්හි සියලු අධිපතීහු නුඹේ හොඳ ම වෙළෙන්දන් මෙන් සිට නුඹ සමඟ බැටළු පැටවුන් ද බැටළුවන් ද එළුවන් ද වෙළෙඳාම් කළෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්