උත්පත්ති 14:13 - Sinhala New Revised Version13 එහෙත් ඔවුන්ගෙන් ගැළවී පැමිණි කෙනෙක් හෙබ්‍රෙව් ජාතික ආබ්‍රම්ට සියල්ල සැළ කෙළේ ය. එකල ආබ්‍රම් පදිංචි වී සිටියේ එෂ්කොල්ගේ හා අනෙර්ගේ සහෝදරයා වූ, අමෝරිය ජාතික මම්රේගේ ආලෝන අරඹ සමීපයේ ය. මොවුහු දෙදෙන ආබ්‍රම් සමඟ මිත්‍ර ගිවිසුමක් කරගෙන සිටියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 එහෙත් ඔවුන්ගෙන් ගැළවී පැමිණි කෙනෙක් හෙබ්‍රෙව් ජාතික ආබ්‍රම්ට සියල්ල සැළ කෙළේ ය. එකල ආබ්‍රම් පදිංචි වී සිටියේ එෂ්කොල්ගේ හා අනෙර්ගේ සහෝදරයා වූ, අමෝරිය ජාතික මම්රේගේ ආලෝන අරඹ සමීපයේ ය. මොවුහු දෙදෙන ආබ්‍රම් සමඟ මිත්‍ර ගිවිසුමක් කරගෙන සිටියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 එවිට ගැළවී ගිය කෙනෙක් ඇවිත් හෙබ්‍රෙව්වාවූ ආබ්‍රම්ට දැන්විය. හෙතෙම වනාහි එෂ්කොල්ගේ සහෝදරයාද අනෙර්ගේ සහෝදරයාදවූ අමෝරිය මම්රේගේ ආලෝන් ගස් ළඟ වාසයකෙළේය. මොව්හු ආබ්‍රම් සමඟ ගිවිසුමක් කරගෙන සිටියෝය. පරිච්ඡේදය බලන්න |
ඔව්හු ද නුඹේ හඬට සවන් දෙනු ඇත. නුඹ ද ඉශ්රායෙල්ගේ ප්‍රජා මූලිකයන් ද මිසරයේ රජු වෙත ගොස් ඔහුට කතා කොට, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අපට හමු වූ සේක. එබැවින් අපගේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන ලෙස, තුන් දවසක ගමනක්, පාළුකරයට යන්නට අපට අවසර දෙන ලෙස අපි ඔබෙන් බැගෑපත් ව ඉල්ලමු’යි කියන්න.
එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු, “මේ හෙබ්‍රෙව්වරුන් මෙහි කුමක් කරත් දැ”යි ඇසූ හ. එවිට ආකීෂ් පිලිස්තිවරුන්ගේ අධිපතීන්ට කතා කොට, “මේ තැනැත්තා ඉශ්රායෙල්වරුන්ගේ රජ වන සාවුල්ගේ සේවකයෙකු ව සිටි දාවිත් ය. මොහු දැන් කලක සිට, අවුරුදු ගණනක සිට මා සමඟ සිටියි; ඔහු මට එකතු වූ දා පටන් අද දක්වා ඔහු අතේ කිසි වරදක් මට දකින්නට ලැබුණේ නැතැ”යි කී ය.