Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 24:18 - Sinhala New Revised Version

18 “භවතාණෙනි, බොන්නැ”යි කියමින්, ඈ ඉක්මනින් කළය අතට ගෙන, ඔහුට බොන්න දුන්නා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 “භවතාණෙනි, බොන්නැ”යි කියමින්, ඈ ඉක්මනින් කළය අතට ගෙන, ඔහුට බොන්න දුන්නා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 ඈද: මාගේ ස්වාමීනි, බිවමැනවියි කියා ඇගේ කළය ඉක්මනින් අත පිටට ගෙන ඔහුට බොන්ට දුන්නාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 24:18
6 හුවමාරු යොමු  

මම යම් තරුණියක අමතා, ‘කරුණාකර, මට වතුර ටිකක් බීමට ඔබේ කළය ඇල කරන්නැ’යි කියම් ද, එවිට ඒ තරුණිය, ‘බොන්න, මම ඔබේ ඔටුවන්ටත් වතුර දෙමි’යි කියන්නී ද, අන්න ඒ තරුණිය ඔබගේ දාසයා වන ඊසාක්ගේ බිරිඳ වීමට ඔබ නියම කළ තැනැත්තිය වේ වා! මෙලෙස ඔබ මාගේ ස්වාමියාට කරුණාව දැක්වූ බව මම දැනගන්නෙමි”යි කී ය.


ඈ ද කඩිනම් කොට කළය ඇලකර, ‘බොන්න, මම ඔබේ ඔටුවන්ටත් වතුර දෙමි’යි කීවා ය. මෙසේ මා බීවායින් පසු ඈ මගේ ඔටුවන්ට ද වතුර දුන්නා ය.


ඇය එය ගෙනෙන්නට යන අතර ඔහු ඈට අඬගසා, “කරුණාකර, ඔබේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනන්නැ”යි කීවේ ය.


ඈ නැණනුවණින් කතා බස් කරයි; කාරුණික ලෙස ගුරුහරුකම් දෙයි.


අවසාන කොට ඔබ සියල්ලෝ ම එක්සිත් ව ද සානුකම්පික ව ද සහෝදර ස්නේහය ඇති ව ද සිටින්න. දයාව ද යටහත්කම ද ඇති ව සිට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්