Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 21:10 - Sinhala New Revised Version

10 එබැවින් ඈ ආබ්‍රහම්ට කතා කොට, “මේ දාසියත්, ඇගේ පුතාත් එලවා දමන්න, මේ දාසියගේ පුතු මාගේ පුත්‍රයා වන ඊසාක් සමඟ උරුමකරු නොවිය යුතු ය”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එබැවින් ඈ ආබ්‍රහම්ට කතා කොට, “මේ දාසියත්, ඇගේ පුතාත් එලවා දමන්න, මේ දාසියගේ පුතු මාගේ පුත්‍රයා වන ඊසාක් සමඟ උරුමකරු නොවිය යුතු ය”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එහෙයින් ඈ ආබ්‍රහම්ට කථාකොට: මේ දාසිය සහ ඇගේ පුත්‍රයා පිටත දමන්න. මක්නිසාද මේ දාසියගේ පුත්‍රයා මාගේ පුත්‍රයාවූ ඊසාක් සමඟ උරුමක්කාර නොවන්නේයයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 21:10
17 හුවමාරු යොමු  

වහලෙකුට පවුලේ විසීමට නිත්‍ය හිමිකමක් නැත. එහෙත් පුත්‍රයෙකුට නිත්‍ය හිමිකමක් ඇත.


මේ ක්‍රිස්තු-විරෝධීන් අපෙන් වෙන් ව ගිය නමුත් අපට අයිති ව සිටියේ නැත. ඔවුන් අපට අයිති ව සිටියා නම්, අප සමඟ නැවතී සිටිනු ඇත. එහෙත් ඔවුන් වෙන් වී ගිය කරුණෙන් පෙනෙන්නේ ඔවුන්ගෙන් කිසිවෙකුවත් අපට සැබෑ ලෙස අයිති නුවූ බව ය.


අපට නව ජීවනයක් දී, අපට ජීවමාන බලාපොරොත්තුවක් උදා කළ සේක. ඒ බලාපොරොත්තුව වනාහි සදහට ම පවත්නා උරුමයකට අප හිමිකාරයන් වීම ය. අජරාමර වූ ද, නොමැලවෙන්නා වූ ද ඒ උරුමය ස්වර්ගයෙහි ඔබ උදෙසා තබා ඇත.


මෙසේ ඔබ තවදුරටත් දාසයෙක් නොව පුත්‍රයෙකි. පුත්‍රයෙක් නම්, දේව වරමින් උරුමක්කාරයෙකි.


උරුමයක් හිමි වන්නේ ව්‍යවස්ථාවෙන් නම්, එය පොරොන්දුවේ ප්‍රතිඵලයක් නොවේ. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ඒ උරුමය දුන්නේ පොරොන්දුවක් අනුව ය.


එවිට රජතුමා කතා කොට, ‘මොහුගේ අත් පා බැඳ, පිටත අන්ධකාරයෙහි දමන්න; එහි දී විලාප කීමත් දත්මිටි කෑමත් වන්නේ ය’යි සේවකයන්ට කී ය.


පහත දක්වනුයේ ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ගේ පෙළපත ය. ආබ්‍රහම්ට දාව ඊසාක් ඉපදිණි.


එහෙත්, තම උපභාර්යාවන්ගේ පුතුන්ට තෑගි දී, තමන් ජීවත් ව සිටිය දී ම, ඊසාක්ගෙන් ඒ පුත්‍රයන් ඈත් කොට, ඔවුන් නැගෙනහිරින් පිහිටි පෙරදිග රටට යැව්වේ ය.


මෙසේ තබා ඔහු අත දිගු කොට, සිය පුතු මරනු පිණිස පිහිය ගත්තේ ය.


ආබ්‍රහම් උත්තර දෙමින්, “ඇත්තෙන් ම දෙවියන් වහන්සේට බිය ඇති කෙනෙකු මෙහි නොසිටින බැවින් මාගේ භාර්යාව ලබාගැනීමට ඔවුන් මා මරාදමනු ඇතැ යි මම සිතුවෙමි.


එහෙත්, ලබන අවුරුද්දේ මේ කාලයේ දී සාරා නුඹට උපදවන ඊසාක් සමඟ මම මාගේ ගිවිසුම පිහිටුවමි”යි වදාළ සේක.


එහෙත්, උන් වහන්සේ උත්තර දෙමින්, “සැබැවින් ම නුඹේ බිරිඳ වන සාරා නුඹට පුතෙකු ලබා දෙන්නී ය. ඔහුට ‘සිනාසීම’ යන අර්ථය ඇති ‘ඊසාක්’ යන නම දෙන්න, මම ද මාගේ ගිවිසුම, සදාතන ගිවිසුමක් වශයෙන් ඔහු සමඟ ද, ඔහුගෙන් පැවතෙන පෙළපත සමඟ ද පිහිටුවමි.


අහංකාර මිනිසා දුරින් දුරු කරන්න; එවිට තරඟය, විවාද හා අවලාද නවතිනු ඇත.


ගිලියද්ගේ භාර්යාව ඔහුට දාව පුත්‍රයන් ලැබුවා ය. ඔහුගේ භාර්යාවගේ පුත්‍රයන් වැඩි වයසට පැමිණි කල, ඔව්හු ජෙප්තාට කතා කොට, “ඔබ අන් ස්ත්‍රියකගේ පුතෙකු බැවින්, අපේ පියාගේ ගෙදර උරුමකරුවෙක් නොවන්නෙහි ය” කියා එළවාදැමුවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්